exhaust fan එකට වැඩිපුර කරන්ට් එක යනවා මොකද ඒක දිගටම වගේ දාල තියන්න ඕන. සාමාන්‍ය ෆෑන් එක අපි ඉන්න වෙලාවට විතරයි දාල තියන්න ඕන
exhaust ෆෑන් එකෙන් කරන්නෙ කාමරේ තියන රත් වෙලා තියන වාතය ටික එලියට ඇදලා දානවා, රත් වුනු වාතය නිකන්ම උඩට යනවා සහ රත්වෙන්නෙ වහලෙන් නිසා ඒ ටික තියෙන්නෙ කාමරේ වහල කිට්ටුව, ඒක නිසා exhasut ෆෑන් එක වහල කිට්ටුවෙන් තමයි හයි කරන්නෙ.
මේකෙන් එලියට යන වාතය ටිකට හරියන්න අලුත් වාතය කාමරේ ඇතුලට එන්න කාමරේ සිදුරු හරි ලූවර් දාපු ජනේල හරි මොනවා හරි තියෙන්න ඕන. මේ දෙක කාමරේ දෙපැත්තෙ තියෙන්න ඕන එතකොට කාමරේ ඇතුලෙ හොඳ air circulation එකක් වෙලා ඉක්මනට කූල් වෙනවා
වැදගත්ම දේ තමයි කාමරේ පිට තියෙන්නෙත් රත් වෙලා තියන වාතය නං exhast fan වලින් ලොකු තේරුමක් නැහැ
උදාහරනයක් විදියට, කාමරේ එලියෙ තියෙන්නෙ කොන්ක්‍රිට් කරපු පොලවක් සහ වටේට තාප්පයක් වගේ තියනවා නං එලියෙ තියන වාතයත් රත්වෙලා තියෙන්නෙ. එතකොට තේරුමක් නැහැ. වටේ ගස් තියන ලොකු ඉඩමක් වගේ තියනවා නං හොඳට හුලඟ තියනවා නං නිතරම කූල් වෙලා තියන වාතය ඇතුලට එන්න, එතකොට exhast fan එක හොඳයි.
ගෙදර වහල ස්ලැබ් එකක් නං රෑට නං රස්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ, exhast fan එක සුපිරියට වැඩ කරනවා, මොකද රෑට එලියෙ වාතය ගොඩක් කූල් සහ රස්නෙ වාතය ටික එලියට ගියාම ගොඩක් කූල් වාතය ටිකක් ඇතුලට එනවා