බිම්සවිය issue

Kasun0

Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    බිම්සවිය ඔප්පු වලට මාරු උනා හෝ බිම්සවිය ඉඩමක් purchase කරපු අය ඉන්නවද? මීත් එක්ක ඔප්පුව දෙන්නෙක්ට ලියන්න බැරි නීතියක් තියෙනවද? තනි පුද්ගලයෙක්ගේ විතරක් ලියන්න ඕ නේ ද.
     
    • Like
    Reactions: sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.


    රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92 ක ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් මිලියන දහසක්‌ වෙන්කර ඇති අතර එක්‌ හිමිකම් සහතික පත්‍රයක්‌ වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් 15,000 කි.
    අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පවසන්නේ බිම් සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බවත් මෙම පනත සම්මත වුවහොත් විහාර දේවාලගම් වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රැසක් ඇති වන බවත්ය.

    බිම් සවිය නිසා බොහෝ ඉඩම් වල තිබූ ආරවුල් ඉවත්වී හිමිකරුවන් හට නිරවුල් ඔප්පු ලැබී තිබේ. නමුත් මැන තිබෙන ඉඩම් වලින් බොහොමයක් දෝෂ සහිත ඒවා බවද පසුගිය කාලයේ වාර්තා විය.

    මැනුම් කටයුතු සිදුකර හිමිකම් සහතික පත්‍ර ලබාදී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක්‌ හරි හතරැස්‌ ලෙස සිතියම් ගතකොට තිබීම, අයිතිකරුවන් කීප දෙනකු සිටින ඉඩම්වල අයිතිය එක්‌ පුද්ගලයකුට පමණක්‌ ලබාදීම, මැනුම් සිදුකරන ඉඩම් ආශ්‍රීතව පිහිටි ඇළ මාර්ග, කාණු පද්ධති, මාර්ග නිසි ලෙස සිතියම් ගත කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක්‌ ඒ අතර වේ.

    මේ අතර පිළිබද දැනගන්නට ලැබෙන අලුත්ම කරුණ නම් බිම් සවියෙන් මැන තිබෙන ඉඩම් වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීමයි.

    පුද්ගලයෙකු ඉඩම ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේ වෙනත් පුද්ගලයෙකුගෙන් එම ඉඩම සඳහාම ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍රයක් භාර දී තිබෙනු දක්නට ලැබී අැත.

    එහි භයානක තත්වය වන්නේ ඉඩම් ඔප්පුවේ හෝ හැඳුනුම්පතේ ඡායාපිටපත් රහිතවම අසම්පුර්ණ අයදුම්පතක් ද ඒ වනවිට වෙනත් අයෙකුගෙන් එම නිලධාරින් භාර ගෙන තිබීමයි.

    බිම් සවියෙන් පැමිණ ඉඩම් මැනගන යාමෙන් පසු බොහෝ දෙන්කු සිතන්නේ එදා පටන් තමාගේ ඉඩම නිරවුල් බවයි. නමුත් තමාගේ ඉඩම කුමන ආකාරයට ලියාපදිංචි වී ඇත්දැයි, ඉඩමේ සැකැස්ම කුමන ආකාරයට ඇඳ ඇත්දැයි ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.

    ඇතැම් ඉඩම් සැලසුම් දෙස බැලීමේදී මැනගිය ගිය මායිම් වලට වෙනස් වන අයුරින් සැලසුම් ඇඳ තීබේ. එසේ වී නම් වහාම ඒ බව දන්වා ඔප්පුව ලැබීමට පෙර අදාල ඉඩම් හිමියන් ඒවා නිවැරදි කරගත යුතුය.

    සාමාන්‍යයෙන් ඉඩම මැන ඒ සඳහා සැලැස්ම ලබාගැනීමට වසර එකහමාරක් පමණ කාලයක් ගතවිය හැකිය. අනතුරුව තම ප්‍රදේශයේ මිනින්දෝරු ආයතනය වෙත ගොස් රු. 950/-ක් ගෙවා සැලැස්ම ලබාගත යුතුය. මැනගන ගිය තමාගේ ඉඩම කුමන ආකාරයට සිතියම්ගතවී ඇත්දැයි ඉඩම් හිමිකරුවාට දැනගැනීමට ලැබෙන්නේ එවිටයි.

    අනතුරුව ඉහත සැලැස්ම රැගෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ ආයතනය වෙත රැගෙන ගොස් තමාගේ අනන්‍යතාවය පෙන්වා තම ඉඩම ලියාපදිංචි කරගත යුතුය. ඉඩම් ඔප්පුව ලබාගත යුත්තේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මඟිනි.

    මෙම ව්‍යාපෘතිය මඟින් තමාගේ ඉඩමේ සැලැස්ම අන්තර්ජාලය ඔස්සේ බලාගත හැකි අතර තවමත් එම පහසුකම තිබෙන්නේ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කයන් සඳහා පමණි. මෙතනින්

    ලංකාවේ මිනී මැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් වී මරණ දණ්ඩනය හිමිවූවන්ගෙන් 80%ක්ම වැරදිකරුවන් වී ඇත්තේ ඉඩම් ආරවුල් නිසාය. එබැවින් බිම් සවිය මඟින් ඉඩම් මැනීම ප්‍රයෝජනයනවත් දෙයක් වන නමුත් තමාගේ ඔප්පුව ලැබෙන තුරු මැනුම් කටයුතු කල දිනයේ පටන් ඒ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්ය.

    අනාගතයේ ඉඩම් පැවරීම

    බිම් සවිය යටතේ මනින ලද ඉඩම් අනාගතයේදී වෙනත් කෙනෙකුට පැවරීමේදී ඉඩමේ නියම වටිනාකමට මුද්දර ගාස්තු ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ.

    දැනට සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකම ලෙස ඉතාමත් අඩු මුදලක් සඳහන් කරඔප්පු ලියන්නේ මුද්දර ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු මුදල අඩුකරගැනීමටයි.

    නමුත් ඉඩමේ ඔප්පුව රජය මඟින් සාදා ඇති නිසා අනාගතයේදී ඉඩමක් විකිණීමේදී රජයේ තක්සේරුකරුවෙකු පැමිණ එහි වටිකානකම් තක්සේරු කරන අතර ඒ අනුව නියමාකාර වටිකාමට බදු රජයට ගෙවිය යුතුවේ.

    මෙතරම් මුදලක් වියදම් කර බිම් සවියෙන් ඉඩම් මනින්නේ මෙම බදු මුදල් ලබාගැනීම සඳහාය
     
    • Like
    Reactions: Kasun0

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    bim saviya idamak gatta. transfer wela aluth certificate eka mata hambuna dawasin. dennekta idam liyanne mokatada ban. passe mara gannawane ehema unama.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    bim sawiye thiyenne wadiya hoyanna deyak naha oppu clear seen eka.. jalthara adui