රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    රුසියාවේ එයා බේස් වලට ගාලා පේලේන් හතලිස් ගානක් ඉවරළු. රුසියානු ගුවන් හමුදාවෙන් සියට හතලිස් ගානකට කෙල වෙලාළු. මේ දවස්වල නිවූස් බැලුවොත් යන කතන්දර ඔහොමයි. ඇත්තටම මොකද්ද මේ රුසියාන්් උන්ට වෙලා තියෙන්නේ. මොකටද මේ ගහලා තියෙන්නේ? ඇයි මේපේලෙන් එලියේ කියලා තිබ්බේ?

    2d7a6ab_ftp-import-images-1-eqy8irmqkf3e-5073316-01-06.jpg


    1. Strategic aviation
    රුසියානු air force එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා
    Reginal air army's
    Long range aviation
    Military transport
    ඕකෙන් long-range aviation කියන කැටගොරි එක ඇතුලේ තියනවා ඩිවිශන දෙකක්. බෝඩර් ගාඩ් සහ straight aviation.

    1.1 strategic aviation
    Strategic aviation කියන්නේ මූලිකම වශයෙන් බෝම්බ ප්‍රහාරක ගුවන් යානා. ඇත්තම කියනවානම් න්‍යශ්ඨික බෝම්බ සවිකර හැකි දිගුදුර ගුවන් යානා. මේ යානා ඇත්තටම කවදාවත් න්‍යෂ්ටික බෝම්බයක් දාන එකක් නැහැ. හැබයි මේ ගුවන් යානා පාවිච්චි කරන්නේ strategic porouse වලට. ඒ කියන්නේ න්‍යශ්ඨික බෝම්බ දානවා කියල බය කරන්න වගේ. හැබයි මේවා වෙනස් කාර්යන් වලට භාවිතා කරන්න පුළුවන්.මේකියන strategic bombers මේ වෙනකොට රටවල් තුනකට විතරයි. ඒ ඇමරිකාව රුසියාව සහ චීනය.

    1.1.1 රුසියාව සතු strategic bombers
    රුසියාව සතුව strategic bombers වර්ග තුනක් තියනවා. ඒවා

    1.1.1.1 TU 22 M3

    Tupolev_Tu-22M3M_GEFEST_(19230388334).jpg

    Tu 22

    තුපලොව් 22 වෙනස්කල හැකි පියාපත් සහිත සුපර් සොනික් ගුවන් යානය තමා රුසියානු strategic bombers වල පොඩිම යානය . මේ ඇවිල්ලා 1959 අවුරුද්දේ හදුන්වා දෙන සූපිරිම යානයක්. කොච්චර සුපිරිද කියන්නේ අවුරුදු හතක් යන්න කලින් මේක වෙනම යානයක් විදිහට ආපහු එලියට දානවා. මොකද මේ යානය එතරම්ම හොඳ රෙකෝඩ් ටිකක් ඒ කාලය තුල තියනවා. TU 22 M කියන්නේ වෙනස්ම යානයක්. 1967 අවුරුද්දේ හදුන්වා දෙන මේ යානය සෝවියට් දේශය බිඳ වැටෙනකම්ම නිශ්පාදනය කරනවා. මේ වෙනකොට තියෙන්නේ M3 variation එක. මේ යානය කිලෝමීටර 6800 දුරක් ටොන් දහයක් බරක් සහිතව පියාසර කරන්න පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 1997ක් (1.88mach). හැබයි දැනට පවතින standard අනුව එච්චර ප්‍රයෝගික නැහැ. මොකද මිසයිල තුනක් විතරයි ගෙනියන්න පුළුවන්. මිසයිල විදිහට kh 22 මිසයිල තුනක් හෝ කෙන්සල් මිසයිල හතරක් තමා ගෙනියන්න පුළුවන්

    1.1.1.2 TU 95 ms

    Tu-95-Bear-Bomber-1024x576.jpg

    Tu 95

    තුපලොව් 95 මේ වෙනකොට සක්‍රීය සේවයේ තියන පරණම ගුවන් යානයක්. 1952 දී මුලින්ම පියාසර කරපු ගුවන් යානය මේ වෙනකොට අවුරුදු හැත්තාවක කාලයක් අහසේ සැරිසරා තියනවා. මේ ගුවන් යානය turboprop එන්ජින් හතරකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 925ක වේගයකින් යුක්තයි. (Mach 0.82) මේ යානය තමා කාලයක් වෙගවත්ම jet නොවන ගුවන් යානය. කිලෝමීටර් 15000ක දුරක් මේ යානයට පියාසර කරන්න පුළුවන්. ඒවගේම මේ ගුවන් යානාව කිලෝමීටර් ගානක් දුර ඉදන්ම අදුරගන්න පුළුවන්.දැනට පාවිච්චි වෙන ශබ්දයෙන් අධිකම ගුවන් යානාව මේක. ආයුධ විදිහට කිලෝ ග්රෑම් 15000ක බර හෝ kh 55 කාණ්ඩයේ මිසයිල අටක් ප්‍රවාහනය කරන්න පුළුවන්.

