උඹ මෙහෙම හිතපංකෝ..
PC එකක් ස්ටට්ක් වුනාම රීස්ටාර්ට් කරන්න ඕන..
වාහනයක් වින්ටර් එකේ ගොඩක් වෙලා නවත්තල තිබ්බොත් ස්ටාර්ට් කරල ටිකක් වෙලා තියල රත් කරගන්න ඕන..
නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් ඕනවට වඩා රත්වෙනව කූලිං සිස්ටම් වැඩ නැත්තං ශට්ඩවුන් කරන්න ඕන
ඒ වගේ අපේ මොලෙත් මැශින් එකක් කියල හිතපංකෝ.. අපේ මොලෙත් ඔය වගේ ඔවර්ලෝඩ් වෙනකොට සංකීර්ණ වෙනකොට රෙස්ට් එකක් නැතිවෙනකොට රිකවර් වෙන්න ඕන..
Introvert - කියන එකේ අදහස ඇතුලට බර කියන එක වගේ..
Extrovert කියන එකේ අදහස එලියට බර කියන එක වගේ..
එතකොට ඔය අපේ මොලේ රිකවර් වෙන ප්රොසෙස් එක introvert එවුන් කරන්නෙ ඇතුලට බර විදිහට..ඒ කියන්නෙ තනියම ඉන්න එක.. හැබැයි තනියම ඉන්නව කියන්නෙ අනික් මිනිස්සු එක්ක ඉන්න තියෙන අකමැත්ත නෙවෙයි.. තනියම තමංගෙ මොලේ ඇතුලෙ හැමදේම ප්රොසෙස් කරගනෙ, තමන්ගෙ මනසට ඕන කරන දේවල් ඒ විදිහට හදාගෙන ගොඩක් ඇතුලට බරව කරන ප්රොසෙස් එකක්.. එහෙම තමයි රිකවර් වෙන්නෙ.. රිකවර් වුනාට පස්සෙ වුන් ආයෙත් සමාජෙට යන්න පුලුවන්.. හැබැයි ඉක්මනට overwhelmed වෙනව.. නැවතත් රිකවර් වෙන්න ඇතුලට බර වෙන්න ඕනා ..
එතකොට Extrovert වුන්ගේ ඕකේ අනික් පැත්ත.. තනියම ඉන්න ඉන්න.. හැමදේම තනියම කරන්න කරන්න.. හැමදේම තනියම හිතන්න හිතන්න.. හැමදේම තනියම විඳදරාගන්න ගියාම මොලේ ඉක්මනට වෙහෙසට පත්වෙනව... උන්ට ඇතුලට බර වෙලා ඉන්න අමාරුයි.. හැමදේම එලියට කියන්න ඕන.. හැමවෙලේම තමන්ගෙ අවට පරිසරය වෙනස් වෙන්න ඕන.. හැම වෙලේම තමන්ගේ මොලේ එනර්ජි එක එලියට දෙන්න ඕන.. එහෙම තමයි උන්ගේ මොලේ රිකවර් වෙන්නේ...
මේ ලොකේ තනියම ඉන්න කැමතියී ... අනික් මිනිස්සු එක්ක ඉන්න කැමතියී කියල වෙන් කරන්න අමාරුයි.. ඔය තනියම ඉන්න කැමතියී කියන අය හිත ඇතුලෙන් කැමතියී extrovert අය කරන සමහර දේවල් වලට.. ඒත් ආසාවයි හැකියාවයි කියන්නෙ දෙකක්.. මොලෙන් තමයි අපිව පාලනය වෙන්නේ.. ඉතිං මොලේ කියනව හැම වෙලේම ඇතුලට බර වෙලා ඉන්න ඕන නැත්තං මට අමාරුයි කියල .. ඕකෙම අනික් පැත්ත තමයි extrovert වුන්ටත්.. සමහර වෙලාවට වුන්ටත් හිතෙනව මේ හැමදේම දමල ගහල මට හැංගිලා ඉන්න ඇත්තං කියල.. හැබැයි කරන්න ගියාම අමාරුයි.. මොලේ එලියටම යවනව..
ඔය extrovert introvert සීන් එක තව කොටස් වලට බෙදන්න පුලුවන්.. සමහරු ඉන්නව කතා කිරීම extrovert, හිතීම introvert.. ෆ්ලීන්ග්ස් introvert .. තව සමහරු ඉන්නව ෆීලින්ග්ස් extrovert.. කතා කිරීම introvert .. හිතීමත් introvert... ඔයවගේ සෑහෙන කොටස් වලට බෙදන්න පුලුවන්.. ඒ කිව්වෙ සමහර දේවල් කරද්දි අපි intro සමහර දේවල් කරද්දි අපි extro