ලුමාලා වැසී යාමේ අවදානමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    1737952577478.png

    ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් ලුමාලා සේවකයෝ රජයට බලකරයි

    දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති. දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් මෙසේ වැසී යාමේ අවදානමකට මුහුණ පා තිබේ.

    ″සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිටත් කොටස් වශයෙන් සමාගමේ වැඩකටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව,ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක්වන ලුමාලාහි ක්‍රොමියම් ප්ලේට් නනිෂ්පාදනය නවතාලීමටත්
    වානේ රිම් නිෂ්පාදන ඒකකය සමාප්ත කිරීමටත්, සමාගම කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලෝ රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇත. ඊට මුහුණ දීමට ඉතාම කඩිනම් පියවර ගත යුතුයි. දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලුමාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයින් දැන් තමන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මුහුණපා සිටිනවා″, යනුවෙන් ලුමාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන මහතා පැවසුවේය.

    මෙම අර්බුදයට බලපෑ ප්‍රධාන අභියෝග කිහිපයක් ද ලුමාලා සේවකයෝ පෙන්වාදෙති. ඔවුන් පෙන්වා දෙන ආකාරයට නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයට ඊට එක් හේතුවකි. එමෙන්ම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස හුවාදක්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදුකරමින් විශාල ලෙස ලාභ ඉපැයීමටත්, ඉතාම අවම මිලගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත.

    එමෙන්ම ඉතාම අවම මිල ගණන් යටතේ මෙරටට පාපැදි ආනයනය කිරීමට අවස්ථාව තිබියදී දේශීය නිෂ්පාදන සඳහා සපයාගන්නා අමද්‍රව්‍ය වෙනුවෙන් ඉහළ බදු පනවා තිබේ. එහිදී නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර, දේශීය ව්‍යාපාරවල තරගකාරීබව ද පහළ යයි. මෙය ලුමාලා වැනි ආචාරධාර්මික ගුණ ආමන්ත්‍රණය කරන සමාගමක පැවැත්මට අභියෝගයක්වන අඅතරම, එය රජයට විශාල බදු ආදායමක් අහිමිවීමක් ද සිදුවේ.

    ලුමාලා සමාගම මුළුමනින්ම වසාදැමීමට පියවර ගතහොත් එහි බලපෑම හුදෙක් සේවකයින්ගේ ගැටලුවකට එහා ගිය අභියෝග රැසක් මතුකරයි. විශේෂයෙන්ම ලුමාලා සමාගම සමඟ නිරන්තර ගනුදෙනුකරන දේශීය සැපයුම්කරුවන්ට ද ගැටලු මතුකරනු නිසැක ය. ඊට අමතරව, ලුමාලා සමාගමේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය ලබාගන්නා යතුරුපැදි සහ මොටර්රථ වැනි වෙනත් නිෂ්පාදන සමාගම්වලට ද අමුද්‍රව්‍ය සපයාගැනීමේ දුෂ්කරතාවක් මතුකරනු ඇත. කර්මාන්ත අමාත්‍යංශය විසින් තහවුරු කරන ලද ආකාරයට සියයට 50 සියයට 70 දක්වා සමාගමේ දේශීය අගය එකතුකිරීම් වර්ධනය වී තිබුණ ද, තම ගැටලුවලට නිසි විසඳුම් ලැබී නොමැතිබව සේවක මතය වී තිබේ.

    මේ සියල්ල සැළකිල්ලට ගනිමින් සාධාරණ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අසාධාරණ වෙළෙඳපොළ භාවිතාවන් වළක්වා දෙන ලෙස ලුමාලා සේවකයෝ රජයට බලකර සිටිති. එමෙන්ම ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය මුහුණ දෙන පද්ධතිමය ගැටලු විසඳීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එකට එක්ව සාමූහික පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ද ඔවුහු මතුකරති. ලුමාලා සමාගමට අවශ්‍ය වන්නේ විශේෂ වරප්‍රාසාදයක් නොව සියලු නිෂ්පාදකයින්ට සමානව තරගකළ හැකි වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීම බව සේවකයින් අවධාරණය කරයි.

