මේවා කරන උන් අල්ලන ලේසියෙන්ම පුළුවන්.
එත් අල්ලන්නේ නැත්තේ ඇයි?
ඝාතනය කර හිස කඳින් වෙන් කර, හොඬ සහ කණක් කපා දමා ඇති වන අලියෙකුගේ හිසක් කිරිඳි ඔය ඉවුරෙන් හමුව ඇතැයි වාර්තා වේ.
එත් අල්ලන්නේ නැත්තේ ඇයි?
ඝාතනය කර හිස කඳින් වෙන් කර, හොඬ සහ කණක් කපා දමා ඇති වන අලියෙකුගේ හිසක් කිරිඳි ඔය ඉවුරෙන් හමුව ඇතැයි වාර්තා වේ.
දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා.
වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි.
දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.
Last edited:


