Rhapscallion, පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. අංගුලිමාලට "සමාවක්" ලැබුණේ නැහැ. ඔහු රහත් වුණත්, තමන්ගේ අකුසල් කම්මයේ විපාකය ඔහුට මේ ආත්මයේදීම විඳින්න වුණා — දානයට වඩිද්දී මිනිස්සු ගල් ගැහුවම බුදුන් වහන්සේ කිව්වේ, "ඉවසන්න බ්රාහ්මණය, ඔබ කල්ප ගණනාවක් නිරයේ විඳින්න තිබුණු විපාකයයි මේ සැහැල්ලුවෙන් විඳින්නේ" කියලා.
කම්මය කියන්නේ කාගෙන්වත් සමාවකින් කපාදැමිය හැකි දෙයක් නෙවෙයි; කම්ම නියාමය කිසිම බලයකට යටත් නැහැ. අංගුලිමාල මුදාගත්තේ ජනාධිපති සමාවකින් නෙවෙයි — චේතනාව මුලින්ම වෙනස් කරගෙන, පසුතැවිලි වෙලා, ආර්ය මාර්ගයේ ගිය නිසා. නීතියෙන් සමාව ලැබෙන්න පුළුවන්; විපාකය කාටත් පැනලා යන්න බැහැ.
