කාලෙකින් පොස්ට් එකක් දාපු නැති නිසා මට හිතුනා පරණ(vintage) luxury watch එකක් අඩුවට ගන්නේ කොහොමද කියලා post එකක් දාන්න.
මගේ අත්දැකීම අනුව watch එකක් අඩුවට ගන්න තියෙන ලේසිම විදිහක් තමයි ebay use කරන එක. මේ විදිහට 200,000 – 300,000 අතර watch එකක් 60,000-70,000 අතර ගානකට ගන්න පුළුවන්.
Caution!!!!!!
මේ විදිහට watch එකක් ගන්න එකට මාර risk වගයක් තියෙනවා-
ඒක නිසා වැඩේට බහින්න කලින් හොදට research කරන්න.(මම මේ වැඩේ කරන්න පටන්ගත්තේ 2020දී covid නිසා ගෙදරට වෙලා ඉන්නකොට)
- Watch එකට ඕනේ parts නැති වෙන්න පුළුවන්,
- Repair cost එක ගොඩක් high වෙන්න පුළුවන්,
- seller ඔයාව scam කරලා බඩු එවන්නේ නැතුව ඉන්න පුළුවන්.(හැබැයි මේ වගේ වේලාවකදී ebay complain කරලා ගොඩක් වෙලාවට සල්ලි ගන්න පුළුවන්)
මේ විදිහට කරලා මගේ අත්දැකීම මෙහෙමයි. මට ebay auction එකක තිබිලා හබ්මවුනා Omega Seamaster Cosmic 2000 කියලා 1970 විතර හදපු Watch එකක්(REF.166132). Watch එකට වතුර් ගහින් dial එක මලකඩ කාලා movement එක හිර වෙලා තිබ්බේ. Bid කරන්න කලින් මම sellerට message කරලා විස්තර අහගත්තා(seller UK වල).ඊට පස්සේ මම දන්න Watch technician ගෙන් confirm කරා movement එක repair කරලා parts replace කරලා වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා. මම bid කරලා ඊට පස්සේ auction එක දින්නා. Cost එක වුනේ 40,000 වගේ with shipping.
- ebay ගිහිල්ලා watch for parts or repair or broken කියලා search කරන්න, ඕගොල්ලෝ කැමති බ්රෑන්ඩ් එකකින් පොඩ්ඩක් පරණ watch එකක් එතනින් බලන්න.
- Watch එක Repair කරන cost එකයි ලංකාවේ Watch එකට parts ගන්න පුලුවන්ද කියන එක ගැන ලංකාවේ හොද පළපුරුද්දක් තියෙන Watch technician කෙනෙක් ගෙන් අහගන්න.
- ගොඩක් වෙලාවට බලන්න ඕනේ Watch dial එකේ condition එක මොකද dial ලංකාවේ repaint කරන්න බැහැ අනිත් එක තමයි dial එකක් වෙනම ගන්න watch එකේ ගානට වඩා වියදම් කරන්න වෙනවා.
- Watch එකේ movement එකත් වැදගත්, ගොඩක් ETA based movement ලංකාවේ repair කරන්න පුළුවන් හැබැයි සමහර watch කොම්පැනි වල in house movement වලට parts ගන්න එක පට්ට අමාරුයි.
- Seller ඉන්න රට ගොඩක් වැදගත් UK,US,EU country එකක් නම් වඩා හොදයි.India, Bangladesh, Pakistan නම් බඩු sure නැහැ.
- Buy now listing එකක් නැතිව auction විදිහට තියෙන listing එකක් නම් bid කරලා අඩුවෙන් Watch ගන්න ලොකු chance එකක් තියෙනවා.
- Patient වෙන්න, ගොඩක් වෙලාවට ඔයා වෙන buyers ලා outbid කරයි හැබයි කලබල නැතිව වැඩේ කරගන්න.
- Watch strap ගැන වැඩියේ කලබල වෙන්න එපා ලංකාවෙන් හොද එකක් හදා ගන්න පුළුවන්, හැබැයි පුළුවන් නම් Watch එකට එන original clasp(buckle) එක හොයා ගන්න.
ඊට පස්සේ මම කලේ Watch එකට dial හොයන එක. සමහර sellers ලා used watch dial lots විකුණනවා. ඒ කියන්නේ Omega dial 20 විතර එකට විකුණන එක. මට ලොට් එකක් හම්බවුනා France වල ඉන්න seller කෙනෙක්ගේ, එකේ dial ගොඩක් මැද මට ඕනේ එක තිබ්බා. මම මිනිහට message කරලා ඇහුවා මට ඕනේ dial එක විතරක් ගන්න කීයක් ඕනෙද කියලා. Seller කිව්වා 10,000 දෙන්න කියලා මම එකට එකග වුනා.(dial එක perfect නැහැ එක කොනක පොඩි damage එකක් තිබ්බා)
Covid නිසා බඩු ලංකාවට එන්න පොඩි කාලයක් ගියා Watch එක repair කරලා ගන්න 17,000 වගේ ගානක් ගියා.
Total cost එක 67,000/- වගේ ගියේ. Watch එකට හරි යන strap එක මම liberty plaza එකේ කඩයකින් ගත්තා.
මේ තියෙන්නේ Watch එක-
View attachment 231474
ඊට සමාන Watch එකක listing එකක්-
https://www.chrono24.com/omega/seam...3035521.htm?searchHash=c80adff0_cGYevs&pos=26
මේ වැඩේ risk එකක් තියෙනවා. හැබැයි හොදට research කරලා වැඩේ කලොත් ගොඩ දාගන්න පුළුවන්.
Bambino v2 ekak mewage goda dagattot keeyk yawida

