වල්ලි අම්මේ ඔබ ආවේ කොහෙන් දෝ..

hpalpola

Well-known member
  • පහුගිය දිනක ඔබ දකින්න ඇති කතරගම දේවාලයට ලැබුන ආධාර වලින් පිළිකා රෝහලට ළමා වාට්ටුවක් ඉදි කරන්නට වුනා. කතරගම දෙවියො නැත්නම් ස්කන්ධ කුමාර නැත්නම් මුරුගන් වන්දනා කරන සිංහල බෞද්ධයො විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ කතරගම දෙවියො ගැන නෙමෙයි. කතරගම දෙවියො එක්ක සම්බන්ධ කරලා කතා කරන වෙනත් චරිතයක් ගැන කතා කරන්න. ඒ තමයි 'වල්ලි අම්මා'.

    ලංකාවෙදි කතරගම දෙවියන්ට වල්ලි අම්මා හම්බවුනා කියලා තමයි සිංහලයො කියන්නෙ නැත්නම් විශ්වාස කරන්නෙ. ලංකාවේ ලියැවෙන පොත පතේ ලියැවෙන්නෙත් එහෙමයි.

    අපි බලමු ටිකක් මේ ගැන.

    ලංකාවේ ප්‍රසිද්ධ කතරගම දෙවියො ඒ කියන්නෙ ස්කන්ධ කුමාර, සිංහල දෙවියෙක් නෙමෙයි. හින්දු සම්භවයක් තියෙන දෙවි කෙනෙක්. මේ දෙවියො උපදින හේතුව පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ සඳහා ප්‍රධාන ම හේතුව තමයි තාරක කියන අසුරයා. මේ අසුරයා ව පරද්දන්න තමයි ස්කන්ධ කුමාර උපදින්නේ. විවිධ පුරාණ ග්‍රන්ථවල ශිව දෙවියන්ට හා පාර්වතීට දාව අග්නි දෙවියන්ගෙත් උදව්වෙන් ස්කන්ධ කුමාර ඉපැදුන හැටි සඳහන් වෙනවා. මේ විදියට උපදින ස්කන්ධ කුමාර, තාරක අසුරයාව පරද්දනවා. සමහරක් පුරාණ ග්‍රන්ථවලට අනුව තාරක අසුරයාව පරදවන ස්කන්ධ කුමාරට ඉන්ද්‍ර දෙවියො තමුන්ගෙ දුව වෙච්චි දේවසේනාව විවාහ කරලා දෙනවා. තවත් පුරාණ ග්‍රන්ථවලට අනුව ස්කන්ධ කුමාර විවාහ වෙන්නෙ නැහැ. ඔහු තනිවම ජීවත් වෙනවා.

    මෙතනදි මන් ආශ්‍රය කර ගන්නේ විෂ්ණු පුරාණය, වායු පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරුඬ පුරාණය, ස්කන්ධ පුරාණය, භගවත පුරාණය, ශිව පුරාණය, බ්‍රහ්ම පුරාණය, වාමන පුරාණය, බ්‍රහ්මණ්ඩ පුරාණය, පද්ම පුරාණය සහ ලිංග පුරාණය කියන පුරාණ ග්‍රන්ථ. හින්දු සාහිත්‍යය සම්බන්ධයෙන් මේ පුරාණ ග්‍රන්ථ කරුණු සෑහෙන්න දක්වලා තියෙනවා. මේ පුරාණ ග්‍රන්ථවල ස්කන්ධ කුමාර ගැන විවිධාකාරයෙන් කරුණු දක්වලා තියෙන බව ඒවා කියැව්වොත් ඔබට පෙනේවි.

    හැබැයි මේ එකදු පුරාණ ග්‍රන්ථයකවත් 'වල්ලි අම්මා' ගැන සඳහන් වෙන්නෙ නැහැ.

    එහෙමනම් අපිට හිතන්න පුළුවන් මොකක් ද? ස්කන්ධ කුමාර නැත්නම් කතරගම දෙවියන්ට සම්බන්ධ කොට වල්ලි අම්මා කියන චරිතය පසුකාලීනව එකතු වී ඇති බවයි. හරියට ශ්‍රී ක්‍රිෂ්ණාට රාධා එකතු වූවා සේ. එසේ එකතු වී ඇත්තේ උතුරු ඉන්දියානු ආභාසය නිසා නොවේ. එසේ එකතු වී ඇත්තේ දකුණු ඉන්දීය ආභාසයෙන්. මොකද දකුණු ඉන්දියාවේ දී ස්කන්ධ කුමාරට වල්ලි සම්බන්ධ කරන නිසා.

