වෙහෙරගලදී ARMY Truck එකට, LTTE එකෙන් ගහපු සිද්දිය මතකද

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    Uthuru ape sahadoyan kochara pidanayakinda inna athe mey wage sahasi wenna
    Ehema kare tamil politicians lama thama
    Prabhakaranatath kalin army camp ekak wata karala gahuwe EPDP eke Douglas Devananda. LTTE kiyanne oya wage keepayakin(gana mathaka na) haduna ekak

    එස් එෆ්. එකේ සෙට් එකක් ද ඒ?
    Meka miss una nm wadinne SF niwadu ena set ekakata. Me SF newei. Wena unit ekak
    ------ Post added on Dec 10, 2024 at 8:34 PM

    අලි මංකඩ දි ගබඩාවෙන් ආවුද ගන්න එපා කිව්ව කතාව කවුද දන්නෙ ?
    Mekedi neda ehema une?
    ------ Post added on Dec 10, 2024 at 8:35 PM


    Meya thama beruna ekama kena habai meysta Tomba Gun eke shot ekak wadinawa meyawa follow kran awilla gahana ltte ungen
    ------ Post added on Dec 10, 2024 at 8:36 PM

    ට්‍රේනින් කොල්ලෝ මේකට අහුවුනේ. SF සිරාම set එකකට කොටි අහුවුණා ලඟම තැනකදී.... විල්ගංවෙහෙර
    Owww passen ena SF truck ekatath gahanawa. E set eka thama mee LTTE un tikata gahanne
    ------ Post added on Dec 10, 2024 at 8:37 PM

    මගේ ලොකු අයියට දෙකට කැඩෙන්න පැඩල් ගන් එකකින් ගහල තිබුනේ. 4රේ කන්ඩායම් ක්‍රියාන්විතයකදී. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු කැප්ටන් වරයෙක්. 2008 ක්‍රියාන්විත රාජකාරියේදී මියගියා. මිනිය ආවේ සීල් පෙට්ටියේ.
    He is a war hero. Wish to Rest In Peace

    Kisima athmayaka mee wage maranayak ath nowewi
    ------ Post added on Dec 10, 2024 at 8:38 PM

    ඒ කාලේ තව මේ වගේ කී දෙනෙක් මේ වගේ ඉරණම වලට ගොඳුරු වෙන්න ඇත්ද :(
    Thawa thiyanawaw. Mulative, Punarin camp ekata gahapu eka. Navy eke niwadu yana 150k eka thanakdi bus walata gahala maruwa siddiya ehema
    ------ Post added on Dec 10, 2024 at 8:40 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    Ehema kare tamil politicians lama thama
    Prabhakaranatath kalin army camp ekak wata karala gahuwe EPDP eke Douglas Devananda. LTTE kiyanne oya wage keepayakin(gana mathaka na) haduna ekak


    Meka miss una nm wadinne SF niwadu ena set ekakata. Me SF newei. Wena unit ekak
    ------ Post added on Dec 10, 2024 at 8:34 PM


    Mekedi neda ehema une?
    ------ Post added on Dec 10, 2024 at 8:35 PM


    Meya thama beruna ekama kena habai meysta Tomba Gun eke shot ekak wadinawa meyawa follow kran awilla gahana ltte ungen
    ------ Post added on Dec 10, 2024 at 8:36 PM


    Owww passen ena SF truck ekatath gahanawa. E set eka thama mee LTTE un tikata gahanne
    ------ Post added on Dec 10, 2024 at 8:37 PM


    He is a war hero. Wish to Rest In Peace

    Kisima athmayaka mee wage maranayak ath nowewi
    ------ Post added on Dec 10, 2024 at 8:38 PM


    Thawa thiyanawaw. Mulative, Punarin camp ekata gahapu eka. Navy eke niwadu yana 150k eka thanakdi bus walata gahala maruwa siddiya ehema
    ------ Post added on Dec 10, 2024 at 8:40 PM
    හ්ම්. දිගම්පතන
     
    • Like
    Reactions: sahan50

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,416
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    හ්ම්. දිගම්පතන
    469302884_991036393048223_8084095396573178183_n.jpg



    දිගම්පතන ලේ විලක් කළ ඛේදවාචකය
    (01 කොටස )

    ඒ මචන් අද ගෙදර යනවද?

