සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට තමා බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය යුතුදැයි කියා සිතුවිල්ලක් පහළව ඇතැයිද සඳහන් කරයි.සමාජයට මෙහෙවර කිරීමට දේශපාලනයම අවශ්‍ය නැතැයිද චිත්‍රපට නිෂ්පාදනය වැනි කලා නිර්මාණ මගින් එය කළ හැකි බවද පවසයි.
Divaina
Divaina