    1.1.1.3. TU 160






    398176_O.jpg

    Tu160
    රුසියාව සතු අළුත්ම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය තමා tu160. 1981 මුලින්ම පියාසර කරපු මේ ගුවන් යානය සෝවියට් දේශය බිඳ වැටෙන දිත් පර්යේෂණ තත්වයෙන් මිදිලා තිබ්බේ නැහැ. මේ වන විට ලෝකයේ තියන ලොකුම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය වෙන මේස යානයක් වෙනස්කල හැකි පියාපත් වලින් සමන්විතයි. පැයට කිලෝමීටර් දෙදහස් දෙසිය විස්සක් උපරිම වේගයක් තියන මේ යානය කිලෝමීටර 12300 ක් පියැසැරි ධාරිතාවකින් යුක්තයි. ආයුධ විදිහට KH55 කාණ්ඩයේ මිසයිල හයක් හෝ KH 15 කණ්ඩයේ මිසයිල 12 ක් රැගෙන යන්න පුළුවන්. මේ යානය තාමත් නිශ්පාදන කරනවා වගේම සේවියට් දේශය බිඳ වැටෙන වෙලාවේ යුක්‍රෙනය සතුව ගුවන් යානා දහනමයක් තිබ්බා. ඒ දහනමයෙන් නමයක් රුසියාවට විකුණන ලද අතර අනිත් යානා වලින් නමයක් විනාශ කරලා තියනවා. රුසියාව සතුව මේ වන විට යානා විස්සකට අඩු ගානක් තියෙන්නේ.

    1.2 ගුවන් තොටු පොලවල්
    රුසියානු strategic aviation එක රට වටේම ගුවන් තොටුපළවල් රාශියක් පාවිච්චි කරනවා. ප්‍රධාන ගුවන් තොටුපල Engles 2 ගුවන් හමුදා කදවුර. මොස්කව් වලට ආසන්නව තියන මේ ගුවන් කදවුර Tu 160 යානාවල ප්‍රධාන කදවුර වගේම අනිත් බොම්බ ප්‍රහාරක යාන වලින් සමන් විතය. යුක්‍රෙනයට ප්‍රහාර එල්ල කරන ප්‍රධානම කදවුරක් මේක. ඒ වගේම olenya, belaya, deyaileva, Ivanovo sevrny වගේම Ukrainia කියන ගුවන් තෙටුපලවල් පාවිච්චි වෙනවා. Ukrainia කියන්නේ tu95 යානාවල ප්‍රධානම ගුවන් තොටුපල. ඒ වගේම olenya ගුවන් තොටුපලත් ආක්ටික් ප්‍රදේශය පාලනය කරන ප්‍රාධාන කදවුර. අනිත්වා ගොඩක් වෙලාවට උප කදවුරු විදිහට පාවිච්චි වෙනවා.

    2. යුක්‍රේන ප්‍රහාරය.

    Ukrainian Drone Strikes on Russian Air Bases, June 1 2025.png

    Ukrainian Drone Strikes on Russian Air Bases, June 1 2025

    මේ ගුවන් බලගනය යුක්‍රේනයේ ගොඩ කාලයක් ඉදන්ම හිසරදයක් උනා. මාසෙකට සැරයක් විතර මේ යානාවලින් එල්ල කරන ප්‍රහාර වලින් යුක්‍රේනයේ strategic location වලට එල්ල කරන ප්‍රහාර වලින් ලොකු හානියක් සිදු කරමින් හිටියා. දෙතුන් පාරක් ඩ්‍රොන් යවලා මේ යානා විනාශ කරන්න හැදුවත් ඒ හැම පාරක්ම රුසියානු ගුවන් ආරක්ෂණ බල ඇණිය ඒ අවස්ථා විනාශ කරලා දැම්මා. ඒ වගේම මේ යානයක් දෙකක් විනාශ කලා කියලා රුසියානු යුක්‍රේන යුද්ධයට ලොකු බල පෑමක් නැහැ.

    යූක්‍රේනය මේ දවස් වල පරාජ පිට පරාජ ලබනවා යුක්‍රේන යුද්ධයෙන්. ඒවගේම යුක්‍රේනය මීඩියා වික්ටරි වලට හෙනම කැමති. මොකද ඔය වගේ එකකින් තමුන්ට ලොකු ආදරයක් ගන්න පුළුවන් බටහිර රටවල් වලින්. ඉතින් කියන විදිහට බුද්ධි මෙහෙයුමක පටන් ගන්නවා අවුරුද්දකට කලින් රුසියාව ඇතුලේ ඩ්‍රොන් ප්‍රහාරයකට. මේක ගෙඩක් වෙලාවට වෙන ටාගට් එකකට ලැස්තිවෙලා කරන්න ඇති. ඒත් රුසියාව intelligence war එකේදි අඩියක් පිටි පස්සේ ඉන්නේ. ගොඩක් වෙලාවට මේ සම්පූර්ණ මෙහෙයූමම MI6 එකෙන් කරන්න ඇත්තේ. මොකද යුක්‍රේන ආමි එක ඕක පිටිපස්සේ හිටියා නම් රුසියාව ඕක දැන් ගන්නවා. කර්ස්ක් වල මෙහෙයුමේදී ක් උනේ ඕක.

    ukraine-russia-drone-attack-bombers.jpg


    මේකෙ දි යුක්‍රේන ආමි එක කරන්නේ රුසියාව ඇතුලෙම ඩ්‍රේන් ඇසෙම්බල් කරලා රිමෝට් ස්ටේෂන් හරහා ගහන්න. ඕක මට මතක විදිහට Bae system concept එකක් විදිහට එලියට දාපු එකක්. හදන ඩ්‍රොන් ටික වෙනම හදපු කන්ටේනර් පෙට්ටියක් charging station එකක් එක්ක හයි කරලා ලොරි වලින් ප්‍රවාහනය කරන්න එයාබ්‍රේස් ගාවට. ඊළඟට ප්‍රහාරයක් එල්ල කරන්න. මේක ඉතින් එච්චර අමාරු වැඩක් නෙමේ. අමාරු ඩ්‍රොන් වලට පාට්ස් රට ඇතුලට ගන්න එක. අනිත් දේ කනෙක්ෂන් එක. මේවා රුසියාවෙන් එලියේ ඉදන්ම control කරන්න ඇත්තේ. මොකද රුසියාව ඇතුලේ ඉදන්ම කලානම් ඔපරේටර්ලා එකසිය පනහක් රටින් එලියට පන්නනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. හැබයි විසි දෙනෙක්ගේ ටීම් එකක් එලියට ගන්න එක බොහොම සුළු දෙයක්.
    කොහොම හරි මේ මෙහෙයුම ගුවන් තොටුපළවල් හතරකදි සිදු කරන්න යුක්‍රේනය සමත් වෙනවා. Engles 2 කදවුර මේ ප්‍රහාරෙට ගන්නේ නැහැ මොකද ඒකේ ආරක්ශාව වැඩියි. මේක තමා යුක්‍රෙනයට ගහන්න පාවිච්චි කරන්නේ. යුක්‍රේනියා කදවුරු යවපු ලොරිය මඟදි පුපුරණවා. (නමේ යුක්‍රේනියා කැල්ල හින්දා වැරදුනාද දන්නේ නැහැ) අනිත් හතරට යුක්‍රේනය පහරදෙනවා. එකෙන් එලියට දාන්නේ එක එයාපෝර්ට එකක වීඩියෝස් විතරයි. අනෙත් එයා පෝර්ට් ඒකේ පොටෝස් අවුට් කරනවා. අනිත් ඒයාපෝර්ට් වලට ගැහුවා කියනවා විතරයි වීඩියෝ හෝ පොටෝ නැහැ.

