ඉස්සර අපි මාළිගාවත්ත ඉන්න කාලේ මම වැඩ කරේ ටවුන් එකේ කඩේක. දෙමළ මනුස්සයෙක්ගේ කඩේ. අපි කොල්ලො තුන් දෙනෙක් හිටියා වැඩට බොසාගේ අක්කගේ පුතා සෙල්වම් කියලා එකෙකුයි මමයි, අපි ෆිට් එකට නජ්ජා කියපු එකෙකුයි. බොස්ගේ නම රාජ ක්‍රිශ්ණන් වගේ නමක්. ඉතිං බොසා ආගම දහමට හෙනම ලැදියි. හැමදාම හවසට අලුත්ම ගිතෙල් පහන් තුනක් පත්තු කරලා පූජාව තියනවා.
දවසක් බොසා පූජාව තියන්න එක පහණකට ගිතෙල් මදිවුනා. ඉතිං නජ්ජට බොසා කිව්වා "තෙල් ටිකක් අරං වරෙං ඉක්මනට මම නාලා එන්නම්" කියලා. බොසා පූජාවට කලින් නාන නිසා නජ්ජා ගියා. මූ ආවා අපි ඇහුවා කෝ තෙල් කියලා. (මුට වෙලාවකට අමතක වෙන ලෙඩක් තියෙනවා) මූ අර සල්ලි වලින් තෙල් නෙවේ උට බඩගින්නක් ඇවිත් කැඳ අරං.(අර මුස්ලිම් අය බොන්නෙ කන්ජි කියලා ලා කහ පාට උකු එක) දැන් බොසාගෙන් ආයෙ සල්ලි ඉල්ලුවොත් මූ බැනුම් අහනවා. බොසා තාම නානවා. මුට දැන් කරගන්න දෙයක් නෑ. මූ මොකද කරේ කන්ජි ටිකක් අරං හිතෙල් වෙනුවට වක් කරලා ඉතුරු දෙකේ ඒවත් හිස් එකට දාලා මික්ස් කරලා පහන් තුනම එකම කලර් එකට අරං බොසා එද්දි අක්කගෙ පුතා පූජාව රෙඩි කරා වගේ හිටියා.
දැන් බොසා ඇවිත් පූජාවට පහන් පත්තු කරා පත්තු වෙන්නෙ නෑ.
දැන් වෙලාවත් පනිනවා. පොරට තද වෙලා නජ්ජගෙන් ඇහුවා තෝ කොහෙන්ද මේ තෙල් ගෙනාවෙ පන්චිකාවත්තෙන්ද කියලා. නජ්ජා මීක් නෑ. ආයේ දැන් සැරින් අහනවා මොනවද යකෝ මේ කියලා. නජ්ජා දැන් බයවෙලා සැරටම. මුට පහනට දෙමළෙන් කියන වචනේ දන්නෑ(නජ්ජා මුස්ලිම් බොසත් දෙමළෙන් තමා කතාකරන්නේ කඩේ ඇතුලේ) මූ දැන් කියනවා වෙව්ල වෙව්ල මුට වචන එන්නෙත් නෑ. යන්තම් වචනයක් බයෙන් පිටකරා පහන කියලා. ආයේ බොසා සැර කරද්දි කන්ජි කිව්වා. බොසා මළපැනලා මුට "මොනාද යකෝ හරියට කියපන්" කියලා මුගෙ පැත්තට එද්දිම මූ "ක..ක..කන්ජි පහන, කන්ජි පහනට දැම්මා" කියලා සිංහලෙන්ම කිව්වා.
බොසා මුට දෙසබෑවා කන්ජි බුරියෙන් එන්න. කොහොමහරි එදා ඉදන් මුට අපි කිව්වෙ කන්ජි පහන කියලා. ඔහොම ඔහොම ඒ පැත්තේ හැමෝම කන්ජි පහන ගාද්දි මුස්ලිම් කොල්ලොන්ට එහෙම හරියට පහන කියන්න බෑ. උන් කන්ජි පහනට පාන කියන්නෙ. ඉතිං කන්ජි පහන පාන වුනා. ඔන්න ඔහොමයි අපේ නජ්ජා එහෙමත් නැත්තන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් කන්ජිපාන ඉම්රාන් වුනේ.

Last edited: