ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පෙරේදා රාත්‍රී ගම්පොළ බෝතලාපිටිය උත්සව ශාලාවක පැවති ජන හමුවේදී සිය ආධාරකරුවන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට සූදානම් වීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පැමිණ එම සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ඔවුන් බාරයට ගෙන ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට කටයුතු කොට තිබේ.
රැස්ව සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණි.
ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ ආහාර විශාල හට්ටි තුළ දමා මෙම ස්ථානය වෙත රැගෙන එමින් තිබියදී එම ආහාර මෙසේ එම නිලධාරීන් භාරයට ගෙන තිබිණි.
මෙම ජන හමුව රාත්‍රි අටයි තිහට යොදා තිබූ අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය අලි සබි්ර මහතා ඇතුළු කථිකයන් රැසක් සහභාගි වී සිටියහ. මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබිණි. එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත මැති ඇමැතිවරු පැමිණ එම දේශපාලන රැස්වීම පවත්වාගෙන යන ලදී. පාක්ෂිකයන්ට සංග්‍රහ කොට ඡන්දය ලබාගැනීම නීති විරෝධී කටයුත්තක් හෙයින් මෙම වැටලීම සිදුකොට තිබිණි.
@J Starlin AKA @Pukmanta AKA @P Gunaratnm
@2osama @dxx @hirashgeff @monson
monawada oi me lejja nethi weda. ponil pons danne nedda owa karanna baha kiyala