කුකුළට ජල ගුටි. 🐔 👼

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    image_c50bb24101.jpg


    බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් "කුකුල් චමින්ද" යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.

    මෙම සිද්ධියට සැකපිට දැරියගේ පියා වැලිඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචි සැකකරු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිස මෙම පහර දීම සිදු කර තිබුණි.

    නිවසේ බෝතලයක් තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් පසුගිය 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

    දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,572
    199,692
    113
    Colombo, Sri Lanka
    යකො මගෙ ටැක්ස් සල්ලි වලින් කකා බිබී හිගන කැරිය ඉන්න හැටි බලහන්
    ඇදෙන් බිමට ඇදල දාපියව් ඕකව
    තව පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා බැලුවොත් දියවන්නාවෙත් ඉන්නවා අපේ ටැක්ස් වලින් පිනට කකා ආතල් ගන්න සෙට් එකක්
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    565
    113
    Nugegoda
    නර්ස්ලත් ඇවිත් ගහලා යනවා ඇති 😂
    මැයි 09 වෙනිද මහින්ද එක්ක හිටගන්න කොළඹ ආව බයියො ගුටි කෑව වගේ මූත් වාරික වශයෙන් ගුටි කන්නෙ... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG and stasia