තම්බි ආයේ කන්නද හදන්නේ ඇයි මු මෙහෙම කියන්නේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    දැන් අරුන් ඔක්කොම එකතුවෙලා ඊශ්‍රායලයට නේ ගහන්න යන්නේ එතකොට ඊශ්‍රායලයට නේ යන්න එපා කියන්න ඕනේ .මුන් දැනටම හිත හදාගෙන ද කොහෙද කෑම කන්න

    අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.


    මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.


    ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති.
    ===================================================================================================================================================

    ඊශ්‍රායලයට රිද්දන්න ඉරානය ප්‍රමුඛ කණ්ඩායම් සූදානමින්​

    ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය අද (02) වාර්තා කළේය.

    ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් ඊයේ (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

    එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.

    ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාරයකට සූදානම් වන බවට එක්සත් රාජධානිය පදනම් කරගත් යුද නිරීක්ෂණ කණ්ඩායමක් අනතුරු අඟවා ඇති බවත් බොහෝ දුරට එම ප්‍රහාරය සිරියාවේ ඩමස්කස් නුවර සහ සිරියානු කාන්තාරවල සිට එල්ල වීමට ඉඩ තිබෙන බවට එම කණ්ඩායම අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එසේම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය මැඩ පැවැත්වීමට ඇමෙරිකා භටයන් මැදිහත් නොවූවොත් ඔවුන් ඉලක්ක නොකරන ලෙස සියලුම සංවිධානවල සාමාජිකයන්ට අණ ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
     
    • Haha
    • Like
    Reactions: lilman and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං අැයි ඔච්චර බය?😹😹😹ගහනවනම් ගහපංකෝ ඵච්චරයි..මම නම් ඔය රටවල් ඵකකටවත් කැමති නෑ..😹😹
     
    • Like
    Reactions: NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,596
    3,217
    113
    අද කෑම දෙන්න යන්නෙ. ඔය අත ඇරලා දාපු ගරජ් එකක්ට වගෙ ගහල තියෙයි හෙට වෙද්දි 😂

    හැබැයි මම නම් කැමතියි ඊසුරයල් කාරය්නට ලොද බහින්න දෙනවා නම්, ඕකුන් ලෝකෙට තියෙන ලොකුම හෙනෙයක්
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊශ්‍රායලයට රිද්දන්න ඉරානය ප්‍රමුඛ කණ්ඩායම් සූදානමින්
    Michael Jordan Lol GIF
     
    • Haha
    Reactions: thomian and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,225
    198,897
    113
    Colombo, Sri Lanka
    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන වැළපෙන්න හදන්නේ. එකෙක් ශිල්ප දක්කන්න ගිහින් දැන් රටක් තියන තැනක් වත් හොයා ගන්න නැතිවෙලා .... :p