සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,468
    8,623
    113
    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ


    අද උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.

    අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.

    මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
    තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


     

    Morbius

    Well-known member
  • ගෙදරක හදපු බල්ලෙක් වෙන්නත් පුලුවන්. බලපන්කෝ ඒකෙන් මේකෙන් අම්මත් නෑ තාත්තත් නෑ. සෑහෙන්න කටු , නොසලකාහැරීම් , වේදනාවන් විදින්න වෙනවා ඔය පොඩි එකාට ලොකු වෙනකම්. ඒකෙත් හැටි.🥲🥲🥲
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.

    we still have a chance




    oya para depaththe kari ballo innawa godak. ballo okkma allala kaleta ghin danna one wesige putala

    car wala yana unta ganak na safe nisa . bike wadunot iwarai
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    BIke nemeine
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    බල්ලෙක් වැදිලා, කාර් එකේ බෆර් එකත් පිපිරුවා. උන්ට මෝල් වුණාම පාර හරහා විදිනවා. බයික් එකේ යනකොට 40-60 වගේ වත් නොගියොත් අවධානම වැඩි. මම නම් 40 ට යන්නේ බයික් එකේ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,996
    13,908
    113
    🤍
    නෑ. ඌ බයික් එකේ ගිහින් බල්ලෙක්ට බ්‍රේක් කරලා දත් ගලවාගෙන හිටියේ. 😂 ඊට පස්සේ ආයේ පොර බයික් පැද්දේ නෑ.
    ahhh roda 4 nam safe ithin

    math dio eke ghin kalu pusekge waduna ... hebai loku damage ekak na