ගෝඨාට ඇති අභියෝගය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොළොන්නරු යුගයේදී සඳකඩපහනෙන් ගවයා ඉවත්කිරීමට ප්‍රධානතම හේතුව හින්දු ආගමිකයින්ගේ ගවයාට ඇති ආදරය නිසා ඇතිවූ සහජීවන කැපකිරීමක් කියලා කියෙව්වා. අපි දැන් හරක් මරාගෙන මරාගෙන යන්න අවසර දෙන්නේ මුස්ලිම් ජනයාට ඇති ආදරය නිසා කරන සහජීවන කැපකිරීමක් කියලා හිතෙනවා.
    ඒ නිසා වැඩිකල් නොගොස් අපේ නායකයො තිරුපති යන එක නවත්වලා හයිද්‍රාබාද් මස්ජිද් යන්න හිතුවනම් හොඳයි. සහජීවනය වගේම ඡන්ද ගැනත් හිතලා
    මරන්න හරක් දෙන්නෙත් සින්හල උන්ම නෙ. මුස්ලිම් අය හරක් ඇතිකරන්නේ නෑ නේද
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මරන්න හරක් දෙන්නෙත් සින්හල උන්ම නෙ. මුස්ලිම් අය හරක් ඇතිකරන්නේ නෑ නේද


    ඔව්. කන්නෙත් මුස්ලිම් අය විතරක් නොවෙයි. මම නම් වරදක් දකින්නේ නැහැ ඉල්ලුමට සැපයුම ගැන හිතුවම. මුදල් වල අවශ්‍යතාවය තිබෙන අයට අදාල නැහැ වෙන කතා.
    ශ්‍රී ලංකාව රටක් විදියට සහ බහුතර ජනතාවක් විදියට හරක් මරන්නේ නැති රටක් බවට පත්වෙනවනම් හරක් මස් කන්නේ මොන ජාතියද විකුණන්නේ මොන ජාතියද කියන දේ අදාළ වෙන්න උවමනාත් නැහැ.




    ඒ වගේම දැන් තිරුපති ගිහින් ප්‍රාර්ථනා ඉටු වෙනවා කියලා හිතෙන දේශපාලකයෝ අනාගතේ මස්ජිද් වල අල්ලාහ් පිහිටෙන් රට පාලනය කරන්න වරම් ඉල්ලාවි
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    විමල් වේරවන්ශ ගෝටාගේ ගමනට අභියෝගයක් වේවි

    Rzigjnn.png

     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:

    බදුර්දීන් BUMP​
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝඨාට ඇති අභියෝගය පහසු නැත. එය ගෝඨා නොව ඕනෑම මහින්දගේද නිර්දේශයෙන් එන අපෙක්ෂකයෙකුට ඇති අභියෝගයයි. ගෝඨා සුදුසුම වන්නේද මේ හෙතුවෙනි. ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.
    ගෝඨාට අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ඡන්ද අවශ්‍ය නැත. ඒ තරමට දේශයට හිතෛශි සිංහල දෙමළ මුස්ලිමුන් ඔහුට සහයට ඇත.


    GOTA, you must win the challenge

    GOTA, you must win the challenge
    😭😭😭
    ------ Post added on Apr 8, 2021 at 10:36 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ත්‍රස්තවාදින්ට සහ අන්තවාදින් මර්ධනය කරල හැමෝටම නිදහසේ පාරෙ බැහැල යන්ඩ පුලුවන් රටක් හැදුවනම් හොදටම ඇති ගෝඨ ඇවිල්ල..:cool::cool:
    mecharai kiyanawawe muta one une
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාට ඇති අභියෝගය - පුකෙන් හිනාවෙන emoji නැද්ද බන්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කොහොමහරි හිරේ නොගිහින් පෙන්ශන් එකෙන් ජීවත්වෙන එක තමයි ප්‍රධානම අභියෝගය
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,050
    15,099
    113
    ගෝඨාට ඇති අභියෝගය

    ගෝඨාට ඇති අභියෝගය

    Gotabaya-Rajapaksa-Pic-via-Twitter-@GotabayaR.jpeg

    මහින්ද 2015 වසරේදි දෙවරක්ම පරාජය විය. රනිල්, සිරිසේන ඇතුලු කණ්ඩායමක ජයග්‍රහණය කිරීම මහින්දගේ පරාජය ලෙස යමෙකු හඳුනාගනු ඇත්නම් මා එයට එකඟ නොවෙමි.
    මහින්ද පරාජය වූයේ ඔහුට හිමිව තිබූ ලක්ෂ ගණනක හදවත් අහිමි කරගැනීමෙනි. ඒ මහින්දගෙන් ඉවත්වූ හදවත් බහුතරය සිංහලයන් නොවූවද සින්හලයන්ද දායක වූ බව මාගේ කියවීමයි.
    බැසිල් සහ මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් සිංහලයන්ගේ ඡන්ද දොර මුල්ලට දැමූ බව අප කාටත් පැහැදිලි විය. විල්පත්තුව මුස්ලිමුන්ගේ උරුමයක් බවට පත්කරවූයේ බැසිල් සමග ජනාධිපති කාර්ය සාධක බලකායයි. බැසිල්ට තිබුනේ අන්තගාමීන්ගේ ඡන්ද ගොඩ අත්පත්කරගැනීමය. මහින්දට ඉතිරිවන්නේ දේශප්‍රේමීත්වයේ වචන ජන හද තුල ජනිත කොට "ඔබේ ජනපති ඔබ සමගයි" , "සංවේදී අප්පච්චී" ලෙස නිද්‍රාවට පත්කිරීමයි.

    එහෙත් "ගෝඨභය" වෙනස්ය. ඔහු ක්‍රියාවෙන් ජාතිකත්වය, ජාති හිතෛෂීබව, ප්‍රායෝගික බව, දර්ශනය ඔප්පු කළේය. ඔහුට මහින්දගේ පුටුව, අගමැති පුටුව උවමනා උනේ නැත. සහෝදර ජනාධිපතිගෙන් අවශ්‍ය නිදහස නම් ලැබුණු බවනොකීමට අකෘතඥ නොවෙමි. ගෝඨාභයගේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයකි.

    2015 දී මහින්දට විරුද්ධව ඡන්දය දුන් පිරිසෙන් යම් ප්‍රතිශතයක්, ගෝඨාභයට කැමතිම නැත. ඔවුන්ට ගෝඨාභය සුදු වෑන් මෙහෙයවූවෙකි. මම ඒ අයට මේ දේ කියමි. ඔබ කියන තරම් සුදු වෑන් සිද්ධි වූවා නම් නඩු කීයක් නම් සුදුවෑන් වලින් අතුරුදන්වූවොන් වෙනුවෙන් වැටෙනු ඇත්ද? හොරකම් කල අයට නඩු නොවැටෙන්නේ ඒවා ජනතා මුදල් නිසා සෘජුව ජනතාවට නොදැනෙන හෙයින්. එහෙත් තම හිතවතෙකු අතුරුදන් වූවෙකු නඩු නොදාවිද? මා ඇත්ත නොදනිමි. ඔබට එය ඇත්තක් බව ඔප්පු වී නොමැති නිසා ඒ අදහසෙන් මිදීමට කාලයයි.

    ඉහත පූර්විකාව ලිව්වේ ගෝඨාට කැමති සහ අකමැත්තෙන් සිටි සියලු දෙනා වෙනුවෙනි. ඒ අතීතයයි.

    වර්තමානය නම් ගෝඨා මීළඟ ජනපති අපෙක්ෂකයා වීමයි.

    අනාගතය ගෝඨා සිරිසේනගෙන් හිස්වන ජනපති පුටුව භාරගැනීමයි. යූ.එන්.පී. ජවිපේ, අන්තගාමීන්ගේ සහය ලැබෙන පොදු අපෙක්ෂකයෙකුට හෝ ඒ ඒ අපෙක්ෂකයකුට පරාජය හිමියි. ඒ ගෝඨාභය මෙන් ජනතාවගේ ඉල්ලීමක් ඔවුන්ට ලබාදිය නොහැකි බැවිනි...

    ගෝඨාට ඇති අභියෝගය පහසු නැත. එය ගෝඨා නොව ඕනෑම මහින්දගේද නිර්දේශයෙන් එන අපෙක්ෂකයෙකුට ඇති අභියෝගයයි. ගෝඨා සුදුසුම වන්නේද මේ හෙතුවෙනි. ඒ මහින්දගේ කූඬැල්ලන්ට යටත් නොවී සිටීමට හැකි පෞර්ෂයයි. ගෝඨා ඒ පෞර්ෂය රැක ගන්නා තුරු ගෝඨාත් ගෝඨාගේ විෂන් එකත් රැකෙනු ඇත.
    ගෝඨාට අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ඡන්ද අවශ්‍ය නැත. ඒ තරමට දේශයට හිතෛශි සිංහල දෙමළ මුස්ලිමුන් ඔහුට සහයට ඇත.

    ගෝඨාට ඇති අභියෝගය ඔහු ජයගත හොත් රටට හොඳක් වනු ඇත. මහින්ද රනිල් සිරිසේන චන්ද්‍රිකාලාගේ තවත් පාලනයක් රටට වෙනසක් නොකරනු ඇත
    :love2: :love2: