මේවාට එක එක දහ ජරාවල් දාලා රස සහ පාට අරන් තියෙන්නේ කියලා කීවොත් කාට හරි නෑ කියන්න පුලුවන්ද?
අපි ගමේ තේ ෆැක්ටරියට දළු දෙන නිසා මාසේ අන්තිමට අපිට තේ කුඩු කෝටා එකක් ලැබෙනවා. ඒකේ ගාන දළු සල්ලි වලින් කපා ගන්නවා.
ඒවා බොහොම සරල පොලිතින් කවර වල දාලා සීල් කරලා එන්නේ.
ඒ කහට වල තියෙන රස ඔය මාකට් එකේ තියෙන කිසිම තේ එකක නැති එක මට හෙන අව්ලක්.
දැන් කියන්න එපා අපිට ලැබෙන ඒවාට මොනවා හරි දාලා ඇති කියලා.
අපේ පැත්තේ ගොඩක් ගෑනු පිරිමි වැඩ කරනවා ඔය ෆැක්ටරි එකේ, ඒකෙ තේ දළු ගේන එකේ ඉදන් බල්ක් පැක් කරන එක වෙනකල් ඉන්නේ ඔය මිනිස්සුමයි,
කොතැනකට හරි මොනවා හරි ෆ්ලෙවර් එකක් එකතු වෙනවා නම් ඕකුන් ඕක එළියේ ඇවිත් කියලා හෙන කෙලියක් කරලා ෆැක්ටරි වස්සලා දැන්.

ෆැක්ටරි එකෙන් බල්ක් පැක් කරලා යවනකල් මුකුත්ම ඇඩ් කරන්නේ නෑ කියලා 100% ෂුවර්,
හැබැයි වෙන කොහේ හරි වෙයා හවුස් එකකට අරන් ගිහින් මොනවා කරලා හෝ නොකර ඔහොම පැක් කරනවද කියලා දන්නේ නෑ..
අර අපිට ලැබෙන තේ කුඩු ඉතින් වෙලාවකට ගෙදර පිටින් එන කාට හරි පොඩ්ඩක් දෙන වෙලාවල් තියෙනවා, ඒක බීපු අය පිස්සෝ වෙලා තව තව ඉල්ලනවා, ඒවා එහෙම බිස්නස් විදිහට ගන්න බෑ..