වල්ලි නිසා අමතක වූ දේවසේනා.
කතරගම දෙවියො නොවඳිපු කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? කතරගම දේවාලෙට නොගිය කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? මහාසේනව පස්සට දාලා ඉස්සරහට එන්න කාර්තිකේයට පුළුවන් වුනේ කොහොමද? ඒවා පස්සට. මාතෘකාව වල්ලි සහ දේවසේනා.
වල්ලිඅම්මා ගැන නොදන්න කෙනෙක් නැති වුනාට දේවසේනා ගැන දන්නෙ ටික දෙනයි. සිංහල අපි දකින කාර්තිකේය ලඟ ඉන්නෙ වල්ලිඅම්මා විතරයිනෙ. කාර්තිකේයගේ දකුණු ඇලපත අයිතිකාරි නැත්නම් ඒ ඇලපත උඩ වාඩි වෙලා ඉන්නෙ දේවසේනා. වම් ඇලපත උඩ වාඩි වෙලා ඉන්නෙ වල්ලිඅම්මා.
කව්ද මේ දේවසේනා. සමහරු කියන්නෙ දේවසේනා කියන්නෙ ඉන්ද්‍රගෙ දුව කියලා. තවත් අය දේවසේනාව ප්‍රජාපති දක්ෂ්ගෙ දුවෙක් විදියටත් දක්වනවා. සුර අසුර යුද්ධයකදි ඉන්ද්‍රගේ දේව හමුදාව නැත්නම් දේව සේනාව මෙහෙයවන්න සේනාපති කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒකට සුදුසු කෙනා විදියට හම්බවෙන්නෙ යුද්ධයට අධිපති දෙවියො වුන කාර්තිකේය. ඒ කාර්තිකේයට ඉන්ද්‍ර දේවසේනාව විවාහ කරල දෙනවා.
කාර්තිකේය නැත්නම් මුරුගන් නැත්නම් වේලන් නැත්නම් ස්කන්ධ කුමාර (බෞද්ධ සාහිත්‍යයේ දි සනන් කුමාර කියන්නෙත් මේ ස්කන්ධ කුමාර කියලා කියන අයත් ඉන්නවා) ශිව සහ පාර්වතියගේ පුත්‍රයා ලෙසයි සැලකෙන්නෙ. නමුත් පැරණි වේද ග්රන්ථ වල කුමාර ලෙසින් හැඳින්වෙන මේ කාර්තිකේය, අග්නිගෙ පුතා විදියට හඳුන්වනවා. හුඟ වෙලාවට අග්නි එක්ක තමයි කාර්තිකේය නිරූපණය කරලා තියෙන්නෙ. කුඩා කාලෙ ඉඳන්ම කාර්තිකේය සටනට දක්ෂයි.
ද්‍රවිඩ සාහිත්‍යයට අනුව කාර්තිකේය සම්පූර්ණ වෙන්නෙ වල්ලි සහ දේවසේනා කියන දෙන්නගෙම එකතුවෙන්. දකුණු ඉන්දියාවේ තිරුප්පන්කුරම් මුරුගන් කෝවිල මේ දේවසේනා වැඩියෙන්ම වන්දනාවට ලක් වෙන කෝවිල. මොකද එතැන තමයි දේවසේනාගෙත් කාර්තිකේයගෙත් විවාහය සිද්ධ වුන තැන විදියට සැලකෙන්නෙ.
මහාභාරතයේ තුන්වන පොතේ කාර්තිකේයගෙ උපත ගැන දැක්වෙද්දි දේවසේනා ගැනත් දැක්වෙනවා. ඒ අනුව දේවසේනා සහ දෛත්යසේනා කියන්නෙ ප්‍රජාපති දක්ෂ්ගෙ දූවරු දෙන්නෙක්. කේශි කියන අසුරයා මානස විල ලඟදි මේ දෙන්නවම පැහැර ගන්නවා. කේශි මේ දෙන්නට කියනවා එයාව විවාහ කරගන්න කියලා. ඒකට කැමැති වෙන්නෙ දෛත්යසේනා විතරයි. මේව මෙහෙම වෙද්දි ඉන්ද්‍ර දෙවියො මෙතැනින් යනවා. දේවසේනා ඉන්ද්‍රට ආයාචනා කරනවා තමන්ව බේරා ගන්න කියලා. ඉන්ද්‍ර කේශිගෙන් දේවසේනාව ගලවා ගන්නවා. ඒ වෙලාවෙදි දේවසේනා ඉන්ද්‍රට කියනවා යක්ෂයින්වයි අසුරයින්වයි පරද්දන්න, විනාශ කරන්න පුළුවන් ස්වාමියෙක් හොයලා දෙන්න කියලා. පසුකාලීනව සුර අසුර යුද්ධය ඇති වුන වෙලාවෙ අසුරයන්ගෙ අතින් සුරයො පදිනවා. ඉතින් ඉන්ද්‍රට දෙවියන්ගෙ සේනාව මෙහෙයවන්න අවශ්‍ය වෙනවා සේනාධිනායකයෙක්.
