𝗠𝗮𝗻𝗷𝘂𝗺𝗺𝗲𝗹 𝗕𝗼𝘆𝘀 (𝟮𝟬𝟮𝟰)

මේ අවුරුද්දෙ ආපු මලයාලම් Film වලින් වැඩිපුරම බලන්න ඇඟිලි ගැන ගැන හිටපු Film එක තමයි Manjumel Boys , අවාසනාවකට ලංකාවේ සිනමා රසිකයින්ට මේක Theater එකේ බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ . රිලීස් වෙච්ච දවසේ ඉඳන් අද වෙනතුරු ලොව පුරා ආදායම ඉන්දියානු කෝටි 220 කට වඩා ආදායමක් ගෙන. දැනට මලයාලම් සිනමාවෙන් වැඩිම ආදායම් වාර්ථාවට හිමිකම් කියන්නේ මේ Manjumel Boys .
ෆිල්ම් එක නරඹන්නන්ගේ හදවත් ගැඹුරින් ස්පර්ශ කරන Emmotional Survival Thriller එකක්. සීට් එකේ කොනේ ප්‍රේක්ෂකයාව රඳවල ඊලඟට මොකක් වෙයිද කියන බය හැඟීම ලබාදෙන්න උත්සහ කරලා තියෙනවා ෆිල්ම් එකේ අධයක්ශක Chithambaram සහ ඔහුගේ Team එක. සහ ඒ උත්සහය සාර්ථකයි. චිත්‍රපටයේ Title card එකක් අපිට දකින්න ලැබෙන්නේ Second Half එක පටන් ගන්නවත් එක්කම. ඒක Graphic වලින් ඉදිරිපත් කරන්නෙ නැතිව ෆිල්ම් එකේම කොටසක් විදිහට Cave එකේ ගලක් මත සටහන් කරන එකම මරු වැඩක්..

Screenplay එක කරලා තියෙන විදිහ මරු ෆිල්ම් එක පටන් ගන්න තැන ඉඳලා වෙන සිදුවීම් එකිනෙකට ගලපලා නලුවන්ව හසුරවල නියමෙටම හදලා තියෙනවා.
මලයාලම් රසිකයෝ හැමෝම දන්න Soubin Shahir හැමදාම වගේ කවදත් අමතක නොවන රංගනයක් ඉදිරිපත් කරලා තියෙනාවා. මන් නම් හිතන්නේ National Award එක මේ අවුරුද්දෙ ලබාගන්න සුදුම කෙනා තමයි Soubin. ඊලඟට Sreenath Bhasi ත් එයාගේ ස්ක්‍රීන් ටයිම් එක නියමෙටම කරලා තියෙනවා ෆිල්ම් එක පුරාම. මේකේ සෙසු නළු නිලියෝ ටිකත් උපරිම සාධාරණයක් කරලා තියෙනවා ෆිල්ම් එකට.
මේකේ කථාව සිද්ද වෙන්නෙ තමිල්නාඩුවේ කොඩෙයිකානල් වල Guna Cave කියන වනාන්තර ප්‍රදේශයක. ඒක නිසා දමිල කලාකරුවන් කිහිප දෙනෙක්ම මේකට එකතු කරලා තියෙනවා ඒ පරිසරයේ යථාර්ථය පෙන්වන්න විශේෂයෙන් George Maryan ( Kaithi , Leo එකේ නැපෝලියන් ) Ramachandran Durairaj වගේ හොඳම අය.
ඊලඟට ෆිල්ම් එකේ Pre Credits වල නම් කිහිපයක් එනවා ස්තූති කරලා Kamal Hassan & Ilayaraja . ඒ Kamal ගේ 1991 ආපු Guna ෆිල්ම් එකේ Sound track ෆිල්ම් එකේ පාවිච්චි කරලා Nostalgic vibe ගෙනල්ලා තියෙනවා . හේතුව ඒ ෆිල්ම් එකේ සිදුවීම් රූගත් කරලා තියෙන්නෙත් මේ ලොකේශන් එකේ නිසාම. මේ තැනට Guna Cave කියලා නම හැදිලා තියෙන්නෙත් ඒ නිසාම. ඇත්ත නම ෆිල්ම් එකේ කථාව ඇතුලෙ අපිට කියනව.
ඊලඟට වැදගත්ම දේ පැය 2 විනාඩි 15 ක් පුරා අපි දකින්නෙ Based on True story එකක්. ඒක මතක් වෙනකොට තමයි goosebumps Moment එක.මේක ලියනකොටත් එහෙමයි. මේවගේ සිදුවීමක් අපිට උනොත් කොහොමද React කරයිද, React කරන්න ඕනේ කොහොමද කියන එක මටනම් හිතා ගන්නවත් බෑ..
ඉතින් චිත්‍රපට රසිකයෙක් අනිවාර්‍යෙන්ම මේ අවුරුද්දෙ මිස් කරන්නේ නැතිව බලන්නම් ඕන ෆිල්ම් එකක් තමයි මේ Manjumel Boys (2024)

සංජීව දිසානායක ©