හොල්මන් 3

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උපුටා ගැනීමකි
    මේ සිදුවීම උනේ මටයි මගේ අය්යටයි...

    කොහොමහරි මේ සිද්දිය වෙනකොට මට අවුරුදු විසි තුනක් , හතරක් විතර ඇති....

    දවසක් මට මගේ යාලුවෙක්ගෙං හවස පහට විතර කෝල් එකක් ආව..ඒ යාලුව කිව්වේ ඌරු මස් ටිකක් තියනවා ඇරං යන්න එනවද ඇහැවා.... මට ඉතිං ඌරු මස් කිව්වාම ආය මොකුත් ඕන නෑ.... මගේ ජාතික ආහාරය වගේ..😅

    ඉතිං අයියයි මායි බයික් එකේ ගියා එයාගේ යාලුවගේ ගෙදර.. මිනිහගේ ගෙදර තිබ්බේ හද්ද ඩොටේ . අපේ ගෙවල් ගාව ඉදං කිලොමීටර් පහලවක් විතර වෙන්න වගේ තිබ්බේ.... අපි ඉතිං ගෙදර කාටවත් නොකියා හවස පහ විතර වෙනකොට යන්න පිටත් වුනා. ගෙදරට නොකිව්වට අවුලකුත් නෑ.කොල්ලො හින්ද🥴.....

    ඔහොම ගිහිල්ලා කොහොමහරි යාලුවගේ ගෙදරට යනකොට තුම්මං හන්දියක් හම්බවෙනවා, (මේ තුම්මං හන්දිය ඉස්සරහට වැදගත් ඒකයි කිව්වේ) ඔය තුම්මං හන්දියෙන් දකුණට හැරිල තමයි පොරගේ ගෙදරට යන්න තියෙන්නේ .තුම්මං හන්දියේ ඉදං පොරගේ ගෙදරට 5km වගේ තියෙන්නේ... කොහොමහරි අපි දෙන්න ඒ ගෙදරට ගියා... අපි එහෙට යනකොට අටට විතර ඇති..ඒ ගෙදර අංකල් කිව්වා "ඇයි මේ රෑ වෙලා ආවෙ . එනව කියල දන්නවනං අපි උදේම ගෙනල්ල දෙනව..අපි ඕව කාල රෑට එලියටවත් බහින්නේ නෑ " කියල කිව්වා..ඒත් මම කිව්ව ඒකට කමක් නෑ අපිට පුලුවන් ඕක ගෙනියන්න කියල , අයිය කිව්ව " ඌරනේ අපි හෙට උදේට ඇවිත් ගමු කියල" මං අයිය කියපු දේ ඇහැවේ නෑ...ඒ ගෙදර මිනිස්සුත් අදි මදි කරා මස් ටික දෙන්න , මගේ බල කිරීම නිසා නොදි ඉන්නත් බැරි නිසා ඒගොල්ලො ඒ ටික දුන්නා.....

    දැං තමා හොදම සීන් ටික වෙන්නේ...මට මතක් වෙනකොටත් නිකන් මාරකේකිං බේරුනා වගේ...😵‍💫😵‍💫

    කොහොමහරි ඔන්න අපි එන්න ආව , මම තමයි පස්සහ ආවේ මස් ටිකත් තියාගෙන...ඔහොම එද්දි මට නිකන් හරි අමුතුයි.අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ ඒක..එහෙම එද්දි මට නිකන් දැනුනා අපි කිලෝමීටර් පහකට වඩා ආව කියල දැං හරිනං අර තුම්මං හන්දිය හම්බවෙන්න ඕන.. මම අයියටත් කිව්ව අපි කිලෝමීටර පහට වඩා ආව කියල, අයිය සද්දයක්වත් නෑ , මාත් ඉතිං කට වහගෙන ආව මොකද මම වචන සීයක් කතා කරත් ඌ වචන දෙකකට වැඩිය කතා කරන්නෑ...

