මිනිස් මොළයේ අභිරහස විසඳූ ආශ්චර්යමත් සිදුවීම....🧠

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    The X Files පළමු කතා මාලාවේ එක් පරිච්ඡේදයක් තියෙනවා pathological liar සංසිද්ධිය පිළිබඳව.මේ කතාව නිර්මාණය වෙන්නේ ඊට අවුරුදු සියයකට විතර පෙර සිදුවුනු සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් ගත් දත්ත අනුව.කතාවේ එක තැනක යාන්තමින් ඒ සිදුවීම ගැන කියවෙනවා.ඒ තමයි මේ "ෆිනියස් ගේජ්" (Phineas Gage) සම්බන්ධ සිදුවීම.

    මේක ස්නායු වෛද්‍ය විද්‍යාව නව මාවතකට හරවපු හැරවුම් ලක්ෂයක්.මිනිස් සිරුරේ විවිධ ක්‍රියාවලි පාලනය සඳහා විශේෂ වූ ප්‍රදේශ මොළයේ පවතින බව,එනම් විවිධ විවිධ කාර්යන් මොළයේ විවිධ විවිධ ප්‍රදේශ වලින් පාලනය වෙනව කියන කාරණය මේ සිදුවීම සිදුවුනු 1848 වසරට පෙර ලෝකයා දැනගෙන සිටියේ නැහැ.මොළයේ ස්ථානීය කෘත්‍යය පිළිබඳ අදහස මුල්වරට කරලියට ආවේ මේ සිදුවීමෙන්.

    "ෆිනියස් ගේජ්" ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙද්දි ඔහු වයස අවුරුදු 25 තරුණයෙක්.දුම්රිය මාර්ග ගොඩනැගීමේ සමාගමක කම්කරුවෙක් විදියට සේවය කරපු ගේජ් දවසක් මාර්ග තැනීම උදෙසා බිම් සකස් කිරීමේ නිරත වෙමින් සිටියා.ඔහුට පැවරුනු රාජකාරිය වුනේ පිපිරීමක් සිදුකිරීම සඳහා කුඩා කුහරයකට වෙඩිබෙහෙත් පිරවීම.මේ සඳහා ඔහු භාවිතා කරා අඟල් 43ක් දිග, අඟල් 1.25ක විශ්කම්භයක් ඇති ලෝක දණ්ඩක්.නමුත් ඒ කාර්යය කරමින් ඉන්නා අතරෙදී අවාසනාවන්ත විදියට කුහරයේ තිබුනු වෙඩිබෙහෙත් පුපුරනවා.ප්‍රතිපලය වුනේ අර ලෝක දණ්ඩ පිපිරුම නිසා ඇතිවුනු බලයෙන් හෙල්ලයක් වගේ වේගයෙන් ඈතට විසිවීම.අඩි 80ක් ඈතට විසිවෙන්න කලින් ඒ දණ්ඩ, ඒ ප්‍රක්ෂිප්තයේ එයට හමුවුනු පළවෙනි බාදකය වුන ගේජ්ගේ හිස හරහා ඉතාම පහසුවෙන් ගමන් කරනවා.ඔහුගේ වම් කම්මුලෙන් ඇතුලත් වූ දණ්ඩ හිස් කබලේ පාදම හරහා ගොස් මොළයේ ඉදිරිපස කොටස පසාරු කරමින් පිටවෙනවා.සාමාන්‍යයෙන් මෙවන් අනතුරකදී ගොදුරු වූ තැනැත්තා මියයාම හෝ අවම වශයෙන් මූලිකවම එතැනදී සිහිසුන් වීම හෝ සිදුවිය යුතු වුනත් ෆිනියස් ගේජ් හැසිරුනේ ඉන් කිසිඳු බලපෑම සිදුනොවුනු ගානට.මොළයේ කොටසක් විනාශ වූ පසුව වුවත් ගේජ් ඊට ඔබ්බෙන් පිහිටි කම්කරු විවේකාගාරය වෙත ඇවිද ගොස් එහි සිටි සිය මිතුරන්ට තමන්ට මෙවන් අනතුරක් වූ බවත් වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන බවත් දන්වා සිට තිබෙනවා.
    එකල මේ සිදුවීම ප්‍රාතිහාර්යක් ලෙසින් බොහෝදෙනෙක් විශ්වාස කරතිබෙනවා.
    රෝහලේ නේවාසික ප්‍රතිකාර වලින් පසුව සුවය ලැබූ ගේජ් රෝහලෙන් පිටවන වූයේ පෙර නොවූ වෙනස්ම පුද්ගලයෙක් වශයෙන්.ඔහුට පෙර සියළු මතකයන් එලෙසම පැවති නමුත් ගති පැවතුම් අහසට පොළව මෙන් වෙනස් වී තිබුනා.

