සත්වයින් උත්පත්තිය ලබන ආකාර හතරක් තිබේ. ඒ අණ්ඩජ (බිත්තරවලින් උපදින) ජලාබුජ (ගර්භාෂයකින් උපදින) සංසේදජ (තෙත් ස්ථානවල උපදින) ඕපපාතික (කර්ම බලයෙන් වැඩූනු ශරීර ඇතිව ඉබේ පහළ වන) යන ක්‍රම සතරයි. මෙයින් දෙවිවරු උපත ලබන්නේ ඕපපාතික පිරිසක් ලෙසයි.
දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ කොහේද යන ප්‍රශ්නයට පිළිතුරු සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ පළමු කස්සප සූත්‍ර වර්ණණාවේ එයි. එහි සඳහන් වන්නේ
"දෙවානඤ‍්හි අඞ‍්කෙ නිබ‍්බත‍්තා පුරිසා දෙවපුත‍්තා නාම, ඉත්‍ථියො දෙවධීතරො නාම හොන‍්ති."
"දෙවියන්ගේ ඇකයෙහි පහළ වන පිරිමි දෙවිවරු දිව්‍ය පුත්‍රයෝ වෙයි. ස්ත්‍රීන් දේව දූවරුන් වේ." යන්න එහි තේරුමයි.
එයින් කියවෙන්නේ දිව්‍ය පුත්‍රයින් සහ දේව දියණියන් දෙවියන්ගේ ඇකයෙහි උපදින බවයි.
අසංග ආචාර්‍ය්‍යපාදයන්ගේ යෝගාචාර භූමි නැමති පොතෙහි මේ ගැන වැඩි විස්තර සඳහන් වේ. චාතුර්මහාරාජික දෙවියන්ගේ අංශයෙහි හෝ උකුළෙහි අවුරුදු පහක් පමණ වයස ඇති අය මෙන් අංග සම්පූර්ණ මිනිස් සිරුරක් ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබති.
තාවතිංස දිව්‍ය ලෝකයෙහි අවුරුදු හයක් තරම් වයස ඇති අය මෙන් පහළ වෙයි. යාම දිව්‍ය ලෝකයෙහි අවුරුදු හතක් ඇති අය මෙන්ද,
තුසිත දිව්‍ය ලෝකයෙහි අවුරුදු අටක් ඇති අය මෙන්ද, නිර්මාණරතී දිව්‍ය ලෝකයෙහි අවුරුදු නවයක් ඇති අය මෙන්ද, පරනිර්මිත වශවර්තී දිව්‍ය ලෝකයෙහි අවුරුදු දහයක් ඇති අය මෙන්ද, අංග සම්පූර්ණ ශරීර ඇතිව දේව දරුවෝ ඕපපාතිකව උපත ලබයි.
අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා....
මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්....