    ඔව්... අම්මෝ කොච්චර කාලෙකින්ද ගෙදර යන්නේ... ගෙදර මිනිස්සුන්ට මාව මතකද දන්නෙත් නෑ..

    කුමාරගේ ගෙදරින් ලියුමක් ඇවිත් තියනවා දැක්කා කසුන්... පෙරේදා ඉදිරි ආරක්ෂක වලල්ලෙදී මගේ ඇස් ඉස්සරහම ඇදගෙන වැටුනා මට කර කියාගන්න දෙයක් ඉතිරි වෙලා තිබුනේ නෑ...

    මේ යුද්දේ කවදා ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා

    බලාපොරෙත්තු අත් අරින්න එපා අපි කොහොම හරි මේ රටේ අනාගත පරපුරට ජීවත් වෙන්න රටක් ඉතිරි කරමු.

    මේ කතාබහ අවසන් කරපු මිතුරන් නින්දට වැටුනේ පසුදා උදෑසනම තම ආදරණියන් දකින්නට නිවෙස් වෙත යන සුබ සිහින සමගිනි. උදාවුයේ වර්ෂ 2006යේ ඔක්තොම්බර් මස 16 වැනිදාය. හින බලාපොරොත්තු හිතේ පුරෝගෙන අවදි වු සෙබළුන් කඩිමුඩියේ සුදානම් වුයේ මොවුන් රැගෙන යන්නට පැමිණි බස්රථ වෙත යමේ අරමුණිනි. තම ගම් බිම් බලා යාමට සුදානම්ව සිටි සෙබළුන් 200ක පිරිසක් ගමන්මළු අතැතිව ගොට්ටුව අසලට එක්ව සිටින්නට විය. හරියටම උදෑසන 10.30 පමණ වන විට බස්රථ 12ක්, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසලට පැමිණිනි. නාවික සෙබළුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කල හමුදා ප්‍රධානීන් රථ වල ආරක්ෂාව සඳහා කැබ් රථ හා යතුරුපැදි යොද වන්නට විය. මේ සියල්ලට අමතරව නිවාඩු ලබා පිටව යන සෑම සෙබලෙකුගේම ගිනි අවි ඔවුන්ගේ භාරයේම තිබුනේ දිගම්පතන අතරමැදි කඳවුරට භාර දීමේ ආරමුණින් පමණක් නෙව මෙම ගමන් ගන්නා ප්‍රදේශයේදී ආරක්ෂාව තහවුරු කර ගත යුතුව පැවති නිසාවෙණි.

    මේ සියලු ආරක්ෂක සංවිධානයන් සහිතව මෙම රථ පෙළ එකිනෙකට මීටර් 100ක පමණ පරතරයක් පවත්වා ගනිමින් පැයට කිලෝමිටර් 60 වේගයක් පවත්වා ගනීමින් ඒ 6 මාර්ගය හරහා දිගන්පතන අතරමැද කඳවුර දෙසට ගමන් කලේය. මෙලෙස නාවිකයන් සිය අවධානය උපරිම ලෙස රඳවාගෙන පැමිණියේ මේ ප්‍රදේශය ත්‍රස්තවාදින් විටින් විට සැරිසරණ ප්‍රදේශයක් වු නිසාවෙනි.
    අම්මෝ ඇති යාන්තන් කන්තලේ පහු වුණා නේද ?

    ආ.... ඔව් මම හිතන්නේ දැන් අග්බෝපුර හරියේ

    මම දිගන්පතනට ගිහින් ආයුද භාරදීලා එහෙම්ම යනවා මගේ යාළුවෙක් ඉන්නවා ඒ ළඟ උබලා කොළඹටම යනවද?

    ඔව් මට කොළඹට යන්න වෙනවා මාතරට යන්න ලෙසියි කොළඹට ගියා නම්, තව විනාඩි විස්සකින් විතර අපිට දිගන්පතනට යන්න පුළුවන්.

