ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.



පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.