    ගේජ්ගේ වෛද්‍යවරයා වූ "වෛද්‍ය ජෝන් මාටින් හාර්ලොව්" ගේජ්ගේ සම්පූර්ණ හැසිරීම් ධාරාව වාර්තාගකර ඒ පිළිබඳ පරීක්ෂණාත්මක ගවේශණයක් සිදුකර අතර මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පසුකාලීන හැදෑරීම් ගේජ් සිදුවීම අත්තිවාරමක් වූයේ ඒ අයුරින්.

    වෛද්‍ය හාර්ලොව්ගේ වාර්තා අනුව අනතුරට පෙර ෆිනියස් ගේජ් වඩාත් කාරයක්ෂම, වගකීම් සහගත තරුණයෙකු වුවත් අනතුරින් පසුව මත්පැනට ලොල් වූ කුකුල් කේන්තිකාරයෙකු බවට ඔහු පත්වී තිබෙන අතර ඔහුගේ පෞර්ශත්වය සැලකිය යුතු අයුරෙන් වෙනස් වී තිබෙනවා.
    වෙනත් හානියක් නොතිබූ නිසාත් පෞර්ශත්වයේ වෙනසක් පමණක් තිබූ නිසාත් ඔහුගේ මොළයේ හානි වූ කොටස සමග එහි සෘජු සම්බන්ධයක් ඇතැයි උපකල්පනය කර ඒ හානි වූ කොටස මිනිසාගේ පෞර්ශත්වය,තීරණ ගැනීමේ හැකියාව ආදිය සමග සම්බන්ධ ඇතැයි හාර්ලොව් ඇතුළු පරීක්ෂකයන් නිගමනය කරා.නමුත් එකල තිබූ අඩු තාක්ෂණික දැනුම නිසා මොළය සිතියම් ගත කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ.
    1994 වසරේදී නැවතත් විද්‍යාවේ ඇස ගේජ් සිදුවීම දෙස බැලූ අතර හර්ලොව්ගේ වාර්තා සහ ගේජ්ගේ හිස්කබලේ අස්ථි බිඳුම් අනුව නව තාක්ෂණය භාවිතා කර ගේජ්ගේ මොළයේ හානිවූ කොටස කුමක්දැයි සොයාගැනුනා.ඒ අනුව අනතුරෙන් ගේජ්ගේ මොළයේ "ලලාට කණ්ඩිකාව" (Frontal lobe) විනාශ විනාශ වී තිබෙනවා.නව වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව අපගේ පෞර්ශත්වය සහ තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධ කරුණු පාලනය වන්නේ ලලාට කණ්ඩියාවෙන් බව අප දන්නා කරුණක්.ඒ අනුව මොළයේ ස්ථානීය කෘත්‍යයන් සම්බන්ධ ලොව මුල්ම අවධානය දිනාගත් සිදුවීමට මුහුණ දුන් ෆිනියස් ගේජ්ට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලියි.