    ඉතිං අපි එහෙම එනකොට ඇවිල්ල තියෙන්නේ සොහොනකට..ඒ සොහොනේ හිටිය කලු බල්ලෙක්...අයියනං නං දැනගන්න ඇති කවුද කියල . අයිය දැං බය වෙලා .....හෙනම රූස්ස ගස් පාරේ ලයිට් වත් නෑ තියෙන්නේ බයික් එකේ හෙඩ් ලයිට් එක විතරය් .මම ඉතිං වැඩිය ගනං ගත්තේ නෑ ඒකාව. ඉතිං ඉක්මනට අපි ආය ඒ ආපු පාරෙම ආයෙ ගියා යනවා යනවා ඉවරයක් නෑ , ඉතිං අයිය මට කිව්ව මේ මස් එක විසික් කරල යමං කියල, මම කිව්ව පිස්සුද උබට මෙච්චර දුරක් ආවෙ මේටික විසි කරන්න නෙවෙයි කියල....අපි දැං ආපහු එනවා තාම තුම්මං හංදියක් තියා ගෙයක්වත් නෑ පාර දෙපැත්තේ...ඔහොම යද්දි ආය දකුනට පාරක් තිබ්බා අපි හිතුවේ ඒක තමයි හංදිය කියල...අයිය කෑ ගහනවා ඔය ටික විසිකරපන් අපිට යන්න පුලුවන් කියල ඌට දැන් පිස්සු වගේ..අපි අර පාරෙන් දාල ගියා , ඒ පාර ඉවර වෙන්නේ වැවක් ගාවින් එතකොටයි අර බල්ලා අපි පස්සෙමයි.. කොච්චර හිත බයවෙන්න ගත්තාත් මම ඒක යටපත් කරගෙන හිටියා මටත් පුදුමයි දැං මතක් වෙද්දිත් මම කොහොමද ඒ වෙලේ එහෙම හිටියෙ කියල...

    ඔහොම යනකොට දැන් බයික් එකේ තෙලුත් ඉවර වේගෙන එනව , මම හිතාගත්තා තෙල් ඉවර වුනත් බයික් එක තල්ලුකරගෙන හරි යනව කියල. පස්සෙ අයියගෙ අඳෝනාව අහන් ඉන්න බැරි තැන මම අර මස් එකට අත දාල මස් කෑල්ලක් අර බල්ලට දුන්නා ඒ දෙද්දිත් මම කිව්වා "මේක ඇරගෙන අපිට යන්න දීපන් හැබැයි තව ඉල්ලගෙන ආවොත් දෙන්නෑ මස් තියා මස් කට්ටක්වත්" කියල ඒ බල්ල කටින් කෙල පෙරාගෙන මස් කෑල්ල විසි කරපු දිහාට ගිහින් ඒක ඇරං කැලේ ඇතුලටම ගියා....දැන් අපි ආය ගෙදර යන්න පිටත් වුනා.... වාසනාවකට වගේ අපි කි.මී. එක හමාරක් විතර යනකොට හංදිය හම්බුනා ,ඒකෙන් ගිහාම මහ පාර..පාරේ මිනිස්සුයි පොලිස්සියයි අපිව හොයන්න පටන් අරං. (ඒ අර මගේ යාලුවා අපේ ගෙදරට කෝල් දාල බලල අපී ආවද කියල ඊට පස්සේ තමයි මිනිස්සු ඒම හොයල තියෙන්නේ අපිව )කොහොමහරි වෙලාව බලනකොට පාන්දර හතරයි....

    පහුවදා අයියට හොදටම උන තිබ්බා මටනං කිසිම දෙයක් උනේ නෑ ....ඒත් අයියා පහුවදා කිව්වා අර සොහොනෙදි වගේ අය එයා දිහා ඔරෝගෙන බලා හිටියා කියල ... පස්සේ තමයි මම දැනගත්තේ අයිය මට වඩා දේවල් එතනදි දැකල කියල . පස්සේ අපි පන්සලට ගිහින් පිරිත් නූලක් ඒම දාගෙන ආය ගෙදර ආව.....

    ඒ හිටියේ මහසොනා කියල මේ කතාව අහපු අය කිව්වා , ඇත්තටම ඒ මහසොනා නං මම එයාව දැකපු පලවෙනි පාර තමා ඒ....

    විශ්වාස කරන අයට විශ්වාස කරන්න පුලුවන් ... සත්‍ය සිදුවීමක් ටිකක් වෙනස් කරල කිව්වේ.......

