Random කතා - ලංකාවෙ පුද්ගලික පාසල් සහ සල්ලි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,683
    73,087
    113
    මේ සීන් එක වෙලා ටික දවසක් ඒත් ඉතින් කියන්න වෙලාවක් ආවෙ නෑ. අපේ පොඩි එකාට ඉස්කෝල හොයන එක තමා පහුගිය ටිකේ කලේ. අපිට ආසාවක් ආවා කොළඹ convent එකකට දාන්න. පොඩි එකාට අපි හිතුවෙ ජීවිතේ වටිනවා කියන සාරදර්ම වලට තැනක් දෙන ඉස්කෝලයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.

    ඉතින් මුලින්ම call කලේ Bishops එකෙන්. ඉතින් හෙන ගේමක් දීලා ඩොකුමන්ට් ටික රෙඩි කරන් submit කලාම අහවල් දවසේ අපි 3න්දෙනාටම එන්න කිව්වා. අපි ඉතින් හොඳට රෙඩි වෙලා ගියා. මේවා ඇවිල්ලා ආගමික ඉස්කෝල නිසා අපි හිතුවා ලමයගෙ හැකියාවට, දෙමාපියන්ගෙ background එකට තැනක් දෙයි කියලා

    ගිය ගමන් දුන්නා ෆොර්ම් එකක්, එකේ කෙලින්ම පඩියයි, ස්කූල් ෆීස් ටිකයි ඒවා ගෙවාගන්න පුලුවන්ද කියන එකයි අහන්නෙ. ඒකත් ඉතින් පුරෝලා දුන්න.

    ඉතින් දැන් principle තමා interview එක කරන්නෙ. පොඩි එකාව පැත්තකට අරන් වෙනම පොඩි interview එකක්. ඉතින් ප්‍රින්සිපල් අපි ගැන පොඩි විස්තර ටිකක් අහලා කෙලින්ම බැස්සා මගේ pay slips/ bank statements පීරන්න. එතනින් එහාට එයාගෙ ගොඩක් ප්‍රශ්න ඒ සම්බන්දෙන් තමා ඇහුවෙ. යකෝ ලයින් එකෙන් ලයින් එක කියව්ලා කියපන්කො මගේ statement ටික. ටිකේ, එක තැනක ඇහුවා අහවල් අවුරුද්දේ වාහනයකට ගෙව්වද කියලා. ඇත්තම කතාව අපි පට්ට disappointed උනා ඒ ගැන.

    එලියට ආපු ගමන් මායි වයිෆුයි කතා උනා හම්බුනත් දාන්නෙ නැ කියලා. හිතුවා වගේම accept කලා කියලා කෝල් එකක් ආවා. payment form ටික ගන්න එන්න කිව්වා. අපි එතනින් එහාට proceed කලේ නෑ.

    ඊටපස්සෙ අපි ගියා ලයිසියම් එකට, පොඩි එකා දැනටම ලයිසියම් එකේ නිසා ඒකත් බලනවා කියලා හිතුවා. උනුත් මීටින් එකක් තියලා පටන්ගත්ත වෙලාවේ ඉඳන්ම සල්ලි ගැන තමා කතාව. මෙච්චර ගෙවන්න ඕනා, මෙහෙම වැඩි වෙන්න පුලුවන්, සල්ලි නැත්තන් එන්න එපා වගේ හෙන්ට කතා ටිකක් කියෙව්වා.

    මට මතක් උනේ අපි පොඩි කාලේ ඉගෙන ගන්න කොට තිබ්බ විදිය. මතක විදියට ලොවෙත් ඔහොම සල්ලිම ගැන කියෙව්වෙ නෑ. අපි ඉගෙන ගන්න කාලේ ගෙදර අයට සල්ලි තිබ්බෙ නෑ. ඉතින් මේවගෙ වට පිටාවක් සෙට් උනානම් අපි ලොවෙත් අනාත වෙනවා.

    ඒත් දැන් කාලේ වෙනස්. සල්ලි තමා ඔක්කොම දොරවල් අරින්නෙ. ඉතුරු දේවල් එච්චර වැඩක් නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,240
    1
    2,923

    Uba mokatada damme
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,683
    73,087
    113
    Damme licium ek ta da payment කොහොමද
    හිතන් ඉන්නෙ එහෙමයි මොකද next year මට මෙහෙන් යන්න වෙයි වගේ. ඉතින් colombo පැත්තට move වෙන්න invest කරලා වැඩක් නෑ වගේ.
     
    • Haha
    • Like
    Reactions: shenat and Yeezus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    සල්ලි වලට තමයි කලින් ඉදන් තිබුණේ, කාර් එකක් නැත්නම් අපේ ඉස්කෝලෙට ගන්නේ නැහැ
    uncle කෙනෙක් හිටියා; සරමක් ගහන් බුලත් විටක් දාගෙන benz එකේ parents meetings වලට එනවා
    තව මුස්ලිම් drug බිස්නස් පුතෙක් හිටියා, ඌ grade 8 වලින් suspend වුණා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    තොපි කඩේ ගියපු පොන්නප්පුලා අවුරුදු 50ක් පාලනේ කරලා හදපු රට තමයි ඔය. 😹😹

    අපි මේ පට්ට කැපිටලිස්ට් රටවල් වල ඉන්නවා ඉස්කෝල වලට ගියාම ඔහොම වෙනව කියල අහල නෑ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    තොපි බුරු හරක් නේ බන්,

    මම වැඩ කරන්නේ , ඉතාම විශාල ආයතනකය . පුදුම කෙල්ලෝ කොල්ලෝ ගොඩක් ඉන්නේ , ඔක්කොම හරිම විදිහට ඉගෙන ගෙන හොද මොලවල් , හැබැයි කියන එකට උඩින් යන්නේ නැ , නැ කියන්නේ නෑමයි , පුදුම බිය ගුළු කමක් ,,,,, කිසිම සමාජ හුරුවක් නැති , හරි ඉක්මනට රවටන්න පුළුවන් , කොටින්ම කිව්වොත් මම හයියෙන් බැන්නොත් හෙට මුන් උන්ගේ අම්මව එක්කරෙගෙන ජාතියක් (සමහර විට උබල මාත් එක්ක කියන්න පුළුවන් මේ gen z කියලා ), එකත් එහෙම නෙමේ කියල තේරෙනවා පහල තියෙන ටික කියෙවොත්

    හැබැයි එකෙක් දෙන්නෙක් ඉන්නවා ultra ලෙවෙල් එකෙන්ම කපට්යි , කොන්ට්‍රෝල් කරන්න අමාරුයි ....

    බැක් ග්‍රවුන්ඩ් චෙක් කරාම තමා තේරුනේ සින් එක ...

    අර කොන්ද නමාගෙන 8ට ඇවිල්ල 5ට යන සෙට් එක , තමා තමන් පොෂ් යැයි විස්වාස කරන ඔක්කොම ප්ව්ට් ස්කොලේ ගියපු උදවිය , අඩුම තරමේ, කොෆි මැෂින් එකේ වතුර නැති උනත් මට ඇවිල්ල කියන සෙට් එක ,,,,,,,,,,,,(හරිම ලේසි මේ ගොල්ලෝ හසුරවන්න , ඕනිම දෙයක් කරන්න පුළුවන් ටිකක් සැරෙන් කතා කරොත් ), ටෙර්මිනටේ එකක් උනත් එහෙමයි හරිම ලේසි උන්ගෙන් වැඩ අරන් උන්ගේ ඔලුවටම ඇත හෝදන්න පුළුවන් .