    මාස ගණනාවක රාජකාරී වගකීම් වලින් ටිකෙන්ටික මිදෙමින් සිටි මෙම නාවික පිරිස සේම නිවාඩු ලබා පිටව ගොස් සිටි නාවිකයන් පිරිසක් කොළඹ පිහිටි රංගල නාවික හමුදා කඳවුරේ සිට දිගම්පතන දක්වා පැමිණෙමින් සිටියේ සිය රාජකාරියේ වගකීම නැවත සිය කරපිටට ගැනීමේ අභිප්‍රායෙණි. දහවල් 12.30 පමණ වන විට මේ දෙපිරිසම දිගම්පතන අතරමැදි කඳවුර පිහිටි ප්‍රදේශයට පැමිණ සිටියේය. නාවික සෙබළුන්ගෙන් පිරි පැවති කඳවුරු භූමිය ඉතාම කාර්යබහුල වී පැවතිණි.

    දිගම්පතන කඳවුරු භූමිය ප්‍රදේශය තුළ විශාල වශයෙන් සෙබළුන් ගැවසීම නිසා ඒ ආසන්න මාර්ගයන් වල වාහන ධාවනය පවා යම් තාක් දුරකට අඩපන වී පැවතිණි. නමුත් දඹුල්ල මාර්ගය දෙස සිට පැමිණි නිල් පැහැති සුසුකී එල්ෆ් වර්ගයේ ට්‍රක් රථයක් අධික වේගයකින් යුතුව මෙම අතරමැදි කඳවුර පිහිටි ප්‍රදේශයට ධාවනය වීම කාගෙත් නෙත ගැටුණු දසුනක් විය. එමෙන්ම කළු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටි එහි රියදුරා අතරමැදි කඳවුර සමිපයේ බස් රථ ගාල් කර තිබු ඉසව්වට ලගා වනවාත් සමඟ ම break නෑ .....break නෑ .... යනුවෙන් මහ හයියෙන් කෑ ගසන්නට විය.

    එසේ නමුත් වේගයේ කිසිදු අඩුවක් නොමැතිව ඉදිරියට පැමිණි ට්‍රක් රථය සෙබළුන් සිටින දෙසටම ධාවනය වී අවසානයේ බස් රථයක ගැටී නතර විය. තවත් මොහොතක් වත් ගත වන්නට මත්තෙන් මුළු ප්‍රදේශයම දෙදරවා හරිමින් දැවැන්ත පිපිරීමක් සිදු වන්නට විය.

    සිදු වුයේ කුමක්ද යන වග කිසිවෙකුට සිතා ගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමින් සිය ඉලක්කය සම්පුර්ණ කර ගත් LTTE කොටි ත්‍රස්තයින් නාවික හමුදා සෙබල ජීවිත 102ක් ඩැහැ ගන්නට විය.

    මෙම ප්‍රහාරයේ කම්පනය කොයිතරම්දයත් ජීවත්ව සිටි සෙබළුන්ට පවා පියවි සිහියට පැමිණිමට විනාඩි ගාණනත් ගත විය. මිට විනාඩි කිහිපයකට පෙර කුහුඹුවන් සේ ඒ මේ අත යමින් කඩිසරව සිටි සහෝදර නාවිකයන් සමහරෙකුගේ සිරුරු හදුනාගත නොහැකි තරමට කීතු කීතු වී පැවති අතර පිරිසක් සිදු වු තුවාල වලින් ලත් වේදනාවෙන් මොර දෙමින් සිටියේය.

    දිගම්පතන කඳවුරු භූමිය අසල මාර්ගයේ මාර්ග බාදකයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීයා සිද්ධිය වු ස්ථානයට දිව ආවේ සිදු වුයේ කුමක්ද සොයා බැලීමටය.

    රාහුල් මොකද්ද බං ඒ සද්දේ

    අනේ මන්ද පොළවත් හෙල්ලුනා නේ

    කැම්ප් එක පැත්තෙන් ඇහුනේ

    යන් ඉක්මනට ගිහින් බලමු.

    බුදු අම්මේ......... මොකද්ද බන්..... මේ විනාසේ

    ඉක්මනට OIC සර්ට Call එකක් ගන්න. විදුෂ දුටු දර්ශනයෙන් සිහිසුන් වු විදුෂ පියවි සිහිය එළවා ගන්නට උත්සාහ කරමින් දුරකතනය අතට ගන්නට විය.

    සර් මම විදුෂ දිගම්පතන කැම්ප් එක ලඟ ලොකු පිපුරුමක්

    ඕව්…. අපිට තොරතුරු ආවා අපේ ටීම් එකක් ඔතනට එව්වා.

    හරි සර් ....

    තැන් තැන් වල ඒ ඒ අයුින් වැටි සිටින සෙබළුන් අතරින් තාමත් ජීවිතයේ හුස්ම අදින සෙබළුන් සොයමින් ප්‍රතිකාර සඳහා යොමු කරන්නට විය. ඒ අතර බෝම්බ ප්‍රහාරය එල්ල වු ස්ථානයේ සිට යම් තරමක් දුරට වන්නට වැටි සිටි සෙබළෙකුගේ කලිසම් සාක්කුවේ දුරකතනයක් නාද විය.

    සර් මේ වැටිලා ඉන්න කොල්ලාගේ සාක්කුවේ දුරකතනයක් නාද වෙනවා
    කෝ කොතනද?

    මෙතන සර් ...... මම Call එක ගන්නද?

    අරගෙන මොනවා කියන්ද බන්?

    මට නම් බෑ ගෙදර මිනිස්සුන්ගේ විලාපය අහන් ඉන්න

    එත් සර්..... මම අරගෙන බලන්නද?

    පුළුවන්නම් අරන් බලන්න

    කවමදාවත් හඳවතට දැනී නැති කළකිරීම හා මුසු වු වේදනාවකින් දුරකතනය අතට ගත් විට මට ඇසුනු සද්දයෙන් නිල ඇදුම ඇද සිටියත් ඇස් වලින් ආ කඳුළු වලකා ගන්නට නොහැකි විය.

    අප්පච්චි....... මහ හයියෙන් ඇසුනේ පුංචි දියණියකගේ හඩකි.

    අප්පච්චි ............... කොහෙද ඉන්නේ ඉක්මනට එනවද ? මගේ පොත් බැග් එක ගත්තද? අනේ ඇයි කතා කරන්නේ නැත්තේ අප්පච්චි... මේ අහන්නකෝ ...... අම්මා ඔයාට කන්න රසට උයනවා. අලුත් ්ට යන්න පොත් ඔක්කොම ගත්තා මම.. ආවාම අප්පච්චිට පෙන්නන්නම් කෝ....

    අප්පච්චි ඇයි ඔයා හයියෙන් හුස්ම ගන්නේ....... ඔයාට මහන්සිද? හරි... මම උණුවතුර හදලා තියන්නම් අප්පච්චිට ඇවිත් නාගන්න.

    ඉන්නකො.... මම අම්මට කියන්නම්... අප්පච්චි එන්න. මම තියනවා.

    මාගේ දෙනෙතින් එකින් එක කදුළු කැට බිම වැටුනේ දරා ගත නොහැකි වේදනාවෙන්. පුංචි දියණියකගේ බලාපොාත්තු එකින් එක බිඳ වැවෙන හැටි සිහිනෙනෙ වගේ මට මැවුණා. එත් යුණිෆෝම් එකක් ඇද ඉන්න මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නෑ.
    විදුෂ ඇයි?

    අනේ සර් මේ ාල්ලගේ පුංචි කෙල්ල මට හයියක් නෑ මෙතන වෙලා තියන දේ කියන්න ... පවු පුංචි කෙල්ල

    මේ වාගේ ජිවිත ීයක් මේ විනාසය නිසා තනි වෙයිද විදුෂ මෙතන ඉන්න කොල්ලොන්ගෙ

    ඒ් ඇත්ත සර්

    මේක සැලසුම් කරපු එකෙක ෑර අපි හොයාගන්න ඕනී. නීතිය ඉදිරියට ගෙනල්ලා උපරිම දඬුවම් දෙන්න ඕනී සර් ... නැත්තම් මේ ඇඳුම අපි ඇදගෙන ඉදලා වැඩක් නෑ.

