ඔව් බන් ත්රෙන්නේ නැ නිකන්ම පෙවෙනවා. මාර සින් එක.
ඔව් බන් දැන් අඩු කරන්න ඕන. දැනට අවරුදු ගානක ඉඳන් බොන්නේ.
------ Post added on Nov 20, 2024 at 3:57 PM
ඔය කියන තරම් අවුලක් නැද්ද මන්දා බං, වැඩිපුරම පෙවුනෙ මිඩ්ල් ඊස්ට් සහ අනිත් රස්නෙ රටවල ඉද්දි, මාල්බොරො ෆ්ලේවර්කෝඩ් පැක් දෙක යනව සමහර දවසට, එකක් නම් යනවම තමයි. උදේට එලියට බහිනකොට චායි එකයි සැන්ඩ්විච් එකයි පැකට් එකයි ගත්තම ආයෙ හවස 6-7 වෙද්දි තව එකක් අරන්. පස්සෙ පුරුදු උනා කාටුන් දෙකක් තුනක් අරන් ගෙදර තියාගෙන 10ක් වගේ පැකට් එකක දාගෙන යන්න. ඒත් මගදි ගැනෙනවා. අනික මෙහෙ වගේ නෙමෙයි අනිත් උන්ට පැක් එක දික් කරනවා වැඩීනෙ කොහොමත්.
ලංකාවෙ ඉද්දි (දැන්) 5ක් තමයි උපරිම. ගෙදරම ඉන්නකොට කොහොමත් අඩුයි. මං පට්ට බයේ හිටියෙ ළමයෙක් හම්බ වෙන්න කියල දැනගත්තම අර ඇඩ් වල තියෙන මගුල් දැකලා. දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ආවා.
දැන් නම් ඇඩික්ට් නැද්ද මන්දා, ගෑණිගෙ ගෙදර ඉඳලා ආවා දවස් 3ක්, ඕන උනේම නෑ, වෙනද නම් විත්ඩ්රොවල් හරි එනවා.
හයි බ්ලඩ්ප්රෙශර් වලට බෙහෙත් කරන ඩොකත් දවසට 5 කීවම, එච්චර ගණන් ගත්තෙ නෑ, පුළුවන් නම් 2කට වගේ අඩු කරන්න සීන් එකක් කිව්වෙ, පිළිකා නම් ඇති.වොය දවසට එකක් බිව්වට නම් අවුලක් වෙන එකක් නෑ