Wellawatte greentel company ekenma oya phone ekatama batteryak aran thiyanawa dala paya keepen restart wenawa.
oka return karanna yanna petrol ganath battery ekata wada wadi nisa nikan hitiya.
අනේ මන්දා එහෙනම් එක්කො මගෙ වාසනාව, නැත්තම් උඹලගෙ කරුමෙ තමයි. මොනවා වුණත් මේ thread එක වැටුණ එක හොඳයි. මමම greentel එක කීප දෙනෙක්ට recommend කරල තියෙනවා මේ කතාව කියලා, phone එක (විශේෂයෙන්ම සිම් 4 සහ torch එක) දැකල අහන උන්ට වැඩිපුරම. දන්න කවුරුත් අැහුවට අරන් නම් නැහැ.
ඉතින් මම මගෙ first and only experience එකෙන් එ්ක පට්ට කියල හිතාගෙන ඉන්නවා. උඹලට first experience එකෙන් එ්කෙ අනිත් පැත්ත කියල හිතිල අැති. Search කරල බැලුවාමත් දෙපැත්තටම කියපු කතා තියෙනවා තමයි.
ඉතින් කොහොම හරි එහෙම වෙනවා කියන්නෙ quality control නම් චොර අැති තමයි. සමහර devices හොඳට වැඩ, අනිත්වාගෙ අවුල් අැති. උඹ කියල තියෙන විදිහට battery ඉක්මනට බහිනවා නම් එක්කො battery එක චොර, නැත්තම් board එකේ ලාවට short circuit එකක් අැති. එතකොට එ්ක රත් වෙලා බැහැල යනවා. සමහර පරණ Phone වලත් ඔය කේස් එක තියෙනවනෙ.
හොඳම දේ වෙලාව සහ හැකියාව තියෙනවා නම් මොකක් හරි ක්රමයකට battery capacity එක check කරගන්න. 1W වගේ LED එකක් Connect කරල තියල පත්තු වෙන වෙලාව බලන්න වුණත් පුළුවන්නෙ. Capacity එක කියන ගාණෙන් 80% එහා තියෙනවා කියන්නෙ බැටරිය අවුලක් නෑ, phone එකේ short එක තියෙන්නෙ. Original බැටරියම capacity නැහැ චොර නම් කොහොමත් එකයි ඉතින්.
චීනෙන් තමයි manufacturing කරන්නෙ. මෙහෙන් design කරනවා කියල කියන්නෙ හැබැයි. එ්කත් ගොඩක් වෙලාවට template එක, base model එක අරන් basic මොනවා හරි ටිකක් වෙනස් කරනවා වෙන්න අැති. Shopify එකෙන් web store හදනවා ටයිප් අාතල් එකක් අැත්තෙ.