    ------ Post added on Mar 28, 2024 at 7:41 AM

    නිගමනය
    15km යන්න පැය තුනක් ගියා කියන්නෙ මොකද්ද බන් ඒ බයික් එක.
    අනික එච්චර ඉක්මනට උඹලව සොයන්න පොලිසියෙන් ආව නම් උඹෙ තාත්තවත් OIC වෙන්න ඕනෙ
    අනික කෑල්ලක් අරන් ලොකු අයිය ගියා කිව්වමත් හරි පුදුමයි.
    වෙනස් කරපන් තාත්වික විදියට.
    ------ Post added on Mar 28, 2024 at 7:42 AM
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    වෙන අත්දැකීම්
    ඔව් වල් ඌරු මස්වලට මහසෝන් අවතාරෙ ඉන්නවා තමයි.අපිටත් වුනා ඔහොම සීන් එකක්.ඒ මස් ටික ගෙනියන්න හැදුවෙ අපි ශ්‍රී පාද අඩවියේ ඉඳන් කොළඹට.මද්දකට අහුවුන ඌරෙක්ගෙ මස්.අපි පස්සෙන් ආවා කළුපාට දෙයක්.අපෙ බයික් එකට ඉස්සරහින් දෙපාරක්ම කළුම කළු උස ඇඟේ මයිල් පෙරාගත්තු එකෙක් පාර මාරු වුනා.වෙලාව හොඳ නිසාමදෝ මන්දා අපිට අඩවියෙන් එලියට එන තැනදීම ඒ කියන්නේ කළුගල චෙක් පොයින්ට් එකට කිට්ටුව දීම පොලිසිය අල්ල ගත්තා.ඒ වෙද්දිත් මස්ටික කුණු ගන්දස්තාරෙ ඉන්න බෑ.ඒක අපිට දැනුනෙත් බයික් එක නැවැත්තුවාම.එහෙම වෙන්න විදිහකුත් නෑ මොකද උණු උණු බඩු.ඒත් එහෙම වෙලා මාරකේකින් උබලා බේරුණේ කියලා එයාලත් කිව්වා ඉතින්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඌරු මස් කාලා මෙච්චර යනව ඇයි බං මුකුත් වෙන්නෙ නැත්තෙ😂 බාබකිව් තමයි හැබැයි
     
    • Like
    Reactions: Gal_banisa

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    වෙන අත්දැකීම්
    ඔව් වල් ඌරු මස්වලට මහසෝන් අවතාරෙ ඉන්නවා තමයි.අපිටත් වුනා ඔහොම සීන් එකක්.ඒ මස් ටික ගෙනියන්න හැදුවෙ අපි ශ්‍රී පාද අඩවියේ ඉඳන් කොළඹට.මද්දකට අහුවුන ඌරෙක්ගෙ මස්.අපි පස්සෙන් ආවා කළුපාට දෙයක්.අපෙ බයික් එකට ඉස්සරහින් දෙපාරක්ම කළුම කළු උස ඇඟේ මයිල් පෙරාගත්තු එකෙක් පාර මාරු වුනා.වෙලාව හොඳ නිසාමදෝ මන්දා අපිට අඩවියෙන් එලියට එන තැනදීම ඒ කියන්නේ කළුගල චෙක් පොයින්ට් එකට කිට්ටුව දීම පොලිසිය අල්ල ගත්තා.ඒ වෙද්දිත් මස්ටික කුණු ගන්දස්තාරෙ ඉන්න බෑ.ඒක අපිට දැනුනෙත් බයික් එක නැවැත්තුවාම.එහෙම වෙන්න විදිහකුත් නෑ මොකද උණු උණු බඩු.ඒත් එහෙම වෙලා මාරකේකින් උබලා බේරුණේ කියලා එයාලත් කිව්වා ඉතින්
    yeti wenna barida :D
     
    • Like
    Reactions: Gal_banisa

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    වෙන අත්දැකීම්
    ඔව් වල් ඌරු මස්වලට මහසෝන් අවතාරෙ ඉන්නවා තමයි.අපිටත් වුනා ඔහොම සීන් එකක්.ඒ මස් ටික ගෙනියන්න හැදුවෙ අපි ශ්‍රී පාද අඩවියේ ඉඳන් කොළඹට.මද්දකට අහුවුන ඌරෙක්ගෙ මස්.අපි පස්සෙන් ආවා කළුපාට දෙයක්.අපෙ බයික් එකට ඉස්සරහින් දෙපාරක්ම කළුම කළු උස ඇඟේ මයිල් පෙරාගත්තු එකෙක් පාර මාරු වුනා.වෙලාව හොඳ නිසාමදෝ මන්දා අපිට අඩවියෙන් එලියට එන තැනදීම ඒ කියන්නේ කළුගල චෙක් පොයින්ට් එකට කිට්ටුව දීම පොලිසිය අල්ල ගත්තා.ඒ වෙද්දිත් මස්ටික කුණු ගන්දස්තාරෙ ඉන්න බෑ.ඒක අපිට දැනුනෙත් බයික් එක නැවැත්තුවාම.එහෙම වෙන්න විදිහකුත් නෑ මොකද උණු උණු බඩු.ඒත් එහෙම වෙලා මාරකේකින් උබලා බේරුණේ කියලා එයාලත් කිව්වා ඉතින්
    Eyala kiwe policiyada?
     
