හොල්මන්

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම්‍ ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත් අතුරැ මාවතකින් හැරී කුඩා කැලෑබද අඩි පාරකින් එම ස්ථානයට ලඟා විය යුතුය. එමෙන්ම එය වන ලැහැබකින්ද වටවු පෙදෙසකි. ග්‍රාමීය සුන්දරත්වය මෙන්ම නොපෙනෙන අදෘශ්‍යමාන ක්‍රියාකාරකම්‍ වලින්ද බහුල පෙදෙසක් ලෙස එය ගම්‍වාසීන් අතර ප්‍රකටය. ඔවුන්ගේ මතය අනුව හවස හයෙන් පසු එහි දිය නෑම හෝ ගැවසීම එතරම්‍ යෝග්‍ය නොවේ. මන්ද ගම්‍වාසීන් බහුතරක් ඒ අවට බොහෝ අද්භුත සිදුවීම්‍ වලට මුහුණ දීමට සිදුව ඇති නිසායි.

    මෙම සිදුවීමට මුහුණ දෙන්නේද එම ග්‍රාමයේම වෙසෙනා තරැණයන් දෙපලකි. දිනක් ඔවුන් සිය යතුරැ පැදියෙන් දිය නෑමට සවස හයට පමණ ඇල්ලට ගොස් ඇත. යතුරැ පැදිය මාර්ගයේ නවතා කුඩා අඩි පාර ඔස්සේ ඉදිරියට යන විට එක්වරම ඔවුන්ට ඇසෙන්නේ කිසියම්‍ පුද්ගලයෙක් උගුර පාදනා හඬකි. ඔවුන්ද එක්වරම ගැස්සී වට පිට බලන්නේ එම හඬ ඔවුන් අසලින්ම ඇහෙනා නිසාය. එහෙත් හතර වටෙන් වටවු ඝන කැලෑව සහ ඇල්ලෙන් ගලාහැලෙන ජල පහරේ ශඛ්‍දය හැරෙන්නට පේන තෙක් මානයක බලු බල්ලෙක්වත් නොමැත. හිත තරමක් ගැස්සී ගියත් එය එතරම්‍ ගණන් නොගෙන ඔවුන් ඇල්ල පේන මානයටම ලඟාවේ. ඔවුන් දිය නෑමට පටන් ගන්නා විටත් හතර අතෙන් ඇඳිරිය වැටීමට පටන් ගෙන තිබුණි. එහෙත් ඔවුන්ට මෙම පෙදෙස එතරම්‍ නුහුරැ පෙදෙසක් නොවන නිසා ඔවුන් කිසිදු චකිතයකින් තොරව ආගිය තොරතුරැ කතා බහ කරමින් දිය ස්නානයේ නිරත වෙයි. එක්වරම නැවත ඔවුන්ට ඇසෙන්නේ දරැවකුගේ සිනහා හඬකි. නැවතත් ඔවුන්ගේ සිතට බියක් ඇතුළු වන්නේ වටපිටාවේ කිසිවෙකු නොමැති නිසාත්, මෙම ස්ථානය පිලිබඳ ගම්‍වාසීන් අතර තිබු බියජනක කටකතා ඔවුන් අසා තිබු නිසාත්ය.

    හනි හනිකට ගොඩට පැමිණෙන ඔවුන් ඇඳුම්‍ පැලඳගෙන නිවස කරා යෑමට සුදානම්‍ වෙයි. එක්වරම ඔවුන්ට ඇසෙන්නේ ජලයට යම්‍ බර දෙයක් වැටෙනා හඬකි. පිටුපස හැරී බලන ඔවුන් දකින්නේ ඇස් අදහා ගත නොහැකි දසුනකි. ඇල්ලේ ගලක් මත කුඩා දරැවෙකු සිටගෙන සිටී. නමුත් පුදුමය එය නොවේ. එම දරැවාගේ බියජනක පෙනුමයි. සිරැරේ සම තැනින් තැන පැලී ඒවායින් රැධිරය වැක්කෙරෙයි. මුළු මුහුණේම මස් වැදලි තැනින් තැන එල්ලී වැටෙන අතර කුණු වී ගිය දෑස් වලින් පණුවන් එලියට පැමිණෙන අතර එම දරැවා එම පණුවන් සිය දෑතින් මුඛයට දමා ගනිමින් චර චර ගාමින් හපයි. ඉන්පසු මහ හයියෙන් වියරැ සිනහා හඬක් නංවමින් වතුරට පැන නොපෙනී ගොස් ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් බියට පත්වු තරැණයන් දෙදෙනා මර හඬ නංවමින් පිස්සුවෙන් මෙන් අඩි පාර දිගේ යතුරැ පැදිය දෙසට දුවගෙන ගොස් ඇත. එසේ දුවගෙන යන අතර ඔවුන්ට ඇසෙන්නේ තමා පසුපසින් දිවඑන තවත් යමෙකුගේ අඩි හඬකි. පසුපස බලන ඔවුන් දකින්නේ තවත් පුද්ගලයෙක් තමන් පසුපස දිවඑන අන්දමයි. පුදුමන එය නොවේ. ටික දුරක් දිවඑන එම පුද්ගලයා එක්වරම බිම දණ ගසා තම දෑත පොලවට තබාගෙන සුනඛයෙකු මෙන් මහත් වේගයෙන් පඳුරැ අතරින් රිංගා නොපෙනී ගොස් ඇත. බිය දෙගුණ තෙගුණ වන තරැණයන් යතුරැ පැදියට ගොඩවී මහත් වේගයෙන් ගම්‍මානය දෙසට පදවාගෙන යයි.

