🔴 මාලිමාව ඉන්දියාවට සහ චීනයට අනතුරු අගවයි..🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Sunil-Hadunnetti-2022.03.25-768x401.jpg




    ඉදිරියේදී ජාතික මැතිවරණයන් පැවැත්වෙන නිසා රාජ්‍ය දේපළ විකිණීම වහා නවත්වන ලෙස රජයට බල කර සිටින බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

    වර්තමානයේ මිලදී ගන්නා රාජ්‍ය දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජයකදී තීරණ ගැනීමට සූදානම් බවද ඒ නිසා එවන් දේපළ මිලදී ගැනීමට පෙර නැවත සලකා බලන ලෙස ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.

    ශ්‍රී ලංකා ගුවන් සේවය ටෙලිකම් විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය දේපළ විකුණා දමන්නේ මීළඟ මැතිවරණයේදී පරාජය වන බව ස්ථිරවම දැනගෙන කොමිස් ගසා කෑමට බවද ඔහු පෙන්වා දෙයි.

    පවතින රජයට රාජ්‍ය සම්පත් රාජ්‍ය ආයතන හෝ ව්‍යාපාර විකිණීමට ජනවාරමක් නැති බවද පැවසූ ඔහු අවසන් පැයේදී දේපළ කඩිමුඩියේ විකිණීම රජය නතර කටයුතු බවද කියා සිටී.

    ඉදිරියේදී ජාතික ජන බලවේගය බලයට පත්වන්නේ එවන් ගනුදෙනුවට එරෙහිව තීරණය ගැනීමේ බලය සමග සමග වන බැවින් මෙම දේපළ ගැනීමට උනන්දුවක් දක්වන චීනය හෝ ඉන්දියාව ඇතුළු ඕනෑම පාර්ශවයක් එම ගනුදෙනු නැවත සලකා බැලිය යුතු බවද අවධාරණය කලේය.

    රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා මේ මාස දෙක තුන තුළ සූදානම් වෙනවා මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න. ඔවුන් දන්නවා ඔවුන්ට නැවත බලය ලබාගන්න බැහැ කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කන්ඩෙම් කර, විකුණන්න නිමල් සිරිපාල කැසකවමින් ඉන්නවා. ලෝකයේ වටිනාම ගුවන් ගමනාන්තයක් තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ලෝකය තුළ නිමල් සිරිපාල ඇමතිවරයා මාධ්‍යවලට ඇවිත් අවිශ්වාසයක් ඇති කරනවා. මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකුණා දැමීමටයි. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය කන්ද භාණ්ඩාගාරයට භාර ගන්න කියා ඉල්ලනවා. ඒ ගොල්ලන්ගේ දූෂිත ගුවන් බස් ගනුදෙනු, රාජපක්ෂවරුන්ගේ ඥාතීන් දමාගෙන බලු පැටව් ගේන්න නාස්තිකාරී ගුවන් යානා යවපුවා තිබෙනවා. එයාර් බස් ගනුදෙනුවෙන් කපිල චන්ද්‍රසේනලා පගාව ගත්ත බව එංගලන්තයේ අධිකරණයෙන් අනාවරණය වූ බව අපි දන්නවා. ඒවා මේ රටේ ජනතාවගේ ණය හෝ දඩ නොවෙයි. ඒ බර භාණ්ඩාගාරයට බාර දීලා, නිමල් සිරිපාලට කොමිෂන් ගන්න විකුණන්න ලැහැස්ති කරනවා. ඒ සමගම විදුලි බල මණ්ඩලය අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. වෘත්තිය සමිති අක්‍රිය කර, අයිතිවාසිකම් පාගා දමා, ලාභ ලබන විදුලි බල මණ්ඩලය විකිණීමට සූදානම් වෙනවා. කංචන විජේසේකර දන්නවා මේ රටේ ජනතාව එයාව තෝරා නොගන්නා බව. ඒ නිසා විදුලි බල මණ්ඩලය විකුණලා ගාණක් සොයා ගන්න උත්සාහ ගන්නවා.

