maamu maamu pippi pippi janthila buu buu
වැස්ස
චිචිරි චිරි චිචිරි චිරි උදේසිට ඇද හැලෙන
පොදනොකැඩි තෙතබරිව හිරිකිතෙන් කිලිපොලන
පාරතොට ගහකොලද වසාගෙන හැමඅතින
වහින වැහි වහින වැහි නොපායන මුලු දවස
ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරිචිරි ගාන
මඩ කඩිති හැමතැනම මඩපාට දිය රැඳුණ
අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙණ
බැනියමද ඇඟට ඇලි උදේසිට තෙත බරිව
තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලු පිටිද
දෝරගොස් හැමතැනම වක්කලන් ඇලි හැදුණ
හැට්ට අත කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින වැහි තද සුළඟ නොපායන මුලු දවස
ඔලුව කෙස් තෙතබරිව පිට දිගේ වැක් කෙරෙණ
කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
ආයිමත් හිටිගමන් තද කරන් එන සැණින
වහින වැහි වහින වැහි නොපායන මුලු දවස
ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවායෙන් ඇඟපතද පිහදමා හිසකෙස්ද
අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි
වැහිපොදක පෙඟුණ සිත හිත හිතා ළතවේය