ඉන්දියාව ලංකාවට ණය දීම අත්හිටුවයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ආර්ථිකය ස්ථාවරයයි" රාජපක්ෂ (iii) රජතුමා ටෝක් ඉෂු කිරීමෙන් පසු ඉන්දියාව ලංකාවට ණය දීම අත්හිටුවයි

    ceylonwire

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකයේ තත්ත්වය අනුව ඉන්දියාව නව ව්‍යාපෘති සඳහා ණය ලබා දීම හෝ ණය ක්‍රමයන් (ක්‍රෙඩිට් ලයින්) ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

    ඒ වෙනුවට, ප්‍රදාන ඔස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සමාන ආයෝජන මත පදනම් වූ ව්‍යාපෘති කෙරෙහි ඉන්දියාව අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.

    දැනට ක්‍රියාත්මක වන එවැනි ණය ව්‍යාපෘති අතර ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා මහව සිට අනුරාධපුරය දක්වා විහිදෙන සංඥා පද්ධතියක් සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන ව්‍යාපෘතියයි.

    ඒ සඳහා වන ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 14.90කි.

    කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක එවැනි ව්‍යාපෘතිවලට නව තීරණයෙන් බලපෑමක් ඇති නොවන බව ද වාර්තා වේ.

    ශ්‍රී ලංකාව මෑතකදී ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළේය.

    ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ද්විපාර්ශ්වික ණය දෙන්නන් තිදෙනාගෙන් අයෙකි.

    කන්කසන්තුරේ වරාය සංවර්ධනය ද ඉන්දියාව ආධාර ව්‍යාපෘතියක් බවට පත් කර ඇත.

    ඒ සඳහා ඉන්දියාව මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ප්‍රකාශයට පත් කර තිබුණ ද දැන් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කර ඇත.

    මේ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කරන නමුත් රටේ තත්ත්වය සතුටුදායක ලෙස යහපත් අතට හැරෙන තුරු කිසිදු නව යෙන් ණයක් අනුමත නොකරන බව ජපානය ද මීට පෙර නිවේදනය කළේය.

    ජපානය විසින් යළි ආරම්භ කරන ව්‍යාපෘති අතරට මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ 2 වැනි අදියර , හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර , කැලණි ගඟ හරහා නව පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය ඩිජිටල්කරණය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වැනි අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති තිබේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අර මුහුදු සීමාවෙ තියන වටිනකියන දෙයක් උන්ට දෙන්න කුනු කොල්ලෙට...
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඒ වෙනුවට, ප්‍රදාන ඔස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සමාන ආයෝජන මත පදනම් වූ ව්‍යාපෘති කෙරෙහි ඉන්දියාව අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.
    ඉතින් හොදයි නේ ඔයි ණය නැති කරලා ප්‍රදාන දෙනවා 🤩🤩
    තමුසේ ගංජා ගහලා ද Thread දාන්නේ🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් හොදයි නේ ඔයි ණය නැති කරලා ප්‍රදාන දෙනවා 🤩🤩
    තමුසේ ගංජා ගහලා ද Thread දාන්නේ🤣🤣
    Larry David What GIF by Saturday Night Live
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    නෙද්දකින් විතරක්. යකෝ අතපය හතර හොඳට තියාගෙන පිනට කන්න හොයන එවුන්ගෙ අතපය එකට ගැටගහල අලින්ව දම්මල පුකේ අරින්න ඕනේ වැලපිලාම මැරෙන්න :angry::angry:
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඇත්තනෙ කිව්වෙ. උඹට කසනවා වගේද ?

    1. රාජපක්ෂ (iii) රජතුමා - ඇත්ත
    2. ටෝක් ඉෂු කිරීමෙන් පසු- ඇත්ත
    3. ඉන්දියාව ලංකාවට ණය දීම අත්හිටුවයි - ඇත්ත
    උබට ඉන්දියාවෙන් කිවුද ආර්ථිකය ස්ථාවරයි කියපු නිසා ණය නැවැත්තුවා කියලා🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම හිතන් හිටියේ ඔක්කොම මේ වෙනකොට පැත්ත බලන් නෑ කියලා. මේ වෙනකං හරි දිලද ඒ කියන්නේ
     
    • Haha
    Reactions: topkollek