කීල්ස් ෆූඩ් සිටි වලින් ගත්ත ලුණු කුඩු වල තොග ගණන් වැලි එක පැකට් එකක් දියකලොත් හැන්දක් විතර වැලි, වැලි බඩට යන එක ok ද ? උඹලට වැලි experience වෙලා නැද්ද?
ඉස්සර නං ලුණු වල වැලි තිබුණ සෑහෙන්න.
පස්සේ ටිකක් ලොකු කොම්පැනි ලුණු පැකට් කරලා විකුණන්න ගත්තයින් පස්සේ හොඳ පිරිසුදුවට ලුණු තිබුණා.
දැන් නම් මේ ටිකේ ආයෙ අර ලුණු හිඟයක් එක්ක දැන් එන ලුණුවල ටිකක් මඩ ගතිය නම් තියෙනවා.
ලුණු කැට නම් කොහොමත් වතුරට දාලා දිය කරලනේ අපි ගන්නේ.
ඉතින් එතකොට ඒ භාජනේ අඩියේ ලුණු වල තියෙන මඩ ටික තැන්පත් වෙලා තියෙනවා.
ලුණු කුඩුවල නං මට එහෙම මඩ ගතියක් අහුවුණේ නෑ.
නැත්තං ඉස්සරම නං අපි ලුණු පාවිච්චි කරද්දි ටිකක් හෝදලා වගේ ගන්නේ.
ඒත් ඉතින් එතකොට අයිඩින් ටික යනව ඇති අහකට.