අර්බුදයකට මැදිව සිටින බංගලදේශයේ මැතිවරණයක් පවත්වන තෙක් පිහිටුව අන්තර් පාලන රජයේ වගකීම් භාර ගැනීමට එරට විපක්ෂය මගහරිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් බංග්ලාදේශය දැඩි අස්ථාවරත්වයක් කරා වේගයෙන් ඇදී යමින් පවතී.
දැනට එරට හමුදා පාලනය යටතේ පවතින අතර හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මැතිවරණයක් පවත්වන තෙක් අන්තර් පාලන රජයක් පිහිටුවන බවයි.
එරට පාර්ලිමේන්තුවද අද දිනයේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත.
අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ග්‍රාමීන් බැංකුවේ සමාරම්භක 84 වියැති ආචාර්ය මොහොමඩ් යූසුෆ් බංගලාදේශ ජනාධිපතිවරයා ලෙස පත්කරන ලෙසයි.
නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී පත්කළ යුතුබවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත් විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පැවැසුවේය.
අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කළේය.