එළකිරි භූත කොටුව.........

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    රොබොට් අයියා කියන ඩයල් එක මරු මළගෙවල් වල පාළු කපන්න :lol:
     
    • Love
    Reactions: sahan50

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    |වලාහක|

    බිත්තිය මත වූ කැලැන්ඩරයේ වර්ෂය 2026 ලෙසත් මාසය අගෝ්ස්තු ලෙසත් සටහන්ව තිබුණි.මධූ තම කාමරයේ මේසය මත දිගහැරගෙන සිටින ලැප්ටොප් පරිගණකයේ ලිපියක් සටහන් කරමින් සිටියේය.හදිසියේ පැමිණි දුරකථන ඇමතුමකින් රචනා භාවනාවෙන් මිඳුනු ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.

    " මධූ මං ගාව නිව්ස් එකක් තියෙනවා" දුරකථනයේ අනෙක් පසින් ඇසින.

    "මේ පාර මොකද්ද ? " ඒ මධූය.

    "ඔයා එන්නකෝ අපේ පොට් එකට "

    " හරි හරි හයහමාරට එන්නම් " යැයි පවසමින් මධූ දුරකථනය විසන්ධි කළේය.

    මධූ වනාහි තරුණ ලේඛකයෙකි, ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.මේ ඔහුව සම්බන්ධ කරගත්තේ මධූගේ් විශ්වාසවන්ත තොරතුරු සපයන්නෙකි.

    මධූ ලැප්ටොප් පරිගණකයෙන් මදකට දෑස් ඉවතට ගෙන මොහොතක් කල්පනා බරිත විය.පුටුවෙන් නැගිට කාමරයේ ජනෙල් පඩිය අසලට ගියේය.

    කාමරය පුරා ඇත්තේ පොත්පත්ය.රාක්ක කීපයක්ම පොතින් වැසී ඇති අතර ඉඩ තිබෙන තිබෙන තැන් වල සම්මාන,රාමු කරන ලද ඡායාරූපත් බිත්තියේ විවිධ සැරසිලි,අවි ආයුධ,වෙස් මුහුණු හා නොයෙක් අංග වෙයි.කාමරයේ ⁣වම් පස කොනේ ජනෙල් කවුලුවක් වන අතර එතැන හරිතවත් පැළ කිහිපයක් පෝච්චි වල දළු දමමින් ඇත.නමුත් ජනේලයෙන් පිටත පරිසරය අතිශයින්ම කටුකය.ගස් හේ ගොස්ය.මධූ සමරනායක ලෙස සටහන්වූ සමරු ඵලකයක් හා ඔහුගේම රුව රැගත් ඵලකයක් ජනෙල් පඩිය මත ඇත.

    ජනේලය ළඟ තිබුණු කුඩා මල් බාල්දියෙන් ජලය හරිතවත් පැළ කිහිපයට වක්කරන ගමන් මධූ කල්පනා කරන්නට විය.

    දැනට මාස කිහිපයක සිට මුළු පළාතම නියඟයකට හසුව ඇත.සම්පූර්ණ ජල චක්‍රයම නතර වී ගොස් ඇති සෙයකි. මාධ්‍යවේදියෙකු ලෙස මධූ මෙයට විසඳුම් සෙවීමට බොහෝ කල් සිට වෙහෙස මහන්සි වූ අතර කිසිම ප්‍රතිඵලයක් නැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනූව කිසිදු ගැටලුවක් නැති අතර එකම ප්‍රශ්නය මධ්‍යම කඳුකරයේ සිට බස්නාහිර පළාතට ජල වාෂ්ප සංක්‍රමණය නොවීමත් වාළාකුළු තිබුණත් වර්ෂාව නොලැබීමත්ය. විදෙස් රට වලින් පර්යේෂණ සිදු කලත් කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි විය. නූතනයේ විද්‍යාත්මක යැයි සම්මත කිසිදු ආකාරයකින් මේ සන්සිද්ධිය පිළිබඳ තර්කානුකූල පැහැදිලි කිරීමක් ලබා නොදීම සියලු දෙනාගේම සිතට ප්‍රශ්නාර්ථයක් යොමු කළේය.

    සවස පහයි තිහ වන විට මධු තමාගේ සයිඩ් බෑගයද උරහිස හරහා දමා තම මෝටර් රථයට ගොඩවූයේ පිට්සා කැෆේ නම් තමාගේ සුපුරුදු අවන්හලට ලෑමේ අටියෙනි.නිලන්ත සවස හය වන විට පැමිණෙන නිසාත් අලුත් තොරතුරක් දැන ගැනීමේ අවශ්‍යතාවය නිසාත් කාලෙකින් පිටින් ආහාරයක් නොගත් නිසාත් මධූ තරමක් වේලාසනම පිටත් විය.

    වාහනය යන අතරමගදී මධූගේ සිත තවත් සැලෙන්නට විය.අවට සියල්ල කහ පැහැවී ඇත.කොළඹ ප්‍රධාන නගරයෙන් කිලෝමීටර් විස්සක් පමණ දුර සිටියත් මධු කොළඹ ගැන සිතන්නට විය.කොළඹට ජලය සපයන ලබුගම ජලාශයේ ජල මට්ටම තවත් දින අටකට පමණක් ප්‍රමාණවත් බව ජංගම දුරකථනයේ ඇති ජල මාපක ඇප් එක මගින් පෙන්වයි.මේ වන විට කොළඹ නගරය පාලු වී ගොසින්ය.ප්‍රධාන අවන්හල් හැරුනු කොට කුඩා කඩ සාප්පු වැසී ගොස්ය.ජල අර්බුධය උග්‍ර වූ විට මිනිසුන්ට පරිසරයේ අගය වැටහී ගොස්ය.සෑම තැනම රුක් රෝපණ වැඩ සටහන්ය.වැසි පිරිත්ය,සියටැල්ගේ වදන්ය.මේ සියල්ල අතර මති මතාන්තර ගැටුම්ය.ඒ අතර තුර රේඩියොවේ ප්‍රවෘත්ති ප්‍රකාශයය,

    ' මේක මහ විනාසයක් වැස්ස වලාහක දෙවිවරු යන්න ගහිං....' මධු රේඩියෝව නතර කළේය.ඔහුගේ ගමනාන්තයට පැමිණ ඇත.

    මධු⁣ අවන්හල ඉදිරිපිට වාහනය නතර කර අවන්හල තුලට පිවිසයේ සුපුරුදු ලෙස ජනාකීර්ණත්වයක් බලාපොරොත්තු වෙමිනි.එහෙත් අවන්හල ජන ශූන්‍යයය.අවන්හලේ කොනේ වීදුරුව අසල නිලන්ත වූයේ විශාල පීසා එකක් බුදිමිනි.මධු දුටු විගස ඔහු

    "වරෙං"යැයි කෑ ගෑවේය.

    නිහඬව වාඩි වූ මධු කෙලින්ම මාතෘකාවට අවතීර්ණ විය.

    "හරි නිලා මට කියපං දැං මොකද්ද නිව්ස් එක."

    මධු දෙස බැලූ නිලන්ත ඔහුගේ තත්වය අවබෝධ කරගත්තා සේ කතාව ඇරඹීය.මුල් වචන කිහිපය නිලන්තටවත් තේරුනාද යන්න සැක සහිතය.එතරම් විශාල පීසා කැබැල්ලක් ඔහුගේ මුවෙහිය.

    ".....⁣ආරංචියක් ආවා මේ පායන එකට හේතුව මොකද්ද කියලා "

    මධු තවත් හරි බරි ගැහී අසන්නට සූදානම් විය.සිසිල් බීම ඇනවුමක්ද වේටර්වරයාට දී කතාව ඇසීමට මධු හරි බරි ගැසින.

    " මට කියපු කෙනා මම අන්තිමටම කියන්නං.මට කියපු විදිහටම මම කතාව කියන්නං අන්තිමට ප්‍රශ්න අහන්න.

    අපි මේ ලෝකෙ භෞතික සංසිද්ධීන් වල දන්නෙ විස්තර බොහොම ටිකයි.අපි හිතනවා ගොඩක් අපි දන්නවා ඒ වගේ අපිට ඒවට බලපෑම් කරන්න පුළුවන් කියල.හැබැයි මම කියනව ඒක එහෙම නෙමෙයි කියල.ද්වාභාවිකවම ඒවට වෙනත් ශක්ති විශේෂ තියෙනවා.මම හොයාගත්ත එහෙම ශක්තියක්.ඒ ශක්තිය මම දැක්කා අපේ ජල චක්‍රය තුළ තියෙනවා.ඒ වගේම සුළඟ තුළ ඒ වගේම ඊට සමාන ඒ spectrum එකේම තියෙන වෙනස් වෙනස් ශක්තීන් පවා මම අදුර ගත්තා විශේෂත්වය තමා ඒ ඒ ශක්තීන්ට ස්වයංව හැසිරෙන්න පුළුවන් එක.මම දන්නවා විද්‍යාවේ මනුස්සයෙක් විදිහට කාටවත් මේක විශ්වාස කරන්න බැරි විත්තිය.මම මේක ඔප්පු කලා කොහොම හරි ඒ විතරක් නෙමෙයි මේකෙන් මට විශාල සල්ලියකුත් හොයන්න පුළුවන්.ඔබතුමාට ඕනනං ඔය කියන මිත්‍රයත් එක්ක බලන්න එන්න.මමත් කැමතියි මේ වෙලාවෙ හොඳ මාධ්‍ය ප්‍රචාරණයකුත් ලැබෙනවනම්" නිලන්ත තව පීසා කෑල්ලක් සපන්නට විය.

    " දැං උඹ කියන්නේ නිලා මේ මිනිහද මේ පායන එකට හේතුව " මධූගේ උද්වේගකර හඬ විමසයි.

    " මිනිහ කියන විදිහට එහෙමයි.ඒකා පර්යේෂණ පත්‍රිකාවකුත් ලියලලු තියෙන්නෙ ඕන වෙලාවක එන්න කියල ඇඩ්‍රස් එකත් දුන්නා " ඒ නිලන්තය.

    " මොන එහෙකටද එහෙනං බලං ඉන්නෙ දැංම යමං " මධූ නැගිට සිටියේ උද්වේගයෙන් වුවත් තවමත් දෙගිඩියාවක් සිතේ පවතින බැව් දන්නේ ඔහුම පමණි.

    --------------------------------------------------------------------------

    පාලු රබර් වත්තක් හරහා ගිය මධූගේ වාහනය නිලන්තට දුන් මග සලකුණු අනූව ගොස් නතර වූයේ පැරණි රබර් කර්මාන්තශාලවක් ඉදිරිපිටය.වාහනයෙන් බැස නිලන්ත දුරකථන ඇමතුමක් ගත්තේය.මද වේලාවකින් තහඩු වලින් නිම කර තිබූ ගබඩවාක පැත්තකින් දොරක් විවර විය.

    " මහත්තුරු මෙහෙන් එන්න" දොර දෙසින් හඬ නිකුත් විය.

    දොරෙන් ඇතුළු වූ මධු හා නිලන්ත ඉදිරිපිට වූයේ මුඩු හිසේ තැනින් තැන කෙස් තිබෙන කෙසඟ සිරුරක් ඇති මැදි වියේ පුද්ගලයෙකි.ඔහු තමන්ව ජගත් ලෙස හදුන්වා දුන්නේය.

    මධූ මහත්තය එන්න මේ පැත්තෙන් කියා ඔහු පඩි පෙලක් නැග උඩු මහලකට ඇතුල් විය.එය සම්පූර්ණ පර්යේෂණාගාරයකි.එක් වරම ඇස් ඇද ගන්නා අඩි දාහතරක් පමණ උස වීදුරු ටැංකියක් පර්යේෂණාගාරය මැද්දේම ඇති අතර එයවටා ලෝහ දැලක් වයර් , තනි අතකින් මිට මොලවා ඇල්ලිය නොහැකි තරම් වයර් එයට සම්බන්ධව තිබූ අතර එය වටේම තැනින් තැන ස්විච් සහ තිර සහිත පැනල සම්බන්ධ කර ඇත. ඊට එහායින් පරිගණක තිර කිහිපයක්ම ඊට එහායින් සම්බන්ධ කර ඇති අතර එතන පාලක ස්ථානයක් යැයි සිතිය හැක.මැද තිබෙන විශාල සිලින්ඩරාකාර ටැංකිය තුලින් නිල්,කහ,කොළ වැනි ආලෝක දහරා නිකුත් වන අතර ඒය මේ සම්පූර්ණ යාන්ත්‍රනයේ බල සැපයුම යැයි සිතිය හැක.

    මධු හඬ අවධි කළේය.

    " මහත්තයා නිලන්ත මට විස්තර ටිකක් කිව්වා,හැබැයි මම කැමතියි මහත්තයගෙම වචන වලින් මේ ගැන අහගන්න"

    " හයියෝ හයියෝ මිස්ටර් මධූ , මම සරලවම කියනවනම් දැං ඉදලා මම තමයි කාලගු⁣ණේ පාලනය කරන්නේ " ඔහු වියරු සිනහවක් පාමින් පැවසුවේය.

    මධූ සහ නිලන්ත තුෂ්ණිම්භූත විය.

    " එන්න එන්න ඔය මහත්තුරුන්ට මම විස්තර කරල කියන්න, මම එක්තරා විදිහක් හොයාගත්ත පියවි ඇසට පේන්නෙනැති දේවල් බලන ක්‍රමයක් මම ඒක කියන්න යන්නේ නැ ඇත්තෙන්ම ඔය මහත්තුරුන්ට. මම හොයාග්තත මගෙ පර්යේෂණ දිගටම කරගෙන යනකොට මේ ශක්තීන් වලට නිදහසේ හැසිරෙන්න වගේම ස්වාභාවික ක්‍රියාවලියට බලපෑම් කරන්න පුළුවන් කියලා.ඉතිං මම හැදුවා මේ පර්යේෂණාගාරය ඒව පාලනය කරන්න. ඉතිං මිස්ටර් මධූ මේ තියෙන්නෙ ප්‍රධාන බල සැපයුම මේ තමයි අර නිදහසේ හැසිරෙන ශක්ති විශේෂය." ඔහු විශාල සිලින්ඩරය දෙසට අත දික් කරමින් පැවසීය.

    " මේ ශක්තීන්ට සමහරු කියනවා දෙවිවරුලු සමහරු කියනව විශ්ව ශක්තියලු මම කියනව මේවට ජේ එනර්ජි කියලා.මොකද ජේ කියන්නේ ජගත් " ඔහු ඇසක් ඉඟි මරමින් පැවසීය.

    ඔහු පරිගණක තිර ඇති පාලක මැදිරිය දෙසට හැරෙන විටම නිලන්ත විසින් අසල තිබූ යකඩ බටයකින් ඔහුගේ හිසට පහරක් එල්ල කළේය.එකෙනෙහිම ජගත් නම් මේ අසිරිමත් නිර්මාණයේ හිමිකරු සිහිවිසඥ්ඥව බිම වැටුනේය.

    " මධු මූ ඇවිල්ලා අමු ආත්මාර්ථකාමියෙක්.මිනිස්සු අරහෙ වතුර පොදක් නැතුව ඉන්නව මූ ජේ එනර්ජි මගුලක් කියනව."

    " ඇත්ත නිලා.මේ එනර්ජි ටික නිදහස් කරන්න විදිහක් බලමු.මම මේ මේක ඒක කියයි කියල බලාගෙන හිටියෙ. කමන්නැ උඹ කරපු දේ හරි " මධූ පැවසුවේය.

    සිලින්ඩරය ළඟට ගොස් මධූ මද වේලාවක් ඒ දෙසා බලාගෙන සිටියේය.ඔහුට ආලෝක දහරාවන්ගෙන් මනුෂ්‍ය ස්වරූපයක් පෙනෙන්නට විය.තවත් වෙලාවක් ගත වන විට ස්වරූප කිහිපයක් ලෙස දිස් විය.

    ඒ අතර තුර නිලන්ත පරිගණක පුරා මෙය නැවත සකස් කිරීමට දත්ත සොයන්නේය.

    සිලින්ඩරය තුළ වූ තද නිල් පැහැති ආලෝකයෙන් අතක් වැනි ශක්ති කදම්භයක් අසල ඇති රතු පැහැති බොත්තමකට දිශාව දක්වන්නට විය. ඒ අසලට ගිය අතිශයින්ම වික්ෂිප්ත වී ඇති මධූ බොත්තම එබුවේය.

    සැනෙකින් සිලින්ඩරයේ වූ සුදු පැහැති දිස්නය අතුරුදන් විය. දැන් වෙන වෙනම නිල් කහ සහකොළ එළි තුනක් දිස්වන අතර සිලින්ඩරය තුලින් එක් වරම ජල හා සුළං පහරක් සමග විදුලි කෙටීමකින් සිලින්ඩරය පුපුරා ගියේය.නිලන්ත විසිවී ගොස් වැටින.මධුද බිම වැටී සිටි තැනින් නැගිටිනවාත් සමගම ශක්තීන් තුන පාවෙමින් ඔවුන් ඉදිරියට පැමිණියහ.

    ආලෝක ප්‍රභාව අඩු වෙමින් තරමක මනුෂ්‍ය ස්වරූපයට ඔවුන් පත් විය. ඔවුන්ගේ දෑස් දියරමය රත්තරන් වල ස්වභාවයෙන් යුක්ත විය.නායකයායැයි සිතිය හැකි රුව තද නිලෙන් ⁣දිලෙන අතර මධූට හා නිලන්තට විශ්ණු දෙවියන් සිහිවිය. එලෙසටම ඔහු ගොත ගසමින් "විශ්ණු" යැයි මිමිණීය.

    ඉතාමත් ප්‍රභල ගැඹුරු ළඟ ළඟ දෝංකාර දෙන හඬකින් එම රුව " සිටියානම් අගෙයි " යනුවෙන පැවසීය. ඒත් සමගම දෑත් එක්කොට ආයුබෝවන් කියන්නා සේ මිනිසුන් දෙසට හැරී අහස් කුස දෙසට ඇදී ගියේ අතිශය වේගයකිනි.ඒ ක්ෂනිකව අහස පුරා විශාල වෙනස්වීම් සිදුවන්නට විය.

    මධු හා නිලන්ත හැකි ඉක්මනින් එළියට ගියේ සිදුවන්නේ කුමක්ද යන්න හරිහැටි බලාගනීමටයි.එක් වරම දසතම සුළං හමා යන්නට විය.ඉහළ අහසේ වළාකුළු එක් රැස් වීමට පටන් ගත්තේය. රන් වන් පාටින් විදුලි කොටන්නට විය. මධූ හා නිලන්ත තුළ වූයේ අතිශය උත්කෘෂ්ඨවත් හැඟීම් සමුදායකි.ඒත් සමගම ප්‍රශ්නාර්ථද ගණනාවක් සිත තුළ පැන නගින්නේ අද්භූත ජීවීන් පිළිබඳවය.

    මධූ මොටර් රථය පදවන විටද නිහඬව කල්පනාවේ යෙදෙන්නට විය.මේ ජීවීන් කවුරුන් විය හැකිද ? අන්තර්මාන ජීවීන්? ඇයි මම එවලේ විශ්ණු කිව්වේ ? මම විද්‍යාවේ මිනිහෙක් නෙමෙයිද? ඒත් විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් ලබා දිය හැකිද ? මෙලෙස ප්‍රශ්න ගණනාවක් අතර සිටින මධූ නිලන්ත දෙසට හැරුණි.නිලා උඹට මේ ගැන හිතන්නෙ මොකද?

    " ඇත්තටම මේ මධු ...." නිලන්ත පිළිතුරු දෙන්න සූදානම් වනාවත් සමඟම විදුලියක් කෙටූ අතර එක් වරම තද වර්ෂාවක් ආරම්භ විය.වාහනයේ රේඩියෝව ක්‍රියාත්මක වී දැනට සිව් මසක පමණ සිට පැය 24 පුරාම විකාශයවන කොළඹ නගර මධ්‍යයේ සිට සජ්ජායනා කරනු ලබන වැහි පිරිත් දේශනය විකාශනය වන්නට විය.

    " සුභූතෝච මහා ථේරෝ
    මහා කායෝ මහෝදරෝ
    නීල වණ්ණෝ මහා තේජෝ
    පවස්සන්තු වලාහකා

    අභිත්තනය පජ්ජුන්න
    නිතිං කාකස්ස නාසය
    කාකං සෝකාය රන්දේහී
    මංච සෝකා පමෝචය

    ඒතේන සච්ච වජ්ජේන
    සම්මා දේවෝ පවස්සතු!"

    -අරුණළු බුලත්සිංහල-
    Arunalu Bulathsinhala

    [ ලයික් එකක් දාගෙන යන්න, අඩුපාඩු අදහස් පහලින් කමෙන්ට් කරන්න❤️ හොඳයි කියල හිතෙනවනම් යාළුවන්ටත් ෂෙයා කරන්න❤️ ]
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අමුත්තිය ...........🌹🕯️ ( කෙටි කතාව ) PART 1

    ට්‍රීන්..... ට්‍රීන්.... ට්‍රීන්.....

    එ... එලාමයේ හඩයි... තවමත් නින්දේ සිටි ඔහු එලාමයේ මූසල හඩින්.... අවදිවිය ....
    " ශිට්.... මේ මගුල නිදියන්ඩවත් දෙන්නෑනෙ.. " ඔහු නිදිමරගාතෙන්ම වැරෙන් පහරක් එලාම් ඔරලෝසුව වෙත එල්ල කලේය ... එලාමයට මෙය හුරු පුරුදු දෙයකි.
    තවත් මිනිත්තු 10 පමණ ගෙවුන පසු ඔහු අවදි විය .
    " ඕ ශිට් ....හොදටම පරක්කු උනා .." යයි කියමින් ඔහු කුස්සියට දිව ගියේ... තේ ලෑස්ති කිරීමටය. තේ සාදාගත් ඔහු නැවත පැමිණියේ තේ කෝප්ප දෙකක් අතැතිවය..

    දෙකක් ?.....ඔව් දෙකක්... එකක් ඔහුටය අනෙක ඔහුගේ බිරිඳටය. ඇය තවමත් අවදිවී සිටියේ නැත ...

    " බබා... බබා... නැගිටින්න .... නැගිටින්න මෙන්න මම තේ හැදුව... නිවෙයි බොන්න. මම ලෑස්ති වෙලා එන්නම් "
    ඔහු උදේ පාන්දරම ස්නානය කරන්නෙකි.... ස්නානය කොට පැමිණි ඔහු ඉක්මනින් කඩි මුඩියේ උදේ ආහාර සකසන්නට විය . කුස්සියේ එල්ලා තිබූ කැලැන්ඩරය වෙත ඔහුගේ දෑස යොමුවූයේ එම මොහොතේය ....
    " ශිට් .... අද සෙනසුරාදා නේද ... අමතක උනානෙ.... අපරාදෙ ලෑස්ති උනේ..."
    ඔහු නැවතත් කාමරයට ගියේ ඇදුමක් මාරු කර ගැනීමටය . ඒවන විට ඔහුගේ බිරිද තේ පානය අවසන් කර තිබුනාය ...
    " දන්නවද පැටියෝ මට අද දවස අමතක උනානේ.... අද සෙනසුරාදා නේ... " ඇය නිහඩය. සැබවින්ම ඇය සෑම විටම නිහඩය.
    " ඉතින් පැටියෝ අපිට අද හොදට එන්ජෝයි කරන්න පුලුවන් නේද " ඔහු ඇයගේ කොපුල මෘදුව සිපගත්තේය
    නැවතත් කුස්සියට ගිය ඔහු දුම්වැටියක් දල්වාගත්තේ සීතල දුරු කරගැනීමටය.
    උදෑසන 8.00 වන විට ඔහු ඇයත් සමග උදෑසන ආහාරය ගනිමින් සිටියේය .
    " සැන්ඩ්ව්ච් රසද ......... " ඇය නිහඩය .
    " හ්ම්.... ඔයා මුකුත් කිව්වෙ නැති උනාට ඔයාගෙ හිනාවෙන් මට ඒක පේනවා .... "
    " ඔයා දන්නවද පැටියෝ .... මට ලගදි ප්‍රමෝශන් එකක් හම්බ වෙනව . ලොක්කගෙන් පස්සෙ මට තමා ඒ සීට් එක ......."
    මෙසේ ආරම්භ වන කතාව අවසන් වන වෙලාව දන්නේ ඔවුන් දෙදෙනා පමණි. කෙසේ නමුත් ආරම්ය හා අවසාන කිරීම ඔහු සතු කාර්යයකි . නිහඩව සෑම දෙයක්ම අසා සිටින ඇය ඔහු කුමන දෙයක් පැවසුවත් සිනහවකින් සන්ග්‍රහ කිරීමට අමතක නොකලාය .....
    " ඉතින් පැටියො අපි මොකද කරන්නෙ... ම්ම්.... අපි ෆිල්ම් එකක් බලමු..... ඉන්න මන් හොද එකක් තෝරන්නම් ....

    ඈ... චිත්‍රපටය වෙතට යොමාගත් නෙතින් යුතුවය... ඔහු චිත්‍රපට පිළිබඳව මෙන්ම ප්‍රේමය පිළිබදවද අපූරු අදහස් ඉදිරි පත්කරමින් බ්‍රැන්ඩි වීදුරුවක් හිස්කරමින් සිටී.... ඔහුගෙ අදහස් අනුමත කරන ඇය සෑම විටම උණුසුම් සිනාවකින් ඔහු හට සන්ග්‍රහ කලාය ...
    සැබවින්ම ඔහු ස්වාධීන අදහස් සහිත නිදහස් මිනිසකු විය ... නමුත් බොහෝදෙනා සැලකුවේ ඔහු ඔහු රැඩිකල් වාදියකු ලෙසය ... ඔහු කිසිම ආගමක් ඇදහීමක් සිදු නොකල අතර. මනුෂ්‍යත්වය මනුස්සකම ඉහලින් සැලකූ පුද්ගලයෙකු වූ අතර. සෑම දෙනා සමගම හොදින් ජීවත් විය . ඔහුගෙන් කිසිවකුට හිරි හැරයක් වී නැත. නිතරම පොත් කියවන ඔහු රුසියන් විප්ලවය මෙන්ම සමාජ වාදීන් ... රැඩිකල් වාදීන් පිළිබඳ පොත් පත් කියවූ අතර එවන් මිනිසුන් ආශ්‍රය කලේය ...
    විසිත්ත කාමරයේ සුන්දර සිනාවකින් මුව සරසාගත් තරුවක් ගැසූ හිස්වැස්මක් පැළදි පුද්ගලයෙකුගේ පින්තූරයක් එල්ලා තිබුනි.... ඔහු සෑම විටම අගය කල පින්තූරයක් විය ... තවද නග්න ළදුන්ගේ සිතුවම් කිහිපයක් ද විය ... සාලය පුරාම සුරුට්ටු දුම පැතිර ඇත ...... බ්‍රැන්ඩි වීදුරුවක් තොලගාමින් ඔහු මෙසේ පවසයි .
    " දන්නවද පැටියෝ ... මේ තමයි මම ආසම මනුස්සය ... මේ වගේ මනුෂ්‍යත්වය පිරිච්ච මනුස්සයෙක් දැකලම නෑ... බලන්න ඒ හිනාවෙ අව්‍යාජ ගතිය....
    ........ අපරාදෙ දුශ්ට බොලීවියන් කාරයො මරල දැම්ම......මරණය ලැබෙන්න මොකක්ද වැරැද්ද ......... හහ් අසරණයින් වෙනුවෙන් පෙනී සිටීමයි.... "

    ඔහු කෙතරම් කතා කලද ඇය සාවදානව අසා සිටී... ඇයගේ සතුටට පත් දෑස් කියාසිටියේ ඔහුගේ වාග් විලාශයන්ට ඇයගේ ඇති ප්‍රියතාවයයි...

    අනතුරුව තම ගිටාරය ගන්නා ඔහු මිහිරි තනුවක් වාදනය කරමින් ගයයි... ගිටාරයේ තාලයට අනුව අපූරු රන්ගනයක්ද ඔහු ඉදිරිපත් කරයි .... මේ සෑම දෙයක්ම ඔහු සිදුකලේ තම ආදරණීය බිරිඳ වෙනුවෙනි. කාර්යබහුල රාජකාරි අවසානයේ.... තම බිරිඳහා සිටීමට අවස්තාව ලැබෙනුයේ සතිඅන්තයේදීය.