    අනිත් සෙට් එක (1%-2%) ,වගේ මුන් එහෙම නැ , කොන්ට්‍රෝල් කරන්න අමාරුයි වගේම , හැමදේම ප්‍රශ්න කරනවා. ඉ මේල් දානවා , අනිත් එකා ගැන හොයනවා , ලේසියෙන් කිසිම දෙයක් පිළිගන්නේ නැ , අර කරන ලේසි වැඩ මේ පක්කු හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා,

    එකම වෙනස තම මුන් ඉගෙන තියෙන්නේ රජයේ පාසල් වල,උන් එකේ ඉගෙන ගෙන කැරීම කට්ටක් කාල කැම්පස් එනවා , මුන් ලෝකේ කාල වතුර බීපු යක්කු , මන් මේ වගේ දැක්කේ අනිත් ඉන්දියන් එව්වන්ගේ එත් මහරෂ්ටයන්ගේ පමණයි, ඇත්තටම මුන් මාර සුපිරි ,දෙයක් කරන්න කලින් කෙල නොවී වග බලා ගැනීමට දක්ෂයෝ , බොරු කියන්න ඕනි නැනේ,

    මගේ එකම දේ ආණ්ඩුවේ ස්කොලේ , හැබැයි ළමයට ශිෂත්වෙත් එපා , සාමාන්‍ය පෙළත් එපා , උසස් පෙළ ඕනිම නැ එකෙන්ම පුද්ගලික කැම්පස් එකකට දානවා , ළමයට ඕනි අතල් එකක් ගන්න දෙන්න ඕනි ළමය කාලේ, ඉගෙන ගත්තට කමක් නැ ,

    BTW - mama igena gaththe private skoleka (passe government giya),
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,270
    25,451
    113
    මම ලයිසියම් ඉන්ටෙව් හිටියා online. වර්ණනාවෙන් පස්සේ සල්ලි ගැනම තමයි. ඒකට දැම්මේ නෑ....
    මම කැමති නෑ, cult එකක් හදන ඉස්කෝල වලට. බලපන් රෝයල් එකේ එළියට එන සුපිරි චරිත, ආයේ පට්ට නිහතමානී. නමුත් exam අල වුන එවුන් තැනකට ආවොත් පට්ටම රැඟිල්ල. MAS එකේ පුරෝලා ඉන්නේ, ඒ වගේ ගොන් ගස් තමයි.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    ඇයි බන් gov හොද schools වලට දාන්නේ නැත්තේ? මට private schools වල ගිහිල්ල ආපු අය සෙට් වෙලා තියෙනවා හෙනම බොළදයි, immature. Gov schools වල උන් එක්ක compare කරනකොට ලොකු difference එකක් note වෙලා තියෙනවා. :baffled:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,499
    6,186
    113
    මටනම් private school දාන්න තරම් සල්ලියක් නෑ
    ඒකෙ විශෙෂ අවශ්‍යතාවයක් පෙනෙන්නෙත් නෑ

    රජයෙ පාසලකින් උගන්නන්න තමයි plan එක තියෙන්නෙ
    මගෙ තාත්තා තමයි 1 වසරෙ ඉදන් OL වෙනකන්ම ඉගෙනිමට මග පෙන්නුවෙ
    English class ගියා 7 ඉදන් ඔක්කොම subject ගෙදර ඉදන් ඉගැන්නුව මට
    Best result ත් ගත්තා OL මම විතරක් නෙමෙයි නන්ගි මල්ලිත් එහෙමයි

    මටනම් දැනට එහෙම ගෙදර ඉදන් උගන්වන්න මට්ටමක් නෑ කරන රස්සවල් එක්ක
    ඒත් මම දකිනවා අම්මල තාත්තල දෙන්නම රස්සාවල් කරගෙන අමාරුවෙන් ස්කුල් ෆීස් ගෙවාගෙන ටියුෂනුත් දීගෙන දගලනව ලමයි වලට දාල
    සමහරු FB group wala help ඉල්ලනවා ළමයින්ගෙ school fees ගෙවන්න

    AL වෙනකල් වත් රජයේ පාසලක උගන්නලා ඒ වියදම් කරන සල්ලි වලින් ළමය වෙනුවෙන් දේපලක් අරගෙන දැම්මනම් ළමයට higher studies කරන කාලෙට වියදම් කරන්න ඔනි වුනොත් සල්ලි තියෙනවා
    Pvt school දාගෙන ලොකුවට වියදම් කරන එක්කෙනෙක් එයෙත් මට කිව higher study වලට කෝටි 5 වත් වෙන් කරල තියනන් ඕනි කොහොම කරන්නද මන්ද කියල