    ඉතින් ඔබ කතරගම දෙවියන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

    12th_century_Vali_and_Subramanya,_Alampur_Museum,_Telangana_2.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,675
    113
    ස්කන්ධ කුමාර ඉන්දියාවේ ඉඳලා ඇවිදින්, මං දිව්‍ය ලෝකෙන් ආවේ කියලා කතරගම මිනිස්සුන්ව රවට්ටගෙන හිටියා වෙන්න බැරිද වල්ලිවත් දැලේ දාගෙන.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ස්කන්ධ කුමාර ඉන්දියාවේ ඉඳලා ඇවිදින්, මං දිව්‍ය ලෝකෙන් ආවේ කියලා කතරගම මිනිස්සුන්ව රවට්ටගෙන හිටියා වෙන්න බැරිද වල්ලිවත් දැලේ දාගෙන.
    සෝනු නිගම් වගේ එකෙක් ඈත තියා එනව දැක්කම ලංකාවෙ කලු කැත සිංහලයො ඈත තියාම වදින්න ඇති. ඌත් ඉතින් ආතල් එකේ සැප විද විද එන්න ඇති
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771

    dan kiyalath wenasak nane ban සෝනු නිගම් වගේ එකෙක් sudu adagena pansalakata hemin hemin awath athu dana gala wadinne ape un
     
    • Haha
    Reactions: Aldren

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ස්කන්ධ කුමාර කියන්නේ ඉන්දියන් දෙවියෙක්. කතරගම දෙයියෝ කියන්නේ සිංහල දෙවියෙක්. ඕක දැන් ගොඩ දෙනෙක් වරද්දා ගන්නවා. සීංහළුන්ට අනුව කතරගම දෙයියෝ කදිර මහාසේන කියන රජ්ජුරුවෝ. දුටුගැමුණු ගේ සීයා කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඉන්න කලේ හිටියා කියන
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ස්කන්ධ කුමාර කියන්නේ ඉන්දියන් දෙවියෙක්. කතරගම දෙයියෝ කියන්නේ සිංහල දෙවියෙක්. ඕක දැන් ගොඩ දෙනෙක් වරද්දා ගන්නවා. සීංහළුන්ට අනුව කතරගම දෙයියෝ කදිර මහාසේන කියන රජ්ජුරුවෝ. දුටුගැමුණු ගේ සීයා කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඉන්න කලේ හිටියා කියන
    :shocked:
     
    • Like
    Reactions: NRTG

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මහසෙන් දෙවියන්ගෙ ගල් පිළිමෙ තියෙනව කිරිවෙහෙර ගාවම. පොඩි කාලෙ අපලවලට බාර වුණේ ඕකට. දැන් නං කපුවො ටිකක් ඉන්නව සල්ලි දෙනකං බලාගෙන.
     
    hpalpola

    Well-known member
  • මහසෙන් දෙවියන්ගෙ ගල් පිළිමෙ තියෙනව කිරිවෙහෙර ගාවම. පොඩි කාලෙ අපලවලට බාර වුණේ ඕකට. දැන් නං කපුවො ටිකක් ඉන්නව සල්ලි දෙනකං බලාගෙන.
    කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා
     
    • Like
    Reactions: NRTG and sylvaticus

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    පහුගිය දිනක ඔබ දකින්න ඇති කතරගම දේවාලයට ලැබුන ආධාර වලින් පිළිකා රෝහලට ළමා වාට්ටුවක් ඉදි කරන්නට වුනා. කතරගම දෙවියො නැත්නම් ස්කන්ධ කුමාර නැත්නම් මුරුගන් වන්දනා කරන සිංහල බෞද්ධයො විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ කතරගම දෙවියො ගැන නෙමෙයි. කතරගම දෙවියො එක්ක සම්බන්ධ කරලා කතා කරන වෙනත් චරිතයක් ගැන කතා කරන්න. ඒ තමයි 'වල්ලි අම්මා'.

    ලංකාවෙදි කතරගම දෙවියන්ට වල්ලි අම්මා හම්බවුනා කියලා තමයි සිංහලයො කියන්නෙ නැත්නම් විශ්වාස කරන්නෙ. ලංකාවේ ලියැවෙන පොත පතේ ලියැවෙන්නෙත් එහෙමයි.

    අපි බලමු ටිකක් මේ ගැන.