    • Like
    Reactions: Gal_banisa

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    මට නම් වලා සෙට් උනොත් අඩුම තරමේ කසිය පාරක්වත් ගහනවා. පහුවදාට ඉතින් උන දේවල් මතක නෑ. මහසෝනගේ එෆෙක්ට් එකක් නිසාද මතක නැති වෙන්නේ.

    මට ඉතිං ඌරු මස් කිව්වාම ආය මොකුත් ඕන නෑ
    @Sathira529
    ------ Post added on Mar 28, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: Gal_banisa

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    giphy.gif
    200w.gif
    dog-meme-black-dog-meme.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,087
    1
    100,766
    113
    34
    Kalutara
    ගෙදරට කෝල් කරලා අහන වෙලේ උගෙ යාලුවට පුලුවන්නෙ කෙලින්ම මුගෙ ෆෝන් එකට කතා කරන්න. අනික පාන්දර හතරයි කියන්නෙ දන්නෙ ගෙදර ආවට පස්සෙද. ෆෝන් එකෙන් වෙලාව බලන්න බැරිද ඊට කලින්?
    මීට අවුරුදු 20කටවත් එහා වෙච්ච දෙයක් වෙන්න ඕන එහෙනම්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,875
    1
    9,118
    113
    මට නම් වලා සෙට් උනොත් අඩුම තරමේ කසිය පාරක්වත් ගහනවා. පහුවදාට ඉතින් උන දේවල් මතක නෑ. මහසෝනගේ එෆෙක්ට් එකක් නිසාද මතක නැති වෙන්නේ.

    @Sathira529
    ------ Post added on Mar 28, 2024 at 9:32 AM
    හම්බුනොත් කියපම්
     
    • Like
    Reactions: Gal_banisa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    හෙ හෙ
    2020 වගේ වෙනකං මම සතියකට දවසක් හෝ දෙකක් මහා රෑ 10 -12 අතරේ 10km විතර එනවා ඒ පාරේ 1km පට්ට පාලු කලවල් වගේ තින වෙලකුත් තියේ. 9න් පස්සේ ට්‍රිවිල් කාරයෝ හයර් වත් යන්නේ නෑ පාරේ.

    ඉතිං අනිවා සතියකට දවසක් උරු මස් හොදට කාලයි මාත් එන්නේ. මොන හෙනයක්වත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    හෙ හෙ
    2020 වගේ වෙනකං මම සතියකට දවසක් හෝ දෙකක් මහා රෑ 10 -12 අතරේ 10km විතර එනවා ඒ පාරේ 1km පට්ට පාලු කලවල් වගේ තින වෙලකුත් තියේ. 9න් පස්සේ ට්‍රිවිල් කාරයෝ හයර් වත් යන්නේ නෑ පාරේ.

    ඉතිං අනිවා සතියකට දවසක් උරු මස් හොදට කාලයි මාත් එන්නේ. මොන හෙනයක්වත් නෑ
    ළගදි බර බැලුවෙ නැද්ද
    කිලෝ 500 ක් විතර පෙන්නයි
    හොල්මං 4 ක් 5 ක් විතර දැනටමත් ඇග උඩ නැගගෙන ඇති
     
    • Like
    Reactions: Gal_banisa

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    අනේ බං ඌරා කියන්නෙත් සත්වයෙක් ඇයි ඌ මවලා තියෙන්නේ අවතාර වලට කන්නද? සොහොන් මැද තියන් ඌරු මස් කනවා ඔය සිකුරිටිලා. අපි හදාගත් ජනප්‍රවාද ඕවා. මහසෝනට ඕනෙනන් ඌරෙක් මස් කරන් කයි මේ මිනිස්සු කන්න උස්සන් යන ඒවා කන්නේ මොකටද?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    අනේ බං ඌරා කියන්නෙත් සත්වයෙක් ඇයි ඌ මවලා තියෙන්නේ අවතාර වලට කන්නද? සොහොන් මැද තියන් ඌරු මස් කනවා ඔය සිකුරිටිලා. අපි හදාගත් ජනප්‍රවාද ඕවා. මහසෝනට ඕනෙනන් ඌරෙක් මස් කරන් කයි මේ මිනිස්සු කන්න උස්සන් යන ඒවා කන්නේ මොකටද?
    Ura kese wethath, Harak Mas nan kala yanna epa kiyala tienne... ape mama kenekuta sira seen ekak una
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,748
    113
    අපෙත් නෑ ගෙදරක් තියෙනවා. පැලෙන්න උනත් කන්න පුළුවන් ගෙනියන්න දෙන් නෑ.
     
    • Like
    Reactions: Gal_banisa