මුහුණේ ලප කියනා ඔබේ ගති ලක්ෂණ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුහුණේ ලප කියනා ඔබේ ගති ලක්ෂණ​

    සමාජයේ වෙසෙන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම මුහුණේ විවිධ ලප දක්නට තිබේ. ‍බොහෝ විට උපන් ලප වැනි

    කළු ලප දුඹුරු , රතු , නිල් වැනි පාට වලින් දැකිය හැකි ය. මේ ලප ප්‍රමාණ ද විවිධ ව පිහිටන අතර මෙයින් සමහර ලප නිසා මුහුණේ ලස්සන වැඩි වේ. ඒවා මුහුණ අව ලස්සන කරයි.
    කෙසේ වෙනත් දේහ ලක්ෂණ විද්‍යාවේ දී මුහුණේ පිහිටන ලප අනුව ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම ගති ලක්ෂණ හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

    *නළලේ පිහිටි ලපය
    නළලේ කළු පාට උපන් ලපයක් පිහිටන තැනැත්තත් නපුරු ගති ඇති අය ය. උපන් ලපය දුඹුරු පැහැයෙන් යුක්ත නම් එම පුද්ගලයන්ට නිතර රෝග සෑදෙන බව කියයි.

    *ඇහිබැම මත පිහිටී ලප
    දකුණු ඇහි බැමේ පිහිටි ලප ඇති අයගේ සියලු කටයුතු සාර්ථක වන අතර වාසනාවන්ත විවාහයකටද හිමිකම් කීමේ වාසනාව උරු‍ම‍ වේ. වම් ඇහි බැමේ ලප පිහිටි පුද්ගලයන්ට දුක් ඇති වීම මෙන්ම රෝග බෝවීමේ ඉඩකඩ ද වැඩි වේ.

    *ඇහි පිහාටුව මත ලප පිහිටීම
    දකුණු ඇහි පිහාටුව මත ලපයක් පිහිටීම වාසනාව,ධනය ලැබීම හා භාග්‍ය උදාකරවන්නක් බවට විශ්වාස කරයි. නමුත් මේ අය බොහෝවිට වංචාකරුවන්ගේ ප්‍රයෝග වලට අසුවීමේ ඉඩකඩ වැඩි ය. මෙහෙකරුවන් මෙන්ම පහත් අය ඇසුර නිසා නින්දා අපහාස ලබනු ඇත.

    *ඇස කෙළවර ලප පිහිටීම
    වම් ඇස කෙළවර ලපයක් පිහිටීම නිසා ස්ත්‍රින්ට පුරුෂ පක්ෂයෙන් කරදර ඇති වන අතර විවාහයටද බාධා පැමිණේ . දකුණු ඇස කෙළවර මෙවැනි ලපයක් ඇත්නම් පිරිමියකුගේ විවාහ ජිවිතය වාසනාවන්ත වේ. මෙවැනි උපන් ලපයක් ඇති ස්ත්‍රියකට ලැබෙන විවාහක පුරුෂයා කරුණාවන්ත වාසනා ගුණය ඇති අයෙකු වේ.

    *නාසයේ ලප පිහිටීම
    නාසයේ දකුණු පැත්තේ ලපයක් පිහිටීමෙන් දුක් ඇති වීම බලාපොරොත්තු කඩවිම් සිදු වේ. මේ ලපය කළු පැහැති නම් එම පීඩාකාරි ගති වැඩිවන අතර දුඹුරු පැහැ ලපයක් නම් එම තත්ත්වය අඩු කරවන බව කිව හැකි ය. නාසයේ වම් පැත්තේ ලපයක් පිහිටියේ නම් ක්‍රීඩාවට මෙන්ම ආහාර වලට ද ප්‍රියතාවයක් ඇති කරයි.

