සම්පත් බැංකු කොටස් + Indra Treaders

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    Indra-web.jpg


    ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකුවන Indra Traders හිමිකරු ඉන්ද්‍රා සිල්වා විසින් 2024/04/10 දිනයේදී සම්පත් බැංකුවේ කොටස් 1.2%ක ප්‍රමාණයක් රුපියල් බිලියන 1.2කට මිලදී ගත් බව වාර්තා වේ.
    2023 දෙසැම්බර් 31 වන විට ඉන්ද්‍රා සිල්වා හට සම්පත් බැංකුවේ සමස්ත කොටස්වලින් 8.2%ක හිමිකාරීත්වයක් තිබිණ. ඊයේ දිනයේ ගනුදෙනුවෙන් පසු ඔහුගේ කොටස් හිමිකාරීත්වය 9.4%ක් දක්වා ඉහළ යනු ඇත.

    1987දී පිහිටුවනු ලැබූ සම්පත් බැංකුවේ මුල්ම ආයෝජකයෙකු ලෙස ඉන්ද්‍රා සිල්වා සැලකේ. තවද ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ද දෙවන විශාලතම කොටස් හිමියාවන්නේ ඔහුය.

    විකුණුම්කරු: ඉන්ද්‍රා සිල්වා හට ඊයේ දිනයේදී කොටස් විකුණනු ලැබූයේ Ayenka Holdings Ltd. නම් ආයතනය විසිනි. මෙය Global Rubber ආයතනය හිමිකරු වන, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රභාෂ් සුබසිංහට අයිති, ආයෝජනයන් සිදු කරන ආයතනයකි. Ayenka Holdings හට 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ 9.97ක කොටස් හිමිකාරීත්වයක් තිබුණි.

    ප්‍රභාෂ් සුභසිංහ සම්පත් බැංකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. එසේම ඉන්ද්‍රා සිල්වාගේ පුත් රුෂංක සිල්වා සම්පත් බැංකුවේ උප සභාපතිවරයාය.

    ප්‍රධාන කොටස් හිමියන්: 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන් පස් දෙනා වන්නේ: ධම්මික පෙරේරාගේ Vallibel One PLC (14.95%), ‍රෙනෝ සිල්වාගේ Phantom Investments (Pvt) Limited (10%), ප්‍රභාෂ් සුභසිංහගේ Ayenka Holdings Ltd (9.97%), සේවක අර්ථසාධක අරමුදල (9.97%) සහ Indra Traders සභාපති ඉන්ද්‍රා සිල්වා (8.2%).

    Indra Traders: ව්‍යාපාරික පවුලකින් පැවත එන ඉන්ද්‍රා සිල්වා Indra Traders නමින් මෝටර් රථ විකිණීමේ සමාගමක් ආරම්භ කරනු ලබන්නේ 1974දී පමණය. 1978දී සිදු වූ විවෘත ආර්ථික වැඩපිළිවෙලත් සමගම ඔහුගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස ද ඉන්ද්‍රා සිල්වා සැලකේ.

    මේ වන විට Indra Traders මෝටර් රථ වෙළෙඳාමට එහා ගිය විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. මූල්‍ය ක්ෂේත්‍රයට අමතරව දේපල හා හෝටල් ක්ෂේත්‍රයේද විශාල ආයෝජනයන් මෙම සමාගම විසින් අද වන විට සිදු කර ඇත.

    Indra Traders හට අයිති යූනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස යාකරන විශාල ඉඩමක තනා ඇති Trizen මහල් නිවාස සංකීරණය John Keells සමාගම හා Indra Traders සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
    මෙයා article එක උඹම ද ලිව්වෙ මචං ?

    වැඩේ තේරෙන උන් ටික ගේම ගහනව. සමහරු කොටස් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.

    ඇත්තටම සිරාම ගේම ගහන්නේ මුන් නෙමෙයි බං stock brokers ලා
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙයා article එක උඹම ද ලිව්වෙ මචං ?
    නෑ මචං, copy කරල දාපු ඒකක්...

    ඉන්ද්‍රා ට්‍රේඩර්ස්. වාහන මන්දිර. ඉස්සර ගම් වලට වාහන ට්‍රේඩින් පිස්සුව හදපු තැන් තමයි. 80 ගනන් වල ඉතින් පිස්සුවක් තමයි.
    මට මතකයි ඉස්සර ජාතික රූපවාහිනියෙ ටෙලිනාට්‍ය පෙන්නද්දි වැඩියෙන්ම පෙන්වන Advertisement ඒක Indra Traders....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැරී මාමා ඉවරද? සොෆ්ලොෆික් ඉවරද? අබාන්ස් ඉවරද?
    ඉන්ද්‍රා මාම නැගලද?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කෝටි 120ක් ඒ කියන්නේ ...කෝටී 900ක් විතර තියෙනවා නම් සම්පත් එකේ top මැනේජ්මට් ලෙවල් එකේ එකෙක්..
    **මතකද කවුද මහත්තයෙක් බිලියන ගානක් අපේක්ෂා රෝහලට දුන්නා**