    ...................................................................
    පසු දින උදෙන්ම අවදි වූ ඔහු ආහාර සූදානම් කොට රැකියාවට යාම සදහා සූදානම් විය ....
    " පැටියෝ මම ගිහින් එන්නම් .... පරිස්සමට ඉන්න " කියා ඇගේ කොපුල් මත උණුසුම් හාද්දක් තැබුවේය .... සුපුරුදු ප්‍රේමණීය සිනාව ඇගේ මුවෙහිය .
    ගරාජයෙන් කාරය ඉවතට ගත් ඔහු සීරුවට එය ගේට්ටුවෙන් ඉවතට ගෙන අනතුරුව රථයෙන් බැස විත් ගේට්ටුව වසා දැමීය ..... සැබවින්ම ඔහු තම බිරිඳට ගේට්ටුව වැසීමටවත් ඉඩක්ලබා නොදුන්නේ... ඇයට ඇති ආදරය නිසාවෙනි...
    අසල්වැසි කාන්තාව තමා දෙස ජනේලයෙන් බලාසිටිනු ඔහු දුටුවේ මේ මොහොතේය..
    " මේ ගෑනි මොකද මේ... ඇත්තමයි මේ ගෑනුන්ට අනුන්ගෙ ඕපදූපයක් හොයන්න ඇත්නම් වෙන මුකුත් ඕනනෑ... " තමාටම කියාගත් ඔහු කාරය පණගන්වා ඉක්මනින් පිටවිය . නිතරම Metal Rock සන්ගීතය ඇසීම ඔහුගේ විනෝදාන්ශයක් විය . රේඩියෝව ක්‍රියාත්මක කල ඔහු එම විලාප සන්ගීතයට සාවදානව සවන්දුනි....
    ආයතනය වෙත පැමිණි ඔහු රථගාලෙහි රථය ගාල්කොට ආයතනය තුලට ගියේය . දින පතාම ආයතනයට ඇතුල්වූ පසු සෑම අතින්ම ගලා එන " Good morning " යන සුභ පැතුම ඔහුට මහත් වදයක් විය . ඔහුද යාන්ත්‍රික මිනිසකු මෙන් සෑම දෙසටම නැවත පෙරලා සුභපැතුවේය . ඔහු මෙහි ප්‍රධාන විධායක නිළධාරියෙකු විය . කැපවීමෙන් වැඩකල ඔහු කාගේත් හොද හිත දිනාගත් නිළධාරියෙකු විය .
    " සර් ... ආයිම්... කමීන්.... "
    " ආ.... කමින් ... නටාශා... " ඒ නටාෂාය ඇය සෑමවිටම මාන බැලුවේ . ඔහුව දැලේ දා ගැනීමටය ... සරාගී පෙනුමත් ඊටම ගැලපෙන ඇගට තද වූ කොට ස්කට් එකත් බ්ලව්ස් එකත් නිසා ඇගේ හැඩ කැපී පෙනුනි.
    " සර්... මේක සයින් කරනවද " ඇය ඇස් නටවමින් කියාසිටියාය . ඔහු නිහඩවම එය අතට ගත්තේය .
    " සර් අද හරි හැන්ඩ්සම් .... " ඇය දෙතොල් උල්කරමින් පැවසුවාය .
    " ම්ම්... තෑන්ක් නටාශා " ඔහු පැවසුවේ මද සිනාවක් නගමිනි. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වූයේ ඇයව ඉක්මනින් යවාගැනීමටය . මේ තරුණිය ඔහුට මහත් හිසරදයක්විය..... තම බිරිඳට පණ මෙන් ආදරය කල ඔහු අන් කිසිදු තරුණියක් හෝ කාන්තාවක් ගණන් ගත්තේ නැත ....
    " ජෙෆ්‍රි කොෆි එකක් එවන්න " ඔහු කෝපි එකක් ඇණවුම් කල පසු ඇය සරාගී සිනාවක් නගමින් එතැනින් පිට විය .

    ඇය පිටව යනු ඔහු හිස් බැල්මෙන් බලාසිටියේය ......
    " පුදුම වදයක් නේ මේ ගෑනිගෙන් ... ශිට්"

    ......................................................................
    ඒ 1986 දෙසැම්බරය විය..... ශීත ඍතුව හේතුවෙන් ලන්ඩනයම සුදෝ සුදුවන් හිමෙන් වැසීගොසිනි....

    12 වෙනිදා ඔහු කාර්යාලය වෙත පිටත්ව ගියේ වෙනදා නොවූ සතුටකිනි...
    එදින සියලු සේවකයන්ගේ .... මේස මත වූයේ ආරාධනා පත්‍රයකි ....

    සියල්ලෝම සතුටු විය . ඒ ඔහුගේ වෙනස්වීම හේතුවෙනි....
    " අපේ සර්.... දැන් වෙනස් වෙලා... " එදින කාර්යාලයේ සැමගේ මාතෘකාව වූයේ එයයි..... සැවොම සාදයට සූදානම් වූහ .
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අමුත්තිය ...........🌹🕯️ ( කෙටි කතාව ) PART 2
    ...............................................................
    14 වැනිදාද පැමිණියේය ......
    " බලන්න පැටියෝ ඔයාගෙ බර්ත් ඩේ එකට මම ගෙනාපු තෑග්ග .... " ඔහු තම අතවූ කවරයෙන් පිටතට ගත්තේ ..... කාලවර්ණ දිගු ගවොමකි.
    " මේක ඔයාට ලස්සනට තියෙයි"