මේ ගැන මහාබ්‍රහ්මයා එක්ක ඉන්ද්‍ර සාකච්ඡා කරනවා. මේ දෙන්න එකඟතාවයකට එනවා අග්නිට උපදින පුතෙක් තමයි දේවසේනාපති වෙන්න ඕනා කියලා. ඒ අනුව අග්නි උපද්දන පුතා තමයි කාර්තිකේය. මෙතැනදි ශිවව අග්නි විදියට හඳුන්වන ආකාරය දකින්න පුළුවන්. අපි දන්න විදියට බහුතර විශ්වාසය කාර්තිකේය කියන්නෙ ශිවගෙ පුතා බව. දේවසේනාත් කාර්තිකේයත් එකතු වෙලා අසුරයන්ව පරදවනවා. ඒ සමඟ දේවසේනාත් ලක්ෂ්මි වගේ අනිකුත දේවතාවියන්ගෙ මට්ටමින් හඳුන්වනවා.
දෙමළ ස්කන්ධ පුරාණයේ හැටියට දේවසේනාත් වල්ලිත් විෂ්ණුගෙ දූවරු. ඒ අනුව ඔවුන් දෙදෙනාගෙ ස්වාමියා වුන කාර්තිකේය හඳුන්වන්නෙ විෂ්ණුගෙ බෑණා විදියට. ඉතින් මේ දෙන්නගෙන් දේවසේනා, අම්රිතවල්ලි විදියට ඉපදෙද්දි වල්ලි, සුන්දරවල්ලි විදියට ඉපදෙනවා. අම්රිතවල්ලිව හදා වඩා ගන්නෙ අග්නි. සුන්දරවල්ලිව හදා වඩා ගන්නෙ දඩයම්කරුවන්ගේ නායකයෙක්. කලින් කිව්ව විදියට දේවසේනාව යුද්දෙන් පස්සෙ කාර්තිකේයට විවාහ කරලා දෙනවා. වල්ලිව කාර්තිකේය ආදරෙන් දිනාගන්නවා. මේ තුන්දෙනාම ටික කාලයක් තිරුතන්නි කන්දෙ ඉඳලා දිව්‍ය ලෝකයට යනවා. තිරුතන්නි මුරුගන් කෝවිලේදී කාර්තිකේය වන්දනාවට පාත්‍ර වෙන්නෙ, දේවසේනා වම් ඇලපත උඩත් වල්ලි දකුණු ඇලපත උඩත් වාඩි කරන් ඉන්න ස්වරූපයෙන්.
මේ කතාව ලංකාවෙදි ටිකක් වෙනස්. ඒක ඉතින් හැමෝම දන්න කතාව නිසා මෙතැන කොටන්න යන්නෙ නෑ. හැබැයි එකක්. ඔය ලංකාවේ කාර්තිකේයව දැක්කයි කියන අයවලුන් කියනවා නේද කාර්තිකේයව දැක්කෙ වයසක කෙනෙක්ගෙ වේශයෙන් කියලා. ඔන්න ඔය කතාව තිරුතන්නිවලදි වල්ලිව දකින්න කාර්තිකේය මවාගත්ත වේශයට සමානයි. එහෙදි වතුර ඉල්ලගන්න කියලා වල්ලි ලඟට කාර්තිකේය යන්නෙ වයසක කෙනෙක්ගෙ වේශයකින්. ශ්‍රී ලංකාවෙදි ඔය කතා සේරම මිශ්‍ර කරලා හදා ගත්ත එකක් තමා තියෙන්නෙ.
ඒ කොහොමවුනත් ලංකාවෙදි කාර්තිකේයව වන්දනා කරන්න යන අය වල්ලිඅම්මා හැඳිනුවත් දේවසේනා අඳුනන්නෙ නෑ. ලංකාවෙදි වල්ලි නිසා දේවසේනා අමතක වෙලා.