    නිවෙසට පැමිණියද ඔවුන්ගේ බිය පහව නොයන අතර ඔවුන්ගේ තත්වය යම්‍ තාක් දුරට සමනය වන්නේ ගම්‍වාසීන් විසින් ඔවුන් පන්සලට රැගෙන ගොස් තෙල් මතුරා හාමුදුරැවන් විසින් පිරිත් නුල් බැඳීමෙන් පසුවයි. අදටත් ඔවුන් එම සිදුවීම මතක් කරන්නේ මහත් බියකිනි. ඉන්පසු කිසිදාක ඇඳිරි වැටීමෙන් පසු ගමන් බිමන් නොයන බව ඔවුන් පවසයි.

    ``` ~MaXx~ ```
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,768
    113
    එක පාරක් ඔහොම හොල්මන් ඉන්නවා කියල කියපු කැලයක් ලගට අපි යාළුවො 2ක් ගියා හොල්මන් බලන්න හා වීඩියෝ කරන්න හිතාගෙන. අඳුර වැටෙද්දී අඳුරු සෙවනැලි එනව කියල බෝඩ් ගහපු නිසා අපි හිතුව අනිවා හොල්මන් බලන්න පුළුවන් වේවි කියල. 6. 30 Pm වගේ වෙද්දී මෙන්න එක පාරම දිග කලිසම කපල එකෙන් කොට කලිසම් හදාගත්ත උන් දෙන්නෙක් මතුවුනා. බැලින්නම් උන් කුඩ්ඩො දෙන්නෙක්. උන් තමා ඔය හොල්මන් කතා යවන්නේ. :ROFLMAO: :ROFLMAO:
    සෑම වනාන්තරයක් ඇතුලෙම ඕනෑතරම් මිනිස්සු + සත්තු මැරිලා ඇති. ඉතින් එක කැලේක / දෙකක විතරක් හොල්මන් ඉන්නේ අනිත් කැළා වල මැරෙන උන් අපායේ ගිහින්ද ??
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Where Are You Waiting GIF by This GIF Is Haunted
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    එක පාරක් ඔහොම හොල්මන් ඉන්නවා කියල කියපු කැලයක් ලගට අපි යාළුවො 2ක් ගියා හොල්මන් බලන්න හා වීඩියෝ කරන්න හිතාගෙන. අඳුර වැටෙද්දී අඳුරු සෙවනැලි එනව කියල බෝඩ් ගහපු නිසා අපි හිතුව අනිවා හොල්මන් බලන්න පුළුවන් වේවි කියල. 6. 30 Pm වගේ වෙද්දී මෙන්න එක පාරම දිග කලිසම කපල එකෙන් කොට කලිසම් හදාගත්ත උන් දෙන්නෙක් මතුවුනා. බැලින්නම් උන් කුඩ්ඩො දෙන්නෙක්. උන් තමා ඔය හොල්මන් කතා යවන්නේ. :ROFLMAO: :ROFLMAO:
    සෑම වනාන්තරයක් ඇතුලෙම ඕනෑතරම් මිනිස්සු + සත්තු මැරිලා ඇති. ඉතින් එක කැලේක / දෙකක විතරක් හොල්මන් ඉන්නේ අනිත් කැළා වල මැරෙන උන් අපායේ ගිහින්ද ??
    Dan ethakota holman kiyala deyak nadda