විදුලි බිල වැඩි කිරීමෙන් ලංවිමය ලද ලාභය - රු. කෝටි 6000
එම ලාභය ලැබීමට විදුලිය විසන්ධි කළ පාරිභෝගිකයන් ගණන - 1,069,539
* සාමාන්‍ය ගෘහස්ත පාරිභෝගිකයන්
* සුළු ව්‍යාපාරිකයන්
* ආගමික ස්ථාන
බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ගණන - 1212
ඔවුන් විසින් නොගෙවා පැහැර හැරුණු බදු මුදල - රු. කෝටි 95,000
බදු නොගෙවා පැහැර හරින ජාවාරාම්කාර ව්‍යාපාරිකයන්ගේ බදු අයකර ගැනීම වෙනුවට අහිංසක දිළිඳු විදුලි පාරිභෝගිකයන් පෙළන ආණ්ඩුවක්..!
විදුලි ඒකක 35 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 18
විදුලි ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 60
රු. 3000 ක් ගෙවා ගැනීමට අපහසු දිළිඳු පාරිභෝගිකයාට තවත් රු. 2500ක් විදුලි බිලට එකතු කිරීම සාධාරණ ද?
විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට නොමිලේ විදුලිය සැපයූවත් ලංකා විදුලිබල මණ්ඩලයට 2023 ලාභ ලැබිය හැකිය.
විදුලි ඒකක 30 සහ 60 ට ඩු පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන් සහනයක් අවශ්‍යයි.