හොල්මන් අවතාර ඇත්තක් ද?

hpalpola

Well-known member
  • බුදු දහමට අනුව සලකා බලන විට හොල්මන් හෝ අවතාර කියා දෙයක් නැත. නමුත් මිනිසා බියට පත් කරන සහ මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකි සත්ත්ව කොට්ඨාශ පවතී. හොල්මන යනු සෙලවෙන මනස යැයි කියන්නෝ සිටිති. බුදු දහමට අනුව මිනිසා බියට පත් කරන සත්ත්ව කෙට්ඨාශවල බලපෑම ලැබෙන්නේ මනස සෙලවීම නිසාම නොවේ. සතුටින් සිටින කෙනකුට වුවද මේ බලපෑම ලැබේ. බුදු දහම තුළ පොදුවේ මෙවැනි සත්ත්ව කොට්ඨාශ හැඳින්වෙන්නේ අමනුෂ්‍ය නැමැති නාමයෙනි. මේ සම්බන්ධයෙන් ඉතා ලගන්නා සුළු සූත්‍රයක් ලෙසින් තිරෝකුඩ්ඩ සූත්‍රය හැඳින්විය හැක. අටුවාවට අනුව මේ සූත්‍රය දෙසීම සඳහා හේතුපාදක වන්නේ ද බිම්බිසාර රජුට ඇති වන්නා වූ අමනුෂ්‍ය බියකි. ඔහුගේ ඤාති ප්‍රේතයන් පිරිසක් බුද්ධකාල කිහිපයක් තිස්සේ ඔහු විසින් ඔවුන්ට පින් අනුමෝදන් කරනා තුරු බලා සිටිය හ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන් රජුට ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක විනි. ඒ ප්‍රේත පිරිස රාත්‍රියේ නින්දට වන් රජුව බියගන්වන ආකාරයේ ශබ්ද නිකුත් කළහ. මෙයින් බියට පත් වූ රජු පසු දින බුදුරජාණන්වහන්සේට මේ පිළිබඳව දැන්වීමෙන් පසු බුදු ඔවදනින් රජු විසින් ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්නට යෙදිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඤාති ප්‍රේතයන් සතුටට පත්වූහ. මේ සිදුවීම අනුව ඤාති ප්‍රේතයින් පින් නොලැබෙන විට සංඥා ලෙසින් ජීවත්ව සිටින පිරිස බියට පත් කරනවා හඳුනා ගත හැකි වේ. මෙය දන්නා සිංහල බෞද්ධයෝ ඤාති හිතවතුන් මිය ගිය පසු දන් පින් දී පින් පමුණුවති.

    මීට අමතරව ආටානාටිය සූත්‍රයේද අමනුෂ්‍ය බය ඇතිවන ආකාරය සඳහන්ව ඇත. එහිදී වෛශ්‍රවණ යක්ෂ රජු බුදුරජාණන්වහන්සේට කියනුයේ බුදු පිරිසට අකමැති අමනුෂ්‍යයින් ඔවුන්ට කරදර පීඩා ඇති කිරීමට කටයුතු කරන බවයි. එවැනි විටක ප්‍රයෝජනයට ගැනීම සඳහා වෛශ්‍රවණ යක්ෂ රජු විසින් ආටානාටිය බුදුරජාණන්වහන්සේට කියා දුන්නේ ය. එය බුදුරජාණන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනු ලැබුවේ ය. පෙර සිටි උතුමන් විසින් එම දේශනාව පිරුවානා පොත්වහන්සේට ඇතුළත් කර නිතර පරිහරණය කිරීමට අවස්ථාව සලසා දී ඇත.

    අමනුෂ්‍ය උපද්‍රව ගැන සඳහන්වන තවත් අවස්ථාවක් ලෙස මෙත්තානිශංස සූත්‍රය හැඳින්විය හැක. මෛත්‍රියෙන් ලැබෙන විපාක අනුව අමනුෂ්‍යයන්ට ප්‍රියවීම ද එහි සඳහන් කර තිබේ. ඒ අනුව තේරුම් ගත හැක්කේ මෛත්‍රිය නොමැති කල්හි අමනුෂ්‍යයන්ට ප්‍රිය වන්නේ නැත. එනම් මෛත්‍රිය නොමැත්තෝ අමනුෂ්‍ය බලපෑමට ලක් වන බවයි.

    මේ අනුව බැලූ විට බුදු දහමට අනුව මනුෂ්‍යයන්ට නරක බලපෑම් කරන අමනුෂ්‍යයන් සිටී. නමුත් ඔවුන් හොල්මන් හෝ අවතාර ලෙසින් හඳුන්වන්නේ නැත. ඔවුන්ගේ බලපෑම්වලින් මිදීමේ ක්‍රමවේදය ද බුදු දහම තුළම ඇත.

    pexels-mitja-juraja-357365-970517.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,808
    113
    බොරු බං...මෙන්න මේ ඒබ්‍රහම් ටී කොවූර්ගේ පොත් හොයන් කියවපං..හොල්මන්,භූතයෝ කියන්නේ 100%ක් බොරු කියලා තේරෙයි..මෙයා ඕවා ගැන හොඳටම ගවේෂණය කරපු කෙනෙක්...:yes:

    dewiyo-saha-bhoothayo.jpg

    wDKRSVq.jpeg
     

    hpalpola

    Well-known member
  • බොරු බං...මෙන්න මේ ඒබ්‍රහම් ටී කොවූර්ගේ පොත් හොයන් කියවපං..හොල්මන්,භූතයෝ කියන්නේ 100%ක් බොරු කියලා තේරෙයි...:yes:

    dewiyo-saha-bhoothayo.jpg

    wDKRSVq.jpeg
    ඔව්. මේ අදහස පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඔබටත් ඒ අදහස් පිලිගත හැකී. සිතීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන අයිතියක්.

