JVP ජවිපෙ 3% ට බැස්සෙ ඇයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සින්හල ජාතියටයි බුද්ධාගමටයි එළිපිට අපහාස කරන එක.

    මයික් එකක් අහුවුනාමට ඔය දෙකට හති වැටෙනකම් ගහලා,සිහලුන්ගෙන් චන්දේ ඉල්ලනවා .දෙයිද ඉතින් ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    මයික් එකක් අහුවුනාමට ඔය දෙකට හති වැටෙනකම් ගහලා,සිහලුන්ගෙන් චන්දේ ඉල්ලනවා .දෙයිද ඉතින් ..
    :baffled::baffled::baffled: හැබැයි මෙහෙම එකක් තියෙනව මයික් එක ලැබුනම හති වැටෙනකම්ම සින්හල ජාතියයි බුද්ධාගම ගැන කතා කරල අත යටින් ඩීල් දැම්මට අවුලකුත් නෑ කියන එකත් ඔප්පු වෙලා තියෙන දෙයක්.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    විමල් වීරවංශ වගෙ චරිතයක් අයින් වෙච්ච එකම ජෙවිපි එකට සැහෙන්න බලපෑවා වගෙ.
     
    Nov 3, 2020
    2
    1
    3
    ඕකුන්ගේ අධි මාන්නය වගේම මිනිසුන්ට පහත් විදියට අපහාස කරපු නිසා.
     
    • Like
    Reactions: erozan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර හිටිය බුද්දිමත් ජෙප්පෝ නෑ දැන්. ඉන්නේ ඔක්කොම සල්ලි පස්සේ යන ජෙප්පෝ.... ලප ජෙප්පා වගේ.... කයිය විතරයි..... හාමු=ජෙප්පෝ උනා අන්තිමට... 3% එකයි...පාරම්පරික ජෙප්පෝ ඇරෙන්න අලුතින් ජෙප්පෝ බිහිවෙන්නේ නෑ.
     
    • Like
    Reactions: erozan

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113

    අනුර, ටිල්වින්, විජිත, හදුන්, නලින්ද, සමන්ත වගේ අයගෙන් පස්සේ සංවිධානය කරගෙන යන්න දෙවෙනි පෙළක් හදලා නෑ. ත්ව අවුරුදු 5ක් යද්දි ජවිපෙට යන එන මන් නැතිවෙනවා නාගරික පන්තියෙ එවුන්ගෙන් මිදිලා එදාවේල හම්බ කරන් කන නිර්ධන පන්තියෙ එවුන්ව අල්ල ගත්තේ නැතොත්. හැබයි ජවිපෙන් විමල් කැටිපේආරච්චි පට්ට කැම්පේන් එකක් කරගෙන යනවා. මිනිහා කවදාහරි ජවිපෙ හෝ අතුරු කන්ඩායමක නායකය වෙයි. පොහොට්ටුවෙ අය නාමල්, නිපුන, රමේශ් පතිරණ, වගෙ තරුණ නායකයොන්ගෙන් දෙවෙනි පෙළක් හදලා උන්ව පාර්ලිමේන්තු ගෙනල්ලත් තියෙනවා. ජවිපෙට වෙන්නත් යුඑන්පියට වුනදේම තමයි, යුඑන්පි එවුන් 2020 පටන් ගත්තෙ නායකත්වය දෙවෙනි පෙළට දුන්නේ නෑ, පරණ හම්පඩ නාකියො ටිකම කරගෙන ගියා, ඒකෙන් වුනෙ යුඑන්පී දෙවෙනි වෙල සමගි ජන බලවේගය කියල අලුත් පක්ෂයක් හදාගත්ත, එහෙම කරපු එක අසාර්ථක වුනෙත් නෑ, මිනිස්සු අලියා අතෑරල උන්ට ජන්දෙ දුන්නනෙ,
    Well said sir....👏
     
    • Love
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට එක් තරා ලිපියක් කියෙව්වාහම තමා මෙ අදහස ආවෙ .

    ජවිපෙ නියොජනය කරපු පන්තිය ගත්තොත් නිර්ධන පන්තිය.
    ජවිපෙට ඡන්දෙ දුන්නෙත් මෙ නිර්ධන පන්තියම තමා .

    ඒ නිර්ධන පන්තියට
    උගත් ගැමි අයත් ,ලොකු උගත් කමක් නැති ගැමි අයත් හිටියා.
    කොහොම හරි ජවිපෙ පාක්ෂිකයා උනෙ මේ නිර්ධන පන්තියෙ ගැමි ජනතාව

    එත් සොෂල් මීඩියාස් හරහා ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක
    ජවිපෙ නිර්ධන ගැමි ජනතාවගෙන් ඈත් වෙන්න ගත්තා
    ඒ වෙනුවට නාගරික ජාතිකත්වයට විරුද්ධ උගතුන් අතරත්
    රැඩිකල් නාගරීකයන් අතරත් තමා ජවිපෙ ජනප්‍රිය වුණෙ.
    ජවිපෙ වැඩ කරෙත් ඒ අයගෙ අවශ්‍යතාවට.
    සමහරු රටවල් වල ගිහින් සල්ලි හොයන අය ,සමහරු රටවල් වල ගිහින් ඉගෙන ගත්ත අය.

    නිර්ධන පන්තියක් ගැන කියෙව්වාට ජවිපෙ ආකර්ශනය වෙලා තියෙන්නෙ සැබෑ නිර්ධන පන්තියට නෙමෙ.

    ආකර්ශණය වෙලා තියෙන්නෙ
    ජාතිකත්වයට විරුද්ධ ලිබරල් අදහස් තියෙන
    නාගරිකරනයට ලක්වෙච් පහල මධ්‍යම පාන්තිකයන් අතර.

    මේ අයගෙ උවමනාව ආකර්ශනය වෙනුවෙන් තමා ජවිපෙ වැඩ කරන්නෙ ?


    හා නැද්ද ?
    මෙක නෙමෙද ජවිපෙ වඳවී යාමට හේතුව ?


    නිර්ධන ගැමියා ඈත් වීම සහ නාගරික ලිබරල් පහල මධ්‍යම පාන්තිකයා ආකර්ශණය වීම සහ ඒ අයගෙ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාකිරීම ?

    බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි
    ඕච්චර දාර්ශණික දෙයක් නෙවෙයි.

    විමල් ගොයියා ඒ කාලේ සෑහෙන්න ජනප්‍රිය වෙලා හිටියේ. ජෙප්පන්ට ආසන 20ක්ද කොහෙද තිබුනා. හැබැයි ජෙප්පො දෙවෙනි පෙලක් හදල තිබුන්නෑ. ඒ අතරේ මයිනා හෙමීට විමලෙට කොක්ක ගැහුවා. ඕක දැනගත්ත ජෙපි මහ එවුන් විමලේව පක්ෂෙන් පැන්නුවා. මයිනා ඌව රෙද්ද අස්සෙ දාගත්තා. මයිනා දිගටම ජෙප්පන්ට මඩ ගහන මීඩියා ගේම ඇදගෙන ගියා. ජාතිවාදේ ඇදගෙන ගියා. ඒ අස්සේ යුද්දේ දින්නා. අරුන් 3 ට වැටුනා