ධනපතියන්ගේ ලාභ සහ දූෂිත දේශපාලඥයින් රකිමින්, දුප්පතාගේ කොඳු කඩන නන්දලාල්ලාගේ මේ ජඩ ආර්ථික ක්‍රමයට මම එකඟ නැත!
...................................................................................
රාජපක්ෂලා ඇතුළු 1977 න් පසු පාලකයන් විනාශ කළ ආර්ථිකය හැදිය යුතුය. එකඟය.
ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම ක්‍රමය ලෙස අයවැය හිඟය සතේට බැලන්ස් කරන තුරු දුප්පත් මිනිහාගේ ඇට මිරිකීමම පමණක් දන්නා රනිල්ලා හා නන්දලාල්ලා සමඟ ලංකාවට යා හැකි සීමාව දැන් පැහැදිලිවම පනිමින් තිබේ.
පෙට්‍රල් 420 ය. ඩීසල් 400 ය. මේ තීරණයත් සමඟ ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වනු ඇත.
බදු ගෙවීම මිලියන ගණනින් පැහැර හැර තිබෙන, රටටම හෙළිදරව් වූ බදුවංචා සිදුකළ, ඩොලර් මිලියන ගණනින් රටින් පිටකරමින් සිටින, ලංකාවේ සුපිරි ව්‍යාපාරික පන්තිය ගැනද මහජනතාවගේ මුදල් ඩොලර් බිලියන ගණන් හොරකම් කළ රාජපක්ෂලා ඇතුළු දූෂිත දේශපාලඥයින් ගැන රනිල්ලාද, නන්දලාල්ලාද මීක් නැත!
ආර්ථිකයක් ගොඩනැඟීම ගැන ඔවුන් දන්නා එකම ක්‍රමය සමාජයේ පහළ මාලයේ ජනතාවගේ ජීවිත අන්තයටම සූරාකමින්, අයවැය බැලන්ස් කිරීමත්, ඔවුන්ගේ කෑම වේලත් කපාදමමින් ඩොලර් ඉතිරි කිරීමත් පමණකි.
එවැන්නක් කිරීමට නම් "මහා ආර්ථික ඔස්තාර්ලා" රටකට අවශ්‍ය වන්නේද නැත.
ධනපතියන්ගේ ලාභ සහ දූෂිත දේශපාලඥයින් රකිමින්, දුප්පතාගේ කොඳු කඩන නන්දලාල්ලාගේ මේ ජඩ ආර්ථික ක්‍රමයට මම එකඟ නැත!
