🔴 ලෝක ආර්ථික අවපාතයක් අත ළඟ [NEWS]

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...

    කොරේ පිටට මරේ කිව්වලු! ආපහු සැරයක් ලෝක ආර්ථික අවපාතයක් එන්නයි යන්නේ! ලන්ඩනයේ ලොකුම බැංකුවක් ගනුදෙනුකරුවන් දැනුවත් කරන්න පටන් අරන්!​

    SHbroker_2671291b.jpg

    මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා බලා සිටින්නේ දළදා ප්‍රදර්ශනයත්, පළාත් පාලන මැතිවරණය දෙසත්ය. ඒ නිසා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් හෝ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ හෝ රටේ ආර්ථික ක්ෂේත්‍රය තුළ විද්වත් කතාබහක් නොමැති තරම්ය. නමුත් මේ වනවිට ජාත්‍යන්තරයේ පළවන ආර්ථික පුවත්වලින් නම් කියැවෙන්නේ ඉදිරි කාලවකවානුව ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් යහපත් තත්ත්වයක් දැකගැනීමට හැකි නොවනු ඇතැයි කියාය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඉදිරි වසර කිහිපය ඇතුළත නැවත වතාවක් ලෝක ආර්ථික අර්බුදයක් මතුවීමේ විශාල අවදානමක් මතුවෙමින් පවතිනවා යැයි කියාය.

    මේ බව තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේ ලන්ඩනයේ සිදුවිය. ලන්ඩනයේ ක්‍රියාත්මක ලොව ප්‍රකට බැංකුවක මූල්‍ය විශ්ලේෂණ කණ්ඩායමක් පසුගිය සතියේදී එම බැංකුවට ලබාදී තිබූ විශේෂ වාර්තාවකින් දැනුම් දී තිබුණේ ඉදිරි කාලවකවානුව තුළ ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉඩකඩක් මතුවෙමින් පවතින බවකි. ඒ අනුව අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබිණි. එහිදී ඔවුන් තමන්ගේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබුණේ ඉදිරියේ එම ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝක කොටස් වෙළෙඳපොළ 30%ත් 40%ත් අතර ප්‍රමාණයකින් කඩාවැටීමේ අවදානමක් ඇති බවකි. එම නිසා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී ඉතා ප්‍රවේසමෙන් එම කටයුතු සිදුකරන ලෙසද අදාළ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදී තිබිණි.

    මූල්‍ය අරමුදලත් කියනවා

    දැනට ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ ආකාරයේ ලෝක ආර්ථික අර්බුදයක්ද මතුවුවහොත් එය ලංකාවේ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. එම නිසා වහාම ඊට මුහුණදිය යුතු ආකාරයත්, ඊට පිළියම් යෙදිය යුතු ආකාරයත් පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

    මේ බව තහවුරු වන තවත් ඉඟියක් මේ වනවිටත් ආණ්ඩුවට ලැබී තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද පසුගිය දා ආණ්ඩුවේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී ඉඟිකොට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් ආර්ථික අර්බුදයක්ද මතුවීමේ අවදානමක් මතුව ඇති බවකි. නමුත් එහි විශාල බලපෑමක් ලංකාවට සිදුවනු ඇති බවක් දැකගන්නට නොමැති බවද එහිදී සඳහන් කොට තිබූ බවක් ආරංචිය. මීට අමතරව ලෝක බැංකුව විසින් පසුගියදා නිකුත් කර තිබූ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබුණේද පවතින ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ තුනෙන් එකක ජනතාවක් දැඩි දරිද්‍රතාවකින් පෙළෙන බවකි. ඉදිරි කාලයේදී එම ජනතාව තව තවත් දරිද්‍රතාවේ පහළ මට්ටමට ඇදවැටීමට නියමිත බවද එම ලෝක බැංකු වාර්තාවෙන් අවධාරණය කොට තිබිණි. එවැනි පසුබිමක් යටතේ ලෝක ආර්ථික අවපාතයක්ද සිදුවුවහොත් එහි බලපෑම ලංකාවට දරුණු ලෙස බලපනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

    රාජ්‍ය රහස්!

    Source
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ෂුවර් එකට මේ අවුරුද්ද අන්තිම වෙද්දි මේවා වෙන්න පටන් අරගනියි. ඇමරිකන් බදු, කේස් එකත් තාම විස්දිලා නෑ ඒක විසදුනේ නැත්නම් ගාමන්ට්වලට තදටම බලපානවා. අපේ දැන් ඉන්න පාලකයොන්ට නම් මේ ගැන ගානක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ලෝක ආර්ථික අවපාතත් සෙට් උනාම ආතල් ඩබල් වෙයි. .මොකක් හරි උනාට පස්සේ කරන්න පුලුවන් දෙයක් හොයයි.

    රනිල් උනත් ආයේ ජනාධිපති වෙනවා කියලා කියන්නේ නිකං නෙමෙයි. කොහොම හරි මේ රට වැටෙද්දි මෑන් පට ගාලා බලේ අල්ල ගන්නදන්නවා. රනිල්ගේ අත්දැකීම් එක්ක මෑන් දන්නවා ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. මාලිමාවේ 159ක් හිටීයත් රට වැටිලා මිනිස්සු පාරට එන්න පටන්ගත්තොත් කට්ටීයටම ගෝඨා දිව්වා වගේ දුවන්න වෙන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    අර්බුදේ කාලේ කාපු කට්ටක්. අම්මගේ බෙහෙත් එහෙම හරිම අමාරුවෙන් හොයාගත්තේ. බස් එකේ ගියා පුක රොටිය වෙනකන්.(CTB ගල් සීට්).

    බාල ගල් ෆ්‍රෙන්ටිනෝ ටයර් දාලා suspension ඔක්කොම විනාශ වුණා.

    දැන් ඉතින් පෙර සුජාණම මොකද කරන්න ඕනේ
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    it should / suppose to happen, i am waiting for the stock options. eventually we/ asian countries real estate will go sky rocket.
     
    • Like
    Reactions: SpinXO

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දේශපාලනේ ගාව ගන්න එපා බන්. හැමෝටම දැනුවත් වෙන්නයි දැම්මෙ.
    owa kiyaladak na bn.okak dammath desapalane allan marenna hadanawa
     
    • Like
    Reactions: SpinXO