ගාල්ලෙ නම් ඉන්න සෙට් එකෙන් 4ක්ම පුද්ගලිකව අඳුරනවා. උන් එක්ක හිතවත්කම තිබ්බට ඡන්දෙ දෙන්නෙ නම් නැත. 4 දෙනාම වෘතිකයෝ කියන කැටගරි එකට වැටෙනවා ඩිග්රි කෑල්ලක් සහ ජොබ් එක නිසා. ඒත් උන්ට දේශපාලන දර්ශනයක්, මතවාදාත්මක දැණුමක් කියල දෙයක් තියන උන් නෙවෙයි. අඩුම තරමෙ පන්ති පහවත් හරියට නොකියවපු උන්. එක්කො සමාජවාදෙ කියවල ධනවාදෙ කියවලා නෑ. අසම්පූර්ණ දැණුමක් තියෙන්නේ.
ඕකෙන් රටට වෙන ප්රශ්නේ තියෙන්නේ ගෝටා වියත්තු කියලා ගෙනාපු උන් නිසා වියත්තු නෝන්ඩි වුනා වගේ මේ හාල් කෑලි ගෙනල්ලා professional job කරන එකෙක්ටත් ආයේ දේශපාලනේට එන්න බැරිවෙයිද කියන එක. මොකද ලංකාවෙ උන් හිතන්නේ මාරම extreme.එහෙම වුනොත්, කරන එකෙක්ට කැම්පේන් එකක් තව අවුරුදු 5කින් හරියට කරන්න පුළුවන් මහ ලොකු උගතුන්ට නෙවෙයි අත්දැකීම් තියන පරණ එකෙක්ට දීපං කියලා මයිනගෙ මල මිනිය ගෙනෙන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් එදාටත් 2019, 2024 වගේම උගත් බුද්ධිමත් ජනතාවගේ තීරනේ ...... කියලා ඡන්දෙ දාවි.
මල වදයක් වෙලා තියෙන්නෙ මේ දවස් වල මාලිමාවට කතිරෙ ගහලා ත්රීවිල්කාරයොත් උගත් බුද්ධිමත් වෙලා පාඩුවෙ හයර් එකකවත් යන්න නෑ. රට හදන්න කතාකරනවා. දැන් තියන තත්වෙත් එක්ක A/L වලට වඩා උගත් බුද්ධිමත්කම තීරණේ කරන්න පුළුවන් දාන ඡන්දෙන්.
මම දැක්ක දෙයක් තමයි NPP එකේ ඇතුලෙ influence කරන හොඳ වැඩකාරයෝ ටිකක් ඉන්නවා පට්ටම දැණුමක් තියන වැඩක් කරන්න පුළුවන්. ඒ එකෙක්වත් පොලිටික්ස් වලට ඇවිත් නම කැතකරගන්න රිස්ක් එක ගන්න කැමති නැති නිසා වෙන්නැති ඇඩ්වයිසර් ලෙවල් එකෙන් ඉන්නේ. ලංකාවෙ හැටියට ඒක සාධාරණයි. ඕන සීරියස් දෙයක් එක මොහොතින් ජෝක් එකක් වෙන්න පුළුවන්.