    ටෙලිකොම් එක, ගෑස් එක විකුණන්න සූදානම් වෙනවා. මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ව්‍යාපෘතිය අදානිලාට දෙන්න සාකච්ඡා කරමින් තිබෙනවා. මන්නාරම ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. එය අධි සංවේදී ප්‍රදේශයක් හැටියට ජාත්‍යන්තරව හඳුනාගත් සංචාරක කුරුල්ලන් යන තැනක්. මිලියන 15ක පමණ සංචාරක කුරුල්ලන් අවුරුද්දකට ලංකාව හරහා ගමන් කරනවා. මේක කියන්නේ “ග්ලෝබල් බයොලොජිකල් සෙන්ටර්” එක සමීක්ෂණයක් අනුව කරන ලද ප්‍රකාශයක්. ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයන් සමීක්ෂණය කර තිබෙනවා. එවැනි තැනක සුළං බලාගාර හදන්න යනවා. අක්කර 10,000ක් පමණ මිනිසුන් පදිංචි ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 25කට ඩොලර් ශත 97ක ස්ථාවර මිලකට සුළං බලය මිලදී ගන්න සැලසුම් හදා තිබෙනවා. මෙය දැන් ඩොලර් ශත 22කට ගත හැකි දෙයක්. අපට 2044 වෙනකම් මිලදී ගැනීමට සිදුවෙනවා.

    මේ රටේ පාර්ලිමේන්තුවවත්, අධිකරණයවත්, මේ රටේ ජනතාවවත් මේවා මේ ආකාරයෙන් විකුණන්න රනිල්ට බලය දීලා නැහැ. ඔහු ජන වරමක් නැති ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයකට මාස පහක්, හයක් තිබියෙදී මේ ආකාරයට වෙන්දේසි සූදු කරනවා නම්, අනාගත පරම්පරා ගණනකට වගකියන්න තිබෙන බලශක්තිය, ගුවන් සේවය සහ අනෙකුත් ආයතන විකිණීමේ තීරණ ගන්න හදනවා නම්, මේ රටේ ජනතාවට ඒවාට විරුද්ධ වෙන්න ඕනෑ. ඒවගේම මේ මිලදී ගන්න හදන්නේ ජනවරමක් නැති ආණ්ඩුවකින්. ඊළඟට එන්නේ ජනවරමක් තිබෙන ආණ්ඩුවක්. ජනවරමක් තිබෙන ආණ්ඩුවලට සම්පූර්ණ ජනතාව බලය පවරනවා, ඔබ මිලදී ගත්ත දේවල් පිළිබඳව තීරණ ගන්න. ඒ නිසා ඒගැනත් සැලකිලිමත් වෙන්න කියා මිලදී ගැනීම්වලට ලංසු තබන අයට ඉල්ලීමක් අපි කරනවා. මේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ හවුල් පාලනයට තවදුරටත් ජනවරමක් නැහැ අපේ සම්පත් විකුණන්න. මේ ජනවරමක් උරගා බලන්න සූදානම් වෙන මොහොතේ, මේ කොයි ක්‍රමයකින් හෝ විකිණීමට, මිලදී ගැනීමට සූදානම් වෙනවා නම්, ඒකේ ගනුදෙනුව බේරා ගන්න වෙන්නේ ඊළඟ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. ඒ නිසා මේ ගනුදෙනුවලට ඔබ ලැහැස්ති වෙන්න එපා. මේ අපේ රටේ සම්පත් විකුණන්න සූදානම් වෙන ගනුදෙනු වහාම නතර කළ යුතුයි. ආණ්ඩුවට විකිණීමට ජනවරමක් නැහැ. පෞද්ගලික අංශය ශක්තිමත් කරනවාය කියන එකයි, රාජ්‍ය සම්පත් විකුණනවා කියන එකයි එකක් නොවෙයි; ක්‍රියාවලීන් දෙකක්.”

    -LCN-



    පිටරට්ටුන් දැක්කම උන්ට බයේ බයේ පයිය සූප්පු කරන තරමට නැවෙන්නේ නැති පිටකොන්දක් තියන මෙහෙම සිංහනාද කරන්න පුලුවන් එකම පක්ෂේ මාලිමාව විතරයි... 8-) 8-) 8-)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    පිටරට්ටුන් දැක්කම උන්ට බයේ බයේ පයිය සූප්පු කරන තරමට නැවෙන්නේ නැති පිටකොන්දක් තියන මෙහෙම සිංහනාද කරන්න පුලුවන් එකම පක්ෂේ මාලිමාව විතරයි... 8-) 8-) 8-)
    😄😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    පිටරට්ටුන් දැක්කම උන්ට බයේ බයේ පයිය සූප්පු කරන තරමට නැවෙන්නේ නැති පිටකොන්දක් තියන මෙහෙම සිංහනාද කරන්න පුලුවන් එකම පක්ෂේ මාලිමාව විතරයි... 8-) 8-) 8-)
    @shenat🤣🤣🤣
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    සිංහනාද කරලා චීනෙට ගිහින් තක්බීර් වෙලා ෂින් ජින් පිං ගේ මුණ දිහා බලන් ඉදලා ඔබතුමා කියන දෙයක් තමයි ඉතින් කිව්වා