    ඔය දැන් school fees වලට වියදම් කරන සල්ලි වලින් හරි investment එකක් කලා නම් ඒ කාලෙට ළමයට higher studies වලට විතරක් නෙමෙයි , higher studies වලින් පස්සෙ ඌ පඩියක් ගන්න කාලෙක ඒ පඩියට සමානව අමතර අ්දයමකුත් වලින් ඌට ගන්න ත් පුලුවන් වෙයි investment walin

    ගොඩක් pvt school වල කොහෙන් හරි අහුලගත්ත ගුරුවරු සෙට් එකක් දාගෙන උගන්වන්නෙ
    එක pvt ස්කොලෙක පොඩි ළමයින්ට exam වෙලාවෙblack board එකෙ උත්තර ලියල ගුරුවරුම
    Results එද්දි ළමයින්ගෙ performance හොදයි
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    මමත් දුවව ලයිසියම් දානව. හේතුව මට මගේ ලමයව හොද ජාතික පාසලකට දාගන්න විදියක් නෑ. උබ ඔය කියන මීටින් එකට මමත් ගියා. මට නන් ප්‍රශ්නයක් නෑ. රජයේ ඉස්කොලෙක මට්ටමට හොදට මේකේ උගන්වනවා. හැමදේම සල්ලි තමා. මොකද උන් කරන්නෙ බිස්නස් එකක්නේ. ග්‍රේරු ලයිසියම් එක හැදුවේ තමන්ගේ ලමයව හොද ඉස්කොලෙකට දාගන්න බැරි මද්‍යම පාන්තිකයන්ට තමන්ගෙ ලමයින්ට හොද අද්‍යාපනයක් දෙන්න පුලුවන් ඉස්කොලයක් විදියට. අනික වැද්ගත්මදේ ඔය ඉස්කෝල වල උද්ගෝශන, ලමා අපචාර, ලමයින්ට මැරෙන්න ගහනව වගේ දේවල් වෙන්නෙ නෑනෙ. රටේ මොන ප්‍රශ්නෙ තිබ්බත් වෙලාවට උගන්වනවා. ලමයින්ගේ මානසික, කායික තත්වය ගැන සෑහෙන්න සැලකිලිමත්.

    අනික නිදහස් අද්‍යාපනේ තියෙන රටක පිනාට පගාව දීලා ජනප්‍රිය ඉස්කොලෙකට දා ගන්නවට වඩා පවුද්ගලික පාසලකට යවන එක හොදයි කියන මතේ මම ඉන්නවා. (උදා-මගේ ඉස්කෝලෙට දාන්න ලක්ශ 20ක් පගාව දෙන්න ඕනේ)

    ඒකෙන් මම කියන්නෙ නැහැ රජයෙ පාසල් වල උගන්වන්නෙ නෑ ඒවට වඩා පවුද්ගලික පාසල් හොදයි කියල. මට ඒ වගේ ඉස්කොලෙකට දාගන්න බැරි නිසා තමා මම පවුද්ගලික පාසලකට ලමයව දාන්න තීරනේ කලේ. පුලුවන් අය ජාතික පාසලකට තමන්ගේ දරුවව දා ගන්න. හැබැයි එහෙම බැරිනන් සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන්කමක් තියෙනවා නන් මෙලෝරහක් නැති ඉස්කොලෙකට දාලා තමන්ගෙ දරුවගේ අද්‍යාපනේ තමන්ට අවශ්‍ය මට්ටමට නැහැ කියලා පස්සේ දුක් වෙනවට වඩා පවුද්ගලික පාසලකට දාගෙන පස්සේ ශිශ්යත්වෙන් හරි හොද ඉස්කොලෙකට දා ගන්න උත්සහ කරන්න
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපිට ආසාවක් ආවා කොළඹ convent එකකට දාන්න. පොඩි එකාට අපි හිතුවෙ ජීවිතේ වටිනවා කියන සාරදර්ම වලට තැනක් දෙන ඉස්කෝලයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.

    මොනාද බං මේ කොළඹ සාරධර්ම?

    හාල් පෙට්ටි සීන්, ඉඩම් ඔප්පු හැදිලි වගේ ඒවාද? 🤨