    කාලයේ වැලිතාලාවෙන් වැසි යන්නට බෝහෝ අවස්ථාව ඇති සිදුවීම් වල සත්‍ය සොයන්නට යුහුසුළුව වෙර දරන ශ්‍රී ලංකා පොලිසිය මෙම දිගන්පතන ඛේදවාචකයේ ද සුල මුල සොයා යන්නට විය. මෙම සිද්ධියේ මුලික විමර්ශණ කටයුතු සීගිරිය, දඹුල්ල සහ දිගම්පතන පොලිස් ස්ථාන මඟින් සිදු කළ අතර ඉන් පසුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කරන ලදී.

    මෙම අපරාධය සඳහා යොදාගත් කැන්ටර් වර්ගයේ ලොරි රථය පිළිබඳ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් වාර්තා ලබා ගෙන විමර්ශණ කටයුතු සිදු කිරිමේදී අදාළ රථයේ ලියාපදිංචි අංකය පෙරේරා මාවත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි පුද්ගලයෙකුගේ බවට කරුණු අනාවරණය කර ගත් අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වුයේ මෙම රථය 2006.02.14 දින කඩවත ප්‍රදේශයේ කාර් සේල් එකකට විකිණිම සිදු කර ඇති බවයි. අංක 226 -5525 දරණ මෙම ලොරි රථය නඩරාජා වසන්ත කුමාර් නැමැත්තෙකුට විකුණා ඇති බවට අවසාන වශයෙන් කරුණු අනාවරණය කර ගත් අතර ඒ ඔස්සේ පොලිස් විමර්ශන දියත් කරන ලදී.

    LTTE ත්‍රස්ත සංවිධානයේ බුද්ධි අංශ නායකයෙකු ලෙස කටයුතු කළ නඩරාජා වසන්ත කුමාර් මෙම ප්‍රහාරය සංවිධානය කර ඇති බවට කරුණු අනාවරණය කර ගත හැකි වු අතර අන්තෝනි චන්ද්‍රා, කාලිඅප්පන් මනෝහරන්, වීරසාමි සිව සුබ්‍රමනියම්, සෝම සුන්දරම් බාලචන්ද්‍රන් ප්‍රහාරයේ අනෙකුත් සැලසුම්කරුවන් බවට තොරතුරු සොයා ගන්නා ලදී.

    තිස් අවුරුදක් මුළුල්ලේ ශ්‍රී ලංකිකයන් ලෙස කුරිරු ම්ලේච්ච LTTE ත්‍රස්තවාදින් විසින් භීෂණයට ලක් කළ අඳුරු කාල වකවානුවක් පසු කළ අපි සාමයේ අරුනළු මැදින් සිනාසිය හැකි වර්ථමානයකට උරුමකම් කියන්නෙමු. එකී වර්ථමානයක් නිර්මාණය කිරීම උදෙසා දිවා රෑ නොතකමින් පැය 24 පුරා අඛණ්ඩ රාජකාරියක නියැලුන පොලිස් නිලධරයන් ඇතුළු සියලු ආරක්ෂක අංශ නිලධරයන් සිහිපත් කරන්නේ ගෞරව බුහුමාණයෙන් යුතුවයි.

    Copy - Sri Lanka Police FB Page #Srilankapolice #PoliceMedia #everyone #මේ_ඔබේ_පොලිසියයි
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    වනැස channel eka sahenna deyak krnwa stories tika society ekata dala
    Aniwa
    Godak asarana army eke ayata udawwak una. Watinama deyak

    ඉස්සර හිටපු හමුදා ලොක්කො නිසාත් කොල්ලො සැහන්න මැරුණ..

    කිසිම යුධ සැලසුමක් නැතිව පාර දිගේ ඔහේ ගිහිල්ලා,
    අනිවා. මේ කියන එක ඇත්ත
    ------ Post added on Dec 11, 2024 at 11:51 AM