    *මුඛයේ ලප පිහිටීම
    මුඛයේ දකුණු කෙළවරේ ලප‍යක් පිහිටිම වාසනාවන්ත විවාහ ජිවිතයකට හිමිකම් කියන අතර දිර්ඝායුෂ ඇති වීමට සහ බොහෝ ‍දරුවන් ලැබීමටත් මෙය හේතු වේ. මුඛයේ වම් කෙළවරේ පිහිටි උපන් ලපයක් ඇති තැනැත්තා කෙළි සෙල්ලම් සඳහා ප්‍රියතාවයක් දක්වයි.

    *තොළෙහි ලප පිහිටීම
    උඩු තොලේ දකුණු පස ලපයක් පිහිටි විට විවාහය තරමක් ප්‍රමාද වන නමුත් වාසනා ගුණය ලැබෙන අය වේ. උඩු තොළෙහි ලපයක් පිහිටීමෙන් ධනවත් වේ.බොහෝ ආදර සම්බන්ධතා ඇති වෙයි. මේ ලපය කළු පාට නම් අපවාද ලබන්නට සිදු වන්නියකි. පුරුෂයෙකුට මෙවැනි ලපයක් ඇත්තම් බාල කාලයේ සිටම උත්සාහවන්තව කටයුතු කර ධනය,සැප සම්පත්,කිර්ති ප්‍රශංසා ලබන අයෙකු වනු ඇත. යටි තොලේ දකුණු පැත්තේ ලපයක් පිහිටීම අධික කාමුක හැඟීම් ඇති ස්ත්‍රි පුරුෂයන් ජනිත කරයි. නමුත් වාසනාවන්ත විවාහයකට හිමිකම් කියයි.

    විදේශ රැකියාවක නියුතු ‍අයෙකු බොහෝ විට විවාහයට ලැබෙනු ඇත. නො එසේ නම් තැනින් තැන රැකියාව මාරු කරමින් ගත කරන අයෙකු වනු ඇත.

    *කනේ ලප පිහිටීම
    දකුණු ‍කනේ ලපයක් පිහිටීම සැප සම්පත් හානි වීම සහ ශෝකය දුක ඇති වීම පෙන්වන්නකි. නෑයන්ගෙන් වෙන්ව දිවි ගෙවීමටද සිදුවනු ඇත. විදේශ ගත වීම ද ඇතිවේ.වම් කනේ ලපයක් පිහිටීම කරදර ඇතිවීම භයානක තුවාල ඇතිවීම සහ රුදුරු මරණයකට ද ගොදුරු වීම ද පෙන්නුම් කරයි.​



    *කම්මුලේ ලප පිහිටීම​

    අසම්මත විවාහයකට උරුමකම් කියයි. ඇඟට පතට නොදැනි බොරු කීමේ සහජ හැකියාවක් පවතින නමුත් කුහකත්වය නිසාම සමාජ වෛරයකින් පෙලෙයි.​

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    *කම්මුලේ ලප පිහිටීම​

    අසම්මත විවාහයකට උරුමකම් කියයි. ඇඟට පතට නොදැනි බොරු කීමේ සහජ හැකියාවක් පවතින නමුත් කුහකත්වය නිසාම සමාජ වෛරයකින් පෙලෙයි.​

    මේක තමයි හෙව්වෙ 😂😂
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේක තමයි හෙව්වෙ 😂😂

    *කම්මුලේ ලප පිහිටීම​

    අසම්මත විවාහයකට උරුමකම් කියයි. ඇඟට පතට නොදැනි බොරු කීමේ සහජ හැකියාවක් පවතින නමුත් කුහකත්වය නිසාම සමාජ වෛරයකින් පෙලෙයි.​


    ANURA KUMAARA
     
    • Haha
    Reactions: sakuntha1996

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113

    දකුණු ඇහි බැමේ පිහිටි ලප ඇති අයගේ සියලු කටයුතු සාර්ථක වන අතර වාසනාවන්ත විවාහයකටද හිමිකම් කීමේ වාසනාව උරු‍ම‍ වේ. :lol: :angry: