මේකයි සීන් එක. අපේ ගෙදර සමහර බිත්ති කඩලා කාමර ලොකු කරගන්න අදහසක් තියනවා. ඒ කියන්නේ කාමර දෙකක් එකතු කරලා, එකක් කරන්න වගේ. හැබැයි ඔය කඩන බිත්ති උඩින් වහලේ බාල්ක යනවා. ඒක නිසා කඩන බිත්ති වෙනුවට, කොන්ක්‍රීට් බීම් දාන්න ගියොත් වැඩේ බරපතල් වැඩී කියලා මට හිතෙනවා. ඒකනිසා වානේ බීම් දාලා මේ වැඩේ කරන්න පුලුවන්ද කියලා මට එළකිරි සිවිල් කට්ටියගෙන් දැනගන්න ඕන. එහෙම වානේ බීම් දානවනන්, ඒවාට යන වියදම කොහොමත් කියල දළ අදහසක් ගන්නත් ඕන. (අපේ ගෙදර තනි තට්ටුවේ, අගල් 9 බිත්ති තියෙන්නේ. 1962 වගේ තමයි හදලා තියෙන්නේ.)