    ඇය ගවොම අතට ගත්තාය . ඇය නැගිට ගවොම තම ඇගට තබා හැඩ බලනු ආසවෙන් බලා සිටි ඔහු ඉන් අහින්සක තෘප්තියක් ලැබුවේය . බිරිදට එසේ සිටීමට ඉඩදී ඔහු කාමරයෙන් පිටතට පැමිණියේ සවස පැවැත්වෙන සාදයට අවශ්‍ය කටයුතු සූදානම් කල යුතු බැවිණි....
    සවස 6.30 පමණ වන විට අමුත්තන් කිහිපදෙනෙකුම පැමිණියෝය. ඔහු සිටියේ පැමිණෙන සියලු දෙනාම සුහද ලෙස පිළිගනිමිනි.... නටාශා මේ මොහොතේ පැමිණි අතර ඔහු හැර අනෙක් සෑම දෙනෙකුගේම අවධානයට ඇය ලක්විය .... නිවස තුල සියල්ලෝම කමින් බොමින් විනෝද වූ අතර........ පියානෝවෙන් නැගි නාදය සියල්ලන්ගේ සවනත පිනවූයේය.
    රාත්‍රි 8. 00 වන විට ආයතන ප්‍රධානියා ග්‍රෙග්සන් මහත්මා නැගී සිටියේය .
    " හොදයි අපි දැන් විශේශම අවස්ථාවටයි පැමිණ සිටින්නේ.... "

    ඒත සමගම කිසිවකු උපන්දින කේක් ගෙඩිය රැගෙනවිත් මේසය මතින් තැබුවේය ....
    " ප්‍රිය හිතවතුනි ... මගෙන් පසුව අප ආයතනයේ .... ප්‍රධානියා වන්නේ ...
    " ජොනී" මහත්මයායි ඉතින් ඔහුට සුභ පැතීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා... " මේ මොහොතේ ඔහු එහෙමත් නැතිනම් ජොනීගේ හිත සතුටින් පිරී තිබුනි.
    " හොදයි එහෙනම් අපි වැඩේ පටන්ගමු "
    " ඉන්න සර් .... ප්‍රධාන අමුත්තිය නැතුව කොහොමද කේක් කපන්නෙ... ඉන්න ... " ඔහු පැවසීය.

    " ජොනී උඔ හරි විහිලු තමා කරන්නෙ.."
    ග්‍රෙග්සන් කීවේය .
    නමුත් සියල්ලන්ගේම මුහුණේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් ඔහු එතැනින් පිටවිය .....
    ඔහු කෙලින්ම ගියේ නිදන කාමරයටය ...
    " පැටියෝ ඔයා ලෑස්තියි නේද .... " කියාගෙනම ඔහු කාමරයට ඇතුල්විය . ඇය ඒවන විට සූදානම් වී කොණ්ඩය සකසමින් සිටියාය . කාලවර්ණ සිහින් දිගු ගවොම ඇගේ ශරීරයේ හැඩ ඉස්මතු කරමින් ඇයට සරාගී පෙනුමක් ලබාදී තිබුණි.

    " හේයි කෙල්ලෙ ඔයා අද හරිම හැඩයි. ඔය ගව්මට තවත් ලස්සනයි. " ඇය සරාගීලෙස සිනාසුනාය . ඇගේ නලලත සිපගත් ඔහු ඇගේ අත අල්ලාගත්තේ ඈ... සාදය වෙත කැදවාගෙන යාමටය .
    " පැටියෝ ..... එයාල බලන් ඉන්නව ඔයා එනකන්. අපි යමු "

    " අද මෙයාගෙ ලස්සන දැක්කාම අර නටාෂා ගෑනියි අල්ලපු ගෙදර " රෝසි " ගෑනියි අනිත් ගෑනු ටිකයි ඉරිසියාවෙ පැලෙයි.... " ඔහු සිතින් තමාටම කියාගතේය .

    ඔහු ඇයත් සමග විසිත්ත කාමරයේ වූ සාදයට ප්‍රවිශ්ට විය ....
    එක වරම එහි සිටියවුන් වික්ශිප්ත භාවයට පත්විය .... මේ ඔවුන් කෙසේවත් බලාපොරොත්තු නොවූ අමුත්තියක් විය .
    "මේ ඉන්නෙ අපේ අමුත්තිය .... මගේ ආදරණීය බිරිද " ලූනා ලැන්තර් " ...හොදයි අපි පටන්ගමු "
    එම ගත ලොමු ඩැහැගැන්වෙන දර්ශය තවත් බලාසිටීමට නොහැකි වූ තරුණියන් සහ කාන්තාවන් භීතියෙන් විලාප දෙන්නට විය . පිරිමි පාර්ශවයද බෙහෙවින් බියට පත්වීසිටියෝය .

    " ලු...ලුලු...නා..... ජේ..ජේසුනේ.... උ...උඔ.. තිරිසනෙක් ජොනී....." ග්‍රෙග්සන් මහත්මා කම්පනයට පත්ව සිටියේය .

    අනතුරුව අමුත්තන් සියලු දෙනා භීතියෙන් සහ කම්පනයෙන් යුතුව සාදයෙන් පලා ගියෝය .... අවසානයේ නිවසේ ඉතිරිවූයේ ... ඔහුත් බිරිඳත් පමණි .සිදුවූ කිසිවක් වටහා ගැනීමට නොහැකිවූ ඔහු හිටි හැටියේ තමාවත් තම බිරිඳවත් හැරගිය සැම හට හිතින් දෝශාරෝපනය කරන්නට විය ....
    " සැක් .... ඉරිසියාකාර හැතිකරේ... මගෙ ලූනගෙ ලස්සන දැකල මුන්ට ඉරිසියයි.... මාත් මුන්ව ආශ්‍රය කලානෙ."

