වාහනේට පූසෙක් යට උනා බන්😔

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,877
    113
    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
    පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
    හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
    😔😔😔
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔව ඔහොම තමයි බන්
    උබෙ වාහනෙට නෙමෙ නම් මොකක් හරි වාහනෙකට ඌ යට වෙනව
    උබ හිතල කලෙත් නැ නෙ උබට කරන්න දෙකුත් නැ
    අපෙ අතින් අපි නොදැනුවත්ව සත්තු කියක් මැරෙනව ඇද්ද බන් දවසකට
    හිතට අමාරු නම් එ පුස වෙනුවෙන් දානයක් දිපන් බලු කපුටු
    එ පින් අනුමොදන් කරපන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඔච්චර පූසො ගැන හොයන, බලන උබටම ඔහොම උනා කියන්නෙ, ඕක වලක්වන්න තිබ්බ එකක් නෙවෙ බන්
    පූස ගෙනාපු ආයුස ඉවරයි

    හිතල කරෙ නෑනෙ බන්, ඕව වෙනව ඉතින්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    පූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
    අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    පූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.

    අනේ මගුල

    අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්

    මේක හරි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    ඕව ඔහොම තමා. උන් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.මොකකට හරි බයවෙලා පන්න නම් අපහු හැරෙන්නේ නෑ.ඒක උගේ පුහුණු කරපු ක්‍රමේ වැරැද්ද. අපේ එකෙක් ඉන්නවා ඌ හදන්නේ මම නෙමේ. ඌ පාරට යන්නේ නෑ.බල්ලන්ට බය නෑ.ඌරෙක් වගේ ඉන්න නිසා බල්ලෝ මගාරිනවා.
    උඹ බැලුවද සතාට මොකද උනේ කියල ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,877
    113
    ඕව ඔහොම තමා. උන් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.මොකකට හරි බයවෙලා පන්න නම් අපහු හැරෙන්නේ නෑ.ඒක උගේ පුහුණු කරපු ක්‍රමේ වැරැද්ද. අපේ එකෙක් ඉන්නවා ඌ හදන්නේ මම නෙමේ. ඌ පාරට යන්නේ නෑ.බල්ලන්ට බය නෑ.ඌරෙක් වගේ ඉන්න නිසා බල්ලෝ මගාරිනවා.
    උඹ බැලුවද සතාට මොකද උනේ කියල ?
    මට ගිහින් බලන්න හිතට හයියක් නෑ බන්.මල්ලි හිටිය වාහනේ.ඌ බලල ආව.මැරිල බන්.‍

    ඔච්චර පූසො ගැන හොයන, බලන උබටම ඔහොම උනා කියන්නෙ, ඕක වලක්වන්න තිබ්බ එකක් නෙවෙ බන්
    පූස ගෙනාපු ආයුස ඉවරයි

    හිතල කරෙ නෑනෙ බන්, ඕව වෙනව ඉතින්
    ඒක තමා බන් මටත් ඉවසන්න බැරි
    ------ Post added on Dec 4, 2023 at 9:56 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    මට ගිහින් බලන්න හිතට හයියක් නෑ බන්.මල්ලි හිටිය වාහනේ.ඌ බලල ආව.මැරිල බන්.‍
    හරි ,මිනියට මොකද කලේ ? වැලලුවද ? පාරේ දාල ආවද ? පාරේ දාල ආව කියල කියන්න නම් එපා :ROFLMAO:
     
    • Like
    Reactions: thesasindu

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    මටත් පුතා එක්ක ගමනක් යනකොට පුසෙක් යටවුන. ස්ලෝව් කරලත් ගත්තේ පාර අයිනේ හිටපු නිසා. පුතයි මමයි එකතුවෙලා උව ගෙදර ගෙනත් වැලලුව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,709
    1
    8,877
    113
    හරි ,මිනියට මොකද කලේ ? වැලලුවද ? පාරේ දාල ආවද ? පාරේ දාල ආව කියල කියන්න නම් එපා :ROFLMAO:
    පාර මැද්දෙ දාල ආවෙ නෑ.අයිනෙන් තියල ආව.වලලන්න නම් කොහොමත් විදියක් නෑ බන්.‍