අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා
වත්තල - 12500
තලවතුගොඩ - 9500
ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ?
කොස්ට් එක පිටුපස ඉතින් තියනවා කතාවක්. අමුද්‍රව්‍ය ගිනි ගනන්, තාක්ෂණික මෙවලම්, පළපුරුදු රසායනාගාර පරික්ෂකයන් වගේ කතා ගොඩක්. නියාමනය ගැන ගැටලු තියනවා..නමුත් රජයත් ඕකට ඩිරෙක්ට් අත නොදාන හේතු තවත් ගොඩක් තියනවා. සිස්ටම් එක සස්ටෙන් කරන එක ලොකු වැඩක්.
හැමදේම අඩු මුදල මතම දුවන්න බැ. කිසිම දෙයක. අඩුම ටෙන්ඩරය හොදම ටෙන්ඩරය වෙන්නේ නැ. අපිට රටක් හැටියට වැරදුන තැන. ගාන අඩුවට පෙන්නුවාම මිනිස්සු රවට්ටතැහැකි කියලා රජයත් ඇමතිත් දන්න රටක් මේක. අන්තිමේදි පාටකරපු වතුරත් දෙන තැනට ආවේ ඔය කොලිටි මොනාද ගාන අඩුවට දිපන් මානසිකත්වය.
ඒ සමගම කතා කරන්න, රජය නොමිලේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් කොච්චර වියදමක් දරනවාද කියල.රටක් වශයෙන් මේ සිස්ටම් එකෙන් කොච්චර දෙයක් කරනවාද කියලා. බනින්න කලින් හිතන්න නැවත.
ඒ වගේම පෞද්ගලික සෞකය අංශ කොච්චර රටට ඕනාදත් කියල. පෞද්ගලික අංශ යටතේ
ඇතිහැකි අය මේ විදිහට පරික්ෂණ හා සායන කරගෙන රාජ්‍ය සේවයේ බර හැල්ලු කලේ නැත්තම් ඒකත් අන්තිමේදි කැරකිලා රජයටමයි, ඒ කියන්නේ ඔබටමයි. බර කියන්නේ මුදල විතරක්ම නෙවෙයි, දිනකට එන මානවයන් ගාන.
කලබලේ වැඩ එක්ක අකුරු අමුනන්නනේ. නොගැලපෙන තැන් පැහැදිලි කරන්නම් පස්සේ.