    පසුවදා උදයේ සෑම පුවත් පතකම ප්‍රධාන සිරස්තල සහිතව මුල් පිටුවල මෙන්ම සෑම ගුවන්විදුලි නාලිකාවකම මෙසේ සදහන් විය ,
    " තම බිරිදගේ සිරුර රසායනික ද්‍රව්‍ය මගින් සකසා බෝනික්කකු ලෙස තබාගත් පුද්ගලයෙකු නීතියේ රැහැනින් පළායයි. "
    කැලෑබද ප්‍රදේශයක මාර්ගයක ඇදෙනා කලුපාට කාරයකි. එහි රේඩියෝවෙහි ප්‍රවෘත්ති විකාශය වෙමින් පැවතුනි .
    " ජොනීනම් මෙම පුදගලයා විසින් මියගිය තම බිරිදවූ " ලූනා ලැන්තර් " නම් තැනැත්තියගේ.. සිරුර නැවත ගොඩගෙන රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් කල්තබාගෙන ඇති අතර ඇසින් දුටුවන් පවසා සිටියේ ඇගේ පෙනුම ඉතා බිහිසුණු වූ බවත්. ආයුධ මගින් ඇගේ මුව පළා කෘතිම වියරු සිනාවක් ලබාදී තිබූ බවයි....... සිද්ධිය ඇසින් දුටුවන් තවමත් දැඩි මානසික පීඩනයකින් පසුවෙති....
    රියදුරු අසුනේ සිටි පුද්ගලයා. රේඩියෝ නාලිකාව නවතා දැමුවේය.

    " පේනවද ලූන .... මුලු ලන්ඩනයම අපි දෙන්නට ඊරිසියයි ....... අපි මේ ජරා මිනිස්සු නැති තැනකට යමු... "

    ඇය සුපුරුදු ප්‍රේමණීය සිනාවෙන් ඔහුට සන්ග්‍රහ කලාය ..........

    ................................ නිමි......................
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy

    mee wage news ekak giya week eke thibba India wala. Maruna ammage body eka ekka masa keepayak (03k wage mathaka) eyage putha jeewath wela
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    mee wage news ekak giya week eke thibba India wala. Maruna ammage body eka ekka masa keepayak (03k wage mathaka) eyage putha jeewath wela

    කෝ?

    පලවෙනි කොටසෙ පලවෙනි චේද දෙක කියවද්දි ගෑනිට මොකද වෙලා තියෙන්නෙ කියලා තේරෙනවා.
    ------ Post added on Nov 4, 2024 at 6:35 PM
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,296
    113
    kandy
    • Wow
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේ සීන් එක මට වෙච්චි එකක් නෙමෙයි. හැබැයි ඇත්තම සිද්ධියක්. 1990 ගණන් වල එතකොට මම හුගක් පොඩියි.
    ඉස්සර අපේ ගමේ පොඩි තේ කඩයක් තිබුණා ගම මැද්දට වෙන්න. ගමේ තරුණ මහළු ගොඩක් කට්ටිය හැන්දෑවට ඔතන එකතුවෙලා රෑ වෙනකල් දාං අදිනවා. දවසක් ඔහොම කට්ටිය එකතුවෙලා ඉද්දි එක්කෙනෙක් දැකලා තියෙනවා ගුණසිරි කියන කෙනා (ඒ කාලේ තරුණ කොල්ලෙක්, වාචාලයා, බේබද්දා) ඒ ළඟම අඹ ගහ යට බංකුව උඩ ඉඳගෙන කිසි කතාබහක් නැතුව ඉඳගෙන බාලාගෙන ඉන්නවා. මිනිහා එහෙම නිහඬව ඉන්න චරිතයක් නොවන හින්දා අර දැකපු කෙනාට මේක ටිකක් වැඩිපුර මීටර් වෙලා තියෙනවා. ඉතින් එයා ටිකක් සද්දෙන්ම ඇහුවලු
    "ඇයි ගුණසිරි අයියේ අද කතා පෙට්ටිය ගෙදර තියලද ආවේ?" කියලා. එතකොට එතන හිටපු අනිත් අයත් ඒ පැත්ත බලලා එහෙම අහපු කොල්ලා දිහා පුදුමෙන් වගේ බලනවාලු. මිනිහා ආයෙම අඹගහ පැත්ත බැලුවම බැංකුවේ ඉඳගෙන හිටිය ගුණසිරි පේන්න හිටියේ නෑලු. මිනිහා ටිකක් කලබල වෙලා නැගිටලා හොඳට විපරමින් වටපිට බලලා
    "කෝ බන් ගුණයා රහත් උනාද? මේ දැන් අර බැංකුවේ ඉඳගෙන හිටියනේ" කියලා. එතකොට එතන හිටිය තව කෙනෙක් කිවුවලු
    "පිස්සුද බන්? මෙහෙ ආපු ගුණයෙක් නෑ" කියලා. ඉතින් අර කොල්ලට හෙන අප්සට් ලු. ඉතින් කට්ටිය ආයෙම දාං අත බලන්න පටන් ගත්තලු. ඔහොම ඉද්දි ඒ ළඟම පටු පාර දිගේ හුළුඅතු අරගෙන කට්ටියක් සද්දෙට කතා කර කර ලොකු හදිසියකින් වගේ යනවලු. එතකොට දාං අදිමින් හිටපු අය අහලා තියෙනවා "කොහෙද මේ කට්ටිය කළුවරේ කලබලේ දුවන්නේ?" කියලා. එතකොට ඒ එක්කෙනෙක් කියලා තියෙනවා
    "ඇයි දන්නේ නැද්ද අර ගුණසිරි මල්ලි බෙල්ලේ වැල දාගෙන මැරිලා. මේ ටිකකට කලින්"
    ඒක අහපු මේ අයට හීන් දාඩිය දැම්මලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591

    bankuwe indagena hitiye aswasuma ganna giya wenna barida?