    අනතුරෙන් පසුව වෙනස්ම මිනිසෙකු වූ ගේජ්ට නැවතත් පෙර රැකියාව නොලැබුනු නිසා ඔහු විවිධ රැකියා රැසක නිරතවූ අතර බොහෝ කාලයක් ඔහු තමන්ට ආශ්චර්යමත් අනතුර සිදුකල ලෝහ දණ්ඩද රැගෙන රටපුරා සංචාරය කරමින් මේ පුදුමට මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශනය කර මුදල් උපයා තිබෙනවා.අනතුරෙන් වසර 12කට පසුව ගේජ් මියගිය අතර,ඔහුගේ මරණින් වසර හතකට පසුව විශේෂිත අවසරයකින් ඔහුගේ මිහිදන් දේහය ගොඩගත් වෛද්‍ය හාර්ලොව් ඔහුගේ හිස්කබල සහ ලෝහ දණ්ඩ විද්‍යාවේ අනාගත පරීක්ෂණ උදෙසා ආරක්ෂා කර තිබෙනවා.වර්තමානයේදී ඒ හිස්කබල සහ ලෝහ දණ්ඩ හාවඩ් වෛද්‍යපීඨයේ කෞතුකාගාරයේදි දැකගන්න පුළුවන්.

    චායාරූප: ෆිනියස් ගේජ් ,හානි වූ හිස්කබල සහ අනතුර සිදුකල ලෝහ දණ්ඩ.

    ©සංකල්ප ගුණතිලක
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    He's referred to as the "Man who began Neuroscience"

    Note:
    There's another "Modern day Phineas Gage" - A 24-year-old Brazilian construction worker named Eduardo Leite has just survived an eerily similar accident, and he may walk away from his ordeal in better shape than Gage, who reportedly underwent pronounced personality changes after the spike was removed.
    His frontal lobe was gouged by a 6-foot pole. He was studied for 9 years from 2012 - 2021. He suffered from lesions, impacting 11% of his total brain mass, to his right PFC and supplementary motor area. It was found that the brain is able to selectively recruit non-injured areas to help perform functions previously assigned to the injured portion. :unsure:
    How the prefrontal cortex (PFC) recovers its functionality is a puzzle but recent studies show that that modulation of LFO dynamics is an important mechanism by which PFC accommodates neurological injuries, (Transient Low-Frequency Oscillatory activity - LFO; < 4 Hz)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    The-skull-of-Phineas-Gage-with-drawing-showing-the-tamping-rod-that-pierced-his-brain.-Photo-provided.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    ඒක තමා කියන්නෙ

    මගේ ලෙඩ මොළේ ගලෝල වෙන මොළයක් හයි කරපල්ල

    නැත්තං මගෙ මොලේ දවසට උඹල දාගෙන බලපල්ල

    එතකොට තේරෙයි මං මේ මොකක්ද කියන්නෙ කියල
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඒක තමා කියන්නෙ

    මගේ ලෙඩ මොළේ ගලෝල වෙන මොළයක් හයි කරපල්ල

    නැත්තං මගෙ මොලේ දවසට උඹල දාගෙන බලපල්ල

    එතකොට තේරෙයි මං මේ මොකක්ද කියන්නෙ කියල
    Galawalaa haikaraganin puke
     
    • Like
    Reactions: reuse

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    හැබැයි 1930-40 ගණන් වලත් Frontal Lobe එකෙන් තමා මනුස්සයෙක්ගේ personality එක තීරණය වෙන්නේ කියන දේ හොයාගෙන තිබ්බනේ. ඒ කාලේ මානසික ඉස්පිරිතාල වල Labotomy කියන ඔපරේෂන් එක කලේ ඔය දැනුමෙන්. ගොඩක් මානසික ලෙඩ්ඩු, personality disorder තියෙන අය ඒකෙන් හොඳ වුනා. හැබැයි ඇවිදින මළමිනී ගානටත් වැටිච්ච අයත් ඉඳලා තියෙනවා. මේ ඔපර්ශන් එකේදී ලෙඩාව සිහි නැති කරන්නේ නෑ. සිහිය තියෙද්දී නළල හරහා ඔලුව හිල් කරන එක කරන්නේ. පස්සේ 1960 ගණන් වලදී ඒ ඔපරේෂන් එක මිලේච්චයි කියල නවත්තලා තමා Counseling කියන දේ ලෝකෙට ආවේ.