.
බැදුම්කර මගඩියට
අවුරුදු නමයයි...!
පාඩුව බිලියන විස්සයි...!
කුප්‍රකට බැදුම්කර වංචාව සිදු වී පෙබරවාරි විසි අටවන දා ට වසර නමයක් සපිරේ.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් 2019 වසරේ දී වෝහාරික විගණනයක් අරඹන ලද අතර, එම වෝහාරික විගණනයෙන් කරුණු රැසක් හෙළි විය.
ආන්දෝලනාත්මක බැදුම්කර වංචාව හේතුවෙන්, 2002 - 2015 අතර කාලයේ දී බැදුම්කර වෙළදපොලේ සිදු වූ ගණුදෙනුවලින් රුපියල් බිලියන දහයකට ආසන්න මුදල් ප්‍රමාණයක අලාභයක් සිදුව තිබේ.
එමෙන්ම, මෙම වෝහාරික විගණන වාර්තාවට අනුව, බැදුම්කර වංචාව කොටස් වෙළද පොළට සිදු කර තිබෙන බලපෑම මත, එහි සිදු වී ඇති අලාභය ද රුපියල් බිලියන දහයකට ආසන්න අගයක් ගනී.
ඒ අනුව, කුප්‍රකට බැදුම්කර මගඩියෙන් සිදුව ඇති සමස්ත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න වේ.