    රාජ්‍ය නිලධාරීහු මීට පෙර දේශීය කර්මාන්ත රැකගැනීම වෙනුවෙන් කැපවන බවට ප්‍රකාශකර ඇති පසුබිමක රජයේ මැදිහත්වීම තුළින් තම රැකියා ආරක්ෂා කරගැනීමට මෙන්ම කර්මාන්තය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇතිබව සේවයෝ විශ්වාසය පළකරති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,210
    1
    101,034
    113
    34
    Kalutara
    පානදුර බයිසිකල් ෆැක්ටරි කීයක් තියේද? ඒශියන් බයික්ස් එකත් පානදුරේනේ.. 🙄
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ඔය පඩංගු වහලදාන එකමයි හොඳ, දැන් මේ සයිකලිස්ට් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ල පාරක යන්න නෑ හවසක සේෆ්ටි ජියර් ඔක්කොම දාගෙන පාර මැද යන්නෙ ස්කූටි ඇන්ටිලාගෙ පඩ වර්ශන් එක, හැපුනොත් වාහනේ එකා වැරදි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,470
    113
    ප*යාගල
    sorry.com
    ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ
    මොකද්ද අසාධාරන වෙලදපල කියන්නෙ.?මුන්ට වැඩිය අඩුවට කොහෙවත් බයිසිකල් ගන්න නෑනෙ. දැන් මිනිස්සු බයික් එකක් ගන්නවට වඩා කාල බීල ඉන්න පොරකන්නෙ. රු 40000 දීල බයික් එකක් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්න එක. මම බයික් එක ගත්තෙ 12500 යි දැන් එකම තියෙනව 45000 ට
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    මෝඩ ජෙප්පන් ගේ අපනයන ආර්ථිකය🤣🤣🤣

    තව ලයිට් බිල් රජයෙසේවකයන් ගේ පඩි වැඩි කරන්න කියමු😁
    rata giyanam puka nodi wadak balaganin. five years walin passe waren siyawa gemu
     
    • Haha
    Reactions: lilman and 2osama

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව
    මොකද්ද අසාධාරන වෙලදපල කියන්නෙ.?මුන්ට වැඩිය අඩුවට කොහෙවත් බයිසිකල් ගන්න නෑනෙ. දැන් මිනිස්සු බයික් එකක් ගන්නවට වඩා කාල බීල ඉන්න පොරකන්නෙ. රු 40000 දීල බයික් එකක් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්න එක. මම බයික් එක ගත්තෙ 12500 යි දැන් එකම තියෙනව 45000 ට
    ow, eka thama case eka...

    bicycle patta gananne ban dan...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කොහොමත් ලංකාවේ වැඩක් කරන්න හදන නිෂ්පාදකයාගේ බෙල්ල පාගලා බදු ගහලා නැත්තටම නැති කරන එක තමයි එදා කාලේ ඉඳන් හැම රජයකම ප්‍රතිපත්තිය
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,470
    113
    ප*යාගල
    sorry.com
    bicycle patta gananne ban dan...
    මම ලුමාල Prince Sport කියන එක ගත්තෙ 12500 යි හැබයි මීට අවුරුදු ගානකට කලින්.හැබැයි දැන් එක 50000 වෙනව.
    මුනුත් අර රැල්ලට E bike ගැහුවනෙ,, සුවර් එකට රැල්ලට කරලා ROI නෑ වගෙ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රජයට බිස්නස් කරන්න බැරි හින්දා රජයේ SOE ටික පාඩුයි... Private ඒවට රජය අත දුන්නේ නැත්නම් ඒවත් පාඩුයි... මේක යකු පුදුම ආර්ථිකයක්...