කරන්දෙණිය මාලිමා සභාපති ඇද වැටී මිය යයි 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,317
    8,463
    113




    කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (21) උදෑසන මිය ගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි.

    කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ ව්‍යායාම සදහා අද (21) උදෑසන ඇවිදිමට ගොස් සිටියදි පෙ.ව 6.00 ට පමණ ඇද වැටීමක් හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මියගොස් තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.

    මියගිය සභාපතිවරයාගේ මෘත දේහය කරන්දෙණිය, බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබූ අතර අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය බව බොරකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂය යටතේ බොරකන්ද කොට්ඨාශයට තරග කරමින් ජයග්‍රහණය ලබා මහීල් රංගජීව මුණසිංහ (47) මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් විය.

    කරන්දෙණිය, කොටවෙල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි මනෝජා ගලප්පත්ති මහත්මියගේ ස්වාමිපුරුෂයා වන මියගිය සභාපතිවරයා එක් දරු පියෙකි.

    කරන්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.