අපේ නරියාගේ වටිනා කම.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න ලංකවේ ඉන්න නරින් ගැන ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්.

    ලංකාවේ නරියා වඳ වීම මොනරු වැඩි වීමට හේතු වුණා' BBC Sri Lanka

    ශ්‍රී ලංකාවේ නරියාගේ නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳව අධ්‍යනය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්වවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ සොයා ගැනීම් පළමු වරට BBC සිංහල සේවයට අනාවරණය කරන ලදී.

    ''අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. හරිම වෝකල්. අපි දන්නා විදියට නරියා වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා කළු වඳුරා'' යනුවෙන් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සම්පත් සෙනවිරත්න විස්තර කළේය.
    අතීතයේ පටන් ජනප්‍රවාද, සාහිත්‍ය හා කලාව හා බැඳුනු නරියා ගැන විවිධ තොරතුරු අප දැන සිටිය ද නරි ගැන පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු වී නැත.
    රක්ෂිත ප්‍රදේශ තුළ නරි දක්නට ලැබුණ ද ඉන් පිටත ජිවත් වූ නරින්ගේ ගහනය අඩු වී තිබේ.
    එබැවින් නරියාගේ චර්යාව, ආහාර රටාව, ප්‍රජනනය, පැවැත්මට එල්ල වී ඇති තර්ජන මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා නරියා යොදා ගැනීමට ඇති හැකියාව ගැන ද පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඉස්සර අපේ ගම් පැත්තෙත් රෑට කෑගනවා ඇහෙනවා.මෑතකාලෙනම් දැකලම නැහැ.
    මේ ලඟදි ට්‍රින්කෝ නේවි කෑම්ප් එක ඇතුලේ එකෙක්ව දැක්කා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර අපේ ගම් පැත්තෙත් රෑට කෑගනවා ඇහෙනවා.මෑතකාලෙනම් දැකලම නැහැ.
    මේ ලඟදි ට්‍රින්කෝ නේවි කෑම්ප් එක ඇතුලේ එකෙක්ව දැක්කා.
    ඉස්සර මම පොඩි කාලේ අපේ පැත්තෙත් කෑගහනව ඇහිලා තියනව. 95 පස්සේ වගේ නම් ඒ සද්දේ නැතිවෙලා ගියා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඉස්සර මම පොඩි කාලේ අපේ පැත්තෙත් කෑගහනව ඇහිලා තියනව. 95 පස්සේ වගේ නම් ඒ සද්දේ නැතිවෙලා ගියා.
    මං ඉන්නේ වේලක් අයිනෙ කෙලින්ම කැලේ ඉඳන් එන්න පාර තියනව, ගෙවල් අනන් මනම් මොකුත් නෑ. නරි, ඌරෝ, ඉත්තැවෝ, මොණරු හාවෝ, මිමින්නෝ. ඔක්කොම ඉන්නවා.
    දැන් මාසෙකට විතර කලින් උදේ පාන්දර වැඩට යන්න පාරට ආවා විතරයි තඩි වල් ඌරෝ තුන් දෙනයි. වෙලාවට car එකේ හිටියේ. නැත්තම් ගූ ගිහින් මැරෙන්නේ.. :lol:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඉස්සර මම පොඩි කාලේ අපේ පැත්තෙත් කෑගහනව ඇහිලා තියනව. 95 පස්සේ වගේ නම් ඒ සද්දේ නැතිවෙලා ගියා.
    Nariyo bo karanna puluwan kema dila project ekak patan gatta nm hari ranchu pitin kala walata danna puluwan
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මං ඉන්නේ වේලක් අයිනෙ කෙලින්ම කැලේ ඉඳන් එන්න පාර තියනව, ගෙවල් අනන් මනම් මොකුත් නෑ. නරි, ඌරෝ, ඉත්තැවෝ, මොණරු හාවෝ, මිමින්නෝ. ඔක්කොම ඉන්නවා.
    දැන් මාසෙකට විතර කලින් උදේ පාන්දර වැඩට යන්න පාරට ආවා විතරයි තඩි වල් ඌරෝ තුන් දෙනයි. වෙලාවට car එකේ හිටියේ. නැත්තම් ගූ ගිහින් මැරෙන්නේ.. :lol:
    අපෝ පට්ට නේ. කොහෙද ඉන්නේ උඹ?? කලාවකට කිට්ටු නිසා මේ දවස් වල තියන රස්නෙත් ඒ තරම් දැනෙන්නේ නැතුව ඇති නේද??
    ළඟදී දැක්කා වන බූටෑවේ පැටව් දාල. පොටෝ ටිකක් ගන්න ඕන. මුන් දැක්ක ගමන් හැංගෙනවා.
    අඩෝ මරු මේ බන්. කොහොම හරි පොටෝ එකක් දාහන් අරන්.
    Nariyo bo karanna puluwan kema dila project ekak patan gatta nm hari ranchu pitin kala walata danna puluwan
    එහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද?

    කොළඹ උන්ට නරි බලන්න නං වැඩිය දඟලන්න ඕන නෑ ශ්‍රී ජයවර්ධනපුර අභයභූමියේ ඉන්නවා.
    සිරාවට?? ඒ වගේ පති වලත් ඉන්නවද බන්??
    ------ Post added on May 7, 2024 at 6:52 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ පට්ට නේ. කොහෙද ඉන්නේ උඹ?? කලාවකට කිට්ටු නිසා මේ දවස් වල තියන රස්නෙත් ඒ තරම් දැනෙන්නේ නැතුව ඇති නේද??

    අඩෝ මරු මේ බන්. කොහොම හරි පොටෝ එකක් දාහන් අරන්.

    එහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද?

    සිරාවට?? ඒ වගේ පති වලත් ඉන්නවද බන්??
    ------ Post added on May 7, 2024 at 6:52 PM

    දැන් ගස්වල කොළ හැදිලා තණකොල හැදිලා, වල් වැදිලා උන්ව පේන්නේ නෑ. තව ලොකුවෙලා එලියට ආවම තමයි ගන්න වෙන්නේ.

    ජයවර්ධනපුර රක්ශිතයේ ගොඩක් සත්තු ඉන්නවා මිනිස්සු හින්දා දැන් අඩු ඇති නමුත් තාම ඉන්න ඕන. ඉස්සර සමහර කාලෙට පිස්සු හැදුන නරි පාරට එනවා දැකල තියෙනව. ඉස්සර ඔය පාරවල්වල යනකොට නරි හූ තියනවා ඇහිල තියෙනව.