    can you explain here or in my dms if you don't mind
    බුදු දහමට අනුව සද්ක්‍රියාවලින් වැලකී සිටිමින් දුස්ක්‍රියාවලට යොමු වනවා නම් ඒ අයට අමනුස්ස බලපෑම ලැබෙනවා.
    ------ Post added on Sep 17, 2024 at 7:53 PM
     
    • Like
    • Love
    Reactions: sahan50 and NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදු දහමට අනුව සද්ක්‍රියාවලින් වැලකී සිටිමින් දුස්ක්‍රියාවලට යොමු වනවා නම් ඒ අයට අමනුස්ස බලපෑම ලැබෙනවා.

    wena ayata karadara nokara nikm apit ritual ekak wage karala amanushya balapamata lak wenn brid?

    බොරු බං...මෙන්න මේ ඒබ්‍රහම් ටී කොවූර්ගේ පොත් හොයන් කියවපං..හොල්මන්,භූතයෝ කියන්නේ 100%ක් බොරු කියලා තේරෙයි..මෙයා ඕවා ගැන හොඳටම ගවේෂණය කරපු කෙනෙක්...:yes:

    dewiyo-saha-bhoothayo.jpg

    wDKRSVq.jpeg

    oya poth tika okkoma kiyavala thiyenw

    "Dying to be me" kiyala pothak thiyenw Anitha moorjani kiyala kenek liyapu kamathinm kiyavala balann
    ------ Post added on Sep 17, 2024 at 8:02 PM
     
    • Like
    Reactions: NRTG

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    භෞතිකවාදීන් නම් කොහොමත් පිළිගන්නේ නෑ ඔය අදුෂ්‍යමාන දේවල් එයලා පිළිගන්නේ ඇසට පේන දේවල් විතරයි. ඇසට නොපෙනෙන දේවල් නොපවතී කියලයි එයලගේ මගේ..😔😶‍🌫️
     
    • Like
    Reactions: NRTG and sahan50

    hpalpola

    Well-known member
  • භෞතිකවාදීන් නම් කොහොමත් පිළිගන්නේ නෑ ඔය අදුෂ්‍යමාන දේවල් එයලා පිළිගන්නේ ඇසට පේන දේවල් විතරයි. ඇසට නොපෙනෙන දේවල් නොපවතී කියලයි එයලගේ මගේ..😔😶‍🌫️
    බුදු දහම පිළිගන්න පිරිසට වඩා පිළිනොගන්න පිරිස වැඩියි. ශ්‍රී ලංකාවෙ ඉන්නෙත් ජනගහනයෙන් 80% ක් වගේ. එයිනුත් වැඩිහරියක් උපතින් බෞද්ධ අය මිසක් ප්‍රඥාවෙන් බෞද්ධ අය නොවෙයි.

    wena ayata karadara nokara nikm apit ritual ekak wage karala amanushya balapamata lak wenn brid?
    ------ Post added on Sep 17, 2024 at 8:02 PM
    බුදු දහමට අනුව එහෙම සඳහනක් නැහැ. බුදු දහමෙදි අමනුෂ්‍යයන් සමග ලන්වීම අනුදන්නෙ නැහැ. සීලබ්බත පරාමාස බෞද්ධයො ඉවත් කල යුතුයි. නමුත් ඒ සමබන්ධ වෙනත් විෂයක් තියෙනවා. ඒක බුදු දහමෙදි හඳුන්වන්නෙ තිරශ්චීන විද්‍යා කියලා. මලගිය අය ගෙන්වීම වගේ දේවල් මේ කියන්නෙ.
    ------ Post added on Sep 17, 2024 at 8:13 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒක බුදු දහමෙදි හඳුන්වන්නෙ තිරශ්චීන විද්‍යා කියලා. මලගිය අය ගෙන්වීම වගේ දේවල් මේ කියන්නෙ.
    Lankave athithaye thibba occult dewal gana (yanthra manthra gurukam) liyapu poth/ information sources monawa hari gana dnnawad?
    western occultism gana thiyena dewalnm igengann hari lesi, latin walin thiyena book ekak wunath tak gala translate karala research krann puluwn eth lankave oya dewal paramparawen paramparawata apu nisa ekko e paramparawal dan nathi wela naththm owa gana liyapu puskola poth wage dewal eliyata dennathuw hangan innw

    kuhaka sinhlu
     
    • Like
    Reactions: NRTG

    hpalpola

    Well-known member
  • Lankave athithaye thibba occult dewal gana (yanthra manthra gurukam) liyapu poth/ information sources monawa hari gana dnnawad?
    western occultism gana thiyena dewalnm igengann hari lesi, latin walin thiyena book ekak wunath tak gala translate karala research krann puluwn eth lankave oya dewal paramparawen paramparawata apu nisa ekko e paramparawal dan nathi wela naththm owa gana liyapu puskola poth wage dewal eliyata dennathuw hangan innw

    kuhaka sinhlu
    ඒක නම් ඇත්ත. ඒ විෂයට තියෙන පොත් පත් පරම්පරාවෙන් පරම්පරාවට තමයි යන්නෙ. ඒ නිසා කෙනෙක්ට ලේසියෙන් පාවිච්චි කරන්න වෙන්නෙ නැහැ. හැබැයි ඔයාට සංස්කෘත පොත් හොයාගන්න පුළුවන් නම්, ඒ දැනුම තමයි ලංකාවෙත් තියෙන්නෙ.