    ලංකාවේ ප්‍රසිද්ධ කතරගම දෙවියො ඒ කියන්නෙ ස්කන්ධ කුමාර, සිංහල දෙවියෙක් නෙමෙයි. හින්දු සම්භවයක් තියෙන දෙවි කෙනෙක්. මේ දෙවියො උපදින හේතුව පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ සඳහා ප්‍රධාන ම හේතුව තමයි තාරක කියන අසුරයා. මේ අසුරයා ව පරද්දන්න තමයි ස්කන්ධ කුමාර උපදින්නේ. විවිධ පුරාණ ග්‍රන්ථවල ශිව දෙවියන්ට හා පාර්වතීට දාව අග්නි දෙවියන්ගෙත් උදව්වෙන් ස්කන්ධ කුමාර ඉපැදුන හැටි සඳහන් වෙනවා. මේ විදියට උපදින ස්කන්ධ කුමාර, තාරක අසුරයාව පරද්දනවා. සමහරක් පුරාණ ග්‍රන්ථවලට අනුව තාරක අසුරයාව පරදවන ස්කන්ධ කුමාරට ඉන්ද්‍ර දෙවියො තමුන්ගෙ දුව වෙච්චි දේවසේනාව විවාහ කරලා දෙනවා. තවත් පුරාණ ග්‍රන්ථවලට අනුව ස්කන්ධ කුමාර විවාහ වෙන්නෙ නැහැ. ඔහු තනිවම ජීවත් වෙනවා.

    මෙතනදි මන් ආශ්‍රය කර ගන්නේ විෂ්ණු පුරාණය, වායු පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරුඬ පුරාණය, ස්කන්ධ පුරාණය, භගවත පුරාණය, ශිව පුරාණය, බ්‍රහ්ම පුරාණය, වාමන පුරාණය, බ්‍රහ්මණ්ඩ පුරාණය, පද්ම පුරාණය සහ ලිංග පුරාණය කියන පුරාණ ග්‍රන්ථ. හින්දු සාහිත්‍යය සම්බන්ධයෙන් මේ පුරාණ ග්‍රන්ථ කරුණු සෑහෙන්න දක්වලා තියෙනවා. මේ පුරාණ ග්‍රන්ථවල ස්කන්ධ කුමාර ගැන විවිධාකාරයෙන් කරුණු දක්වලා තියෙන බව ඒවා කියැව්වොත් ඔබට පෙනේවි.

    හැබැයි මේ එකදු පුරාණ ග්‍රන්ථයකවත් 'වල්ලි අම්මා' ගැන සඳහන් වෙන්නෙ නැහැ.

    එහෙමනම් අපිට හිතන්න පුළුවන් මොකක් ද? ස්කන්ධ කුමාර නැත්නම් කතරගම දෙවියන්ට සම්බන්ධ කොට වල්ලි අම්මා කියන චරිතය පසුකාලීනව එකතු වී ඇති බවයි. හරියට ශ්‍රී ක්‍රිෂ්ණාට රාධා එකතු වූවා සේ. එසේ එකතු වී ඇත්තේ උතුරු ඉන්දියානු ආභාසය නිසා නොවේ. එසේ එකතු වී ඇත්තේ දකුණු ඉන්දීය ආභාසයෙන්. මොකද දකුණු ඉන්දියාවේ දී ස්කන්ධ කුමාරට වල්ලි සම්බන්ධ කරන නිසා.

    ඉතින් ඔබ කතරගම දෙවියන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

    View attachment 236309
    මෙහෙම පොරක් ඉදලද ඇත්තටම....
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    Katharagama dewale aluth basnayake nilame piliwelata wada karana kenek wage. YT interview ekak baluwa

    Niyameta explain karanawa okkoma. Talk with chathura program eka kamathi nm balanna. Marama widihata igena ganna dewal thiynawa

    Anda bhakthiya ehema oluwen ain karaganna puluwan
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    අන්ද බක්ති නොවන බක්තිත් ඇද්ද?
    Atheist da umba?

    Madyama prathipadawe giya nm laukika wagema lokoththara jeewithaya tatath hondai
    Mama methana anda bhakthiya kiyala adahas kare example ekak widihata palathuru wattiye thiyala salli pooja karana eka.

    Eka gana basnayake nilame thuma honda pahadili kirimak kara
     
    • Like
    Reactions: NRTG

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    Atheist da umba?

    Madyama prathipadawe giya nm laukika wagema lokoththara jeewithaya tatath hondai
    Mama methana anda bhakthiya kiyala adahas kare example ekak widihata palathuru wattiye thiyala salli pooja karana eka.

    Eka gana basnayake nilame thuma honda pahadili kirimak kara

    එල එල ගුරුතුමනි
     
    • Love
    Reactions: NRTG and sahan50