    මේ වෙනකොට යුක්‍රේනය කියන විදිහට පේලේන් හතලිහක් ඩැමේච් වෙලා. බිලියන හතක් පාඩුවක් රුසියාවට. හැබයි මේ වෙනකොට සැටලයිට් පොටෝ වලින් කන්ෆර්ම් වෙලා තියෙන්නේ Tu 95 යානා තුනක් TU 22 යානයක් සහ AN 12 යානයක් විනාශ වෙලා තියනවා එයින් Tu 95 යානා තුනම belaya කදවුරේ. ඒ වගේම Tu 22 යානයක් මේ කදවූරේමයි. මේ කදවුරට ලොකු හානියක් සිද්ද වෙලා තියනවා. තවත් TU 95 යානයක් වගේම Tu 22 යානා තුනකට හානි සිද්ධ වෙලා තියනවා. Olenya කදවුරේ දි එක an 12 යානයක් විනාශ වෙලා තියනවා.
    රුසියානු තොරතුරු වලට අනුව Tu 95 යානා තුනක් විනාශ වෙලා පහකට හානි වෙලා. Tu22 යානා හතරකට හානි වෙලා. ඒ වගේම AN 12 යානයක් විනාශ වෙලා A50 Awacs යානයක් විනාශ කලා කියලා යුක්‍රේනය කියනවා නමුත් වෙන කවුරුවත් ඒක confirmed කරන්නේ නැහැ.

    russia-ukraine-war.jpg


    මේ ප්‍රහාරයට පස්සේ මුලින්ම යුක්‍රේනය කිව්වේ AI යොදා ගත්තා කියලා ඒත් පහු වෙනකොට එක drone operators ලා උනා. ඒ වගේ පාවිච්චි කරලා තිබ්බෙ සාමාන්‍ය 4G නෙට්වර්ක් එක රුසියාවේ මේ ප්‍රහාරයට. රුසියානු බුද්ධි අංශ මේ වෙනකොට මේවා හදපු තැන හදපු විදිහ හදපු කට්ටිය ඔක්කෝම හොයාගෙන හැබයි දැන් අශ්වයා පැනලා ගිහින්.

    මේ වෙනකොට රුසියානුවන්ට අනුව strategic aviation එකෙන් සියට දහයකට ආසන්න කොටසකට කෙල වෙලා තියෙන්නේ. මේක හින්දා රුසියාව ගොඩක් වෙලාවට මේ යානා ඉස්සරහා මාසයක් වගේ බාවිතා කරන එකක් නැහැ. හැබයි මේ ප්‍රහාරය රුසියානු ප්‍රධාන ගුවන් කදවුරු දෙකම බේරිලා. Engles 2 කදවුර තමා යුක්‍රේනයට ගහන්න ගන්න ප්‍රධාන කදවුර. එක හින්දා ලබන සතිය වෙනකොට ආයෙත් ගහන්න පුළුවන්. Tu 95 වල ප්‍රධාන කදවුර උන යුක්‍රෙනියා කදවුරට යවපු ලොරියභමගදි පිපිරිච්ච එකත් මේකට තවත් හේතුවක්.

    මේ ප්‍රහාරය හින්දා විනාශ වෙච්ච ගුවන් යානා ආයෙත් හදාගන්න බැරි වෙයිද? මේ කටත් කෙලින් උත්තරයක් දෙන්න බැහැ. මේ විනාශ වෙච්ච යානා එකක් වත් මේ වෙනකොට නිශ්පාදන මට්ටමේ නැහැ. හැබයි දෙකම පරණ air Frame දෙකම පන්සියකට වඩා හදලා තියනවා. ඒකියන්නේ ගබඩාවල මේ පේලේන් සීයක්වත් තියෙන්නේ ඕනේ භාවිතා නොකරන. ඒවා මොඩනයිස් කරලා ගන්න එකට මහ කාලයක් යන්නේ නැහැ . ඒත් අවුරුදු දෙකක් වත් යයි.

    Airborne_early_warning_and_control_aircraft_A-50U_(Red_41).jpg

    A50 AWACS

    Tu 160 හරි A50 Awacs හරි එකක් වත් විනාශ වෙලානම් රුසියාව ලොකු ප්‍රශ්නේ කට මුහුන දෙනවා. දෙකම production තියන යානා. හෑබයි දෙකම යානයක් එලියට දාන්නම් අවුරුදු දෙකක් විතර කාලයක් යනවා. A50 යානයක් නැති වෙනවා කියන්නේ දරාගන්න ආමාරු හානියක්. F 16 උඩට නගින්නේ නැත්තේ A50 හින්දා.

    මේ ප්‍රහාරය හින්දා යුක්‍රේනය ලබා ගත්ත දෙයක් නැහැ. එකම දේ උනේ element of surprise. කියන දේ නැති කරගත්ත එක. මේ වගේ ප්‍රහාරයක් victory day pared එකට වගේ උනානම් කොහොමද? දැන් රුසියාව දන්නවා මේ වගේ දෙයක් යුක්‍රේනයට කරන්න පුළුවන් කියලා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    3. රුසියාව ඉල්ලන් කෑවේ ඇයි?

    මේ කියන ගුවන් යානා එකක් වත් පොඩි ගුවන් යානා නෙමේ පොඩිම යානය වෙච්ච tu22 පවා ට්‍රක් දෙකක් විතර දිගයි. (42m) ඒවගේම යානා කීයකට කිට්ටු ගානක් තියන්න හැගර් හදනවා කියන්නේ ලොකු වියදමක්. අනික රුසියානු කාලගුණය අපේ කාලගුණයට වඩා හිතකරයි මේ යකඩ ගොඩවල් වලට. ඒ වගේම රුසියාව ඇමරිකාව එක්ක අත්සන් කරපු ගිවිසුමක් තියනවා start කියලා. ඒකේ හැටියට රටවල් දෙකේම න්‍යශ්ටික ආයුධ නිරීක්ෂනය කරන්න රටවල් දෙකටම අවසර හම්බ වෙනවා. මේ ගිවිසුම සෝවියට් සංගමය තියන කාලේ අත්සන් කරපු එකක්.

    satellite-image-of-b52s-marking-their-spots-v0-y03pe4hm1ctc1.jpeg

    Satellite view of American b 52 base

    ඒකේ එක වගන්තියක් තමා nuclear capable bombers satellite monitoring වලට පුළුවන් විදිහට නවත්වන්න ඕනේ. ඒ වගේම දෙගොල්ලෝම security guarantee එකක් දීලා තියනවා දෙගොල්ලන්ගෙන්ම සහයෝගී රටක් වත් ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහෑ කියලා.

    රුසියාව 2022 මේ ගිවිසුමෙන් අහක් වෙනවා. හැබයි ඇමරිකාව අහක් වෙන්නේ නැහැ. එක හින්දා රුසියාවට පරණ දේවල් නවත්වන්න බැහැ. මේ ප්‍රශ්නේ හින්දා මිය වෙනකොට ඇමරිකාව ඉන්නේත් හොඳ තත්වයක් නෙමේ. මොකද මේ ගැටළුව හින්දා ඇමරිකාව අත්සන් කරපු ගිවිසුමක් ගැන තියන විශ්වාසය පලුදු වෙනවා.

    ප්‍රහාරය අවසානයි. එක එක එක්කෙනා එක එක ගනන්ට කියනවා. ඒත් ඇත්තටම මොකද උනේ? එකනම් දැන් ගන්න තව අවුරුදු ගානක් යයි.

    මේ ගැන තාම හරි හමන් තොරතුරක් නැහැ. තව අප්ඩේට් වෙයි. වැරද්දක් තියනවානම් ඉතින් නිවැරදි කොලාට වරදක් නැහැ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113


    අද ආපූ අප්ඩේට් එක. මේකේ හැටියට A50 දෙකකට ගහලා. කියන විදිහට ඩෑමේච්. මේක තමා ලොකුම පාඩුව මේ වෙනකොට. පේලේන් දහයක් නැහැ රුසියාවට. හැබයි කියන විදිහට decommissioning ලූ 🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    World Warheads, Weapon Sellers කරන්නේ යුද්ධ මාකට් කරන එක

    මේ දවස් වල වෙන්නේ drone testing කරන එක

    ගෙනියන්න පුළුවන් වැඩිම බර බෝම්බ
    රේඩාර් වලට අහු නොවී යන්න පුළුවන් කැමා ක්‍රම

    රොබෝ පහරදීම්

    මෙන්න මේවා මේ දවස්වල TEST කරනවා
    ගොඩක් TEST GROUND වලට Ukraine පාවිච්චි කරනවා
    නිකන් ලැබෙන දේවල් ඉතින් Ukraine වලින් හොඳට පාවිච්චි කරනවා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    රුසියාව පිලිගත්තත් නැතත්, මේක රුසියාවට ඔලුව උඩ නැගල ගහපු ගැහිල්ලක්. බුද්දි අන්ශ දුර්වලයි, බිලියන ගනනක පාඩුවක්, පුටින්ගෙ නම්බුව ඉවරයි. හොදම දේ තමයි පුටින්ට ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නෑ දැන්, ඔක්කොම කරල ඉවරයි, අලුත් දෙයක් නෑ. අනික බිලියන ගානක පාඩුවක් කරන්න කොහෙත්ම බෑ. රුසියාව මේ යුද්දය දිනයි, නමුත් රුසියාව නැත්තටම නැති වෙයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    රුසියාව පිලිගත්තත් නැතත්, මේක රුසියාවට ඔලුව උඩ නැගල ගහපු ගැහිල්ලක්. බුද්දි අන්ශ දුර්වලයි, බිලියන ගනනක පාඩුවක්, පුටින්ගෙ නම්බුව ඉවරයි. හොදම දේ තමයි පුටින්ට ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නෑ දැන්, ඔක්කොම කරල ඉවරයි, අලුත් දෙයක් නෑ. අනික බිලියන ගානක පාඩුවක් කරන්න කොහෙත්ම බෑ. රුසියාව මේ යුද්දය දිනයි, නමුත් රුසියාව නැත්තටම නැති වෙයි.


    ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ ඒවා කරලා නම්බුව නැති වෙනවනම් ඇමරිකාවෙත් නම්බුව නැති වෙලා ගොඩක් කල් හලෝ..කාක්කෙක්වත් උඩින් පියාබන්න බැහැ කිව්ව පෙන්ටගනේටත් ගැහුවා බින් ලාඩන්.මහලොකු CIA බුදිද ආ?.:lol:



     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    රුසියාව පිලිගත්තත් නැතත්, මේක රුසියාවට ඔලුව උඩ නැගල ගහපු ගැහිල්ලක්. බුද්දි අන්ශ දුර්වලයි, බිලියන ගනනක පාඩුවක්, පුටින්ගෙ නම්බුව ඉවරයි. හොදම දේ තමයි පුටින්ට ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නෑ දැන්, ඔක්කොම කරල ඉවරයි, අලුත් දෙයක් නෑ. අනික බිලියන ගානක පාඩුවක් කරන්න කොහෙත්ම බෑ. රුසියාව මේ යුද්දය දිනයි, නමුත් රුසියාව නැත්තටම නැති වෙයි.
    ඔය නැති උන ප්ලේන් ඕකුන් වැඩි කල් යන්ඩ කලින් ආයිත් හදනව බන්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force


    අද ආපූ අප්ඩේට් එක. මේකේ හැටියට A50 දෙකකට ගහලා. කියන විදිහට ඩෑමේච්. මේක තමා ලොකුම පාඩුව මේ වෙනකොට. පේලේන් දහයක් නැහැ රුසියාවට. හැබයි කියන විදිහට decommissioning ලූ 🤣

    A50 decommissioned ඒව කියන එක ඇත්ත කියලා හැම තැනම දාල තියෙන්නෙ. Russian උන් ගාව A50 2 හරි 3ක් හරි තියෙන්නේ. ඔය air port එකට ගහන video එකේ එක ළග තියෙන A50 10 වගේ පේනවා. අනික ඒවල tale එකේ තියෙන්නෙ Russian air force logo එක නෙවේ Soviet logo එක.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ ඒවා කරලා නම්බුව නැති වෙනවනම් ඇමරිකාවෙත් නම්බුව නැති වෙලා ගොඩක් කල් හලෝ..කාක්කෙක්වත් උඩින් පියාබන්න බැහැ කිව්ව පෙන්ටගනේටත් ගැහුවා බින් ලාඩන්.මහලොකු CIA බුදිද ආ?.:lol:




    kohomada ban terrorist attack ekak wenne. ubath Russian propaganda karayo wage neh.
    two countries at war, ithin eka country ekak anik country ekata attack karama terrorist attack ekak wenne neh. anika okkoma military installations. oya terrorist kathawa Russian un shame hide karanna kiyana katha. okata hariyatama kiyana name eka : Sabotage
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    kohomada ban terrorist attack ekak wenne. ubath Russian propaganda karayo wage neh.
    two countries at war, ithin eka country ekak anik country ekata attack karama terrorist attack ekak wenne neh. anika okkoma military installations. oya terrorist kathawa Russian un shame hide karanna kiyana katha. okata hariyatama kiyana name eka : Sabotage
    යුද්දේ ඕන නම් නම් කෙලින් වරෙන්කො..උබට අනුව ලංකාවේ කටුනායකට ගහපු එකත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමෙයි නේ.. :lol: මොනාද යකෝ ඔය හොරෙන් කරන පීචන් වැඩ..එහෙන් රුසියාවේ කෝච්චි පාරවල් වලට බෝම්බ තියනවා රට ඇතුලට ඇවිත්..ඕවා මහා අඩු කුලේ උන්ගේ වැඩ යකෝ..