පූස් වලි නවත්තන්න මූට මානසික රෝගයක් තියෙන්න ඕනේ. වෙන ගෙවල් වල පූසෝ අපේ තාප්පෙ උඩ ඉන්නව දැක්කම මම අපේ එකාව අතින් උස්සන් ඇවිල්ල ටිකක් එහාට වෙන්න තාප්පෙ උඩ තියනවා. එතකොට ඌ බෙල්ල වන වන අඩිය අඩිය තිය තිය ටික ටික ලඟට යනවා. උන්ගෙ සද්දෙ ඇහෙනකොට පට්ටම අධ්‍යාත්මික සුවයක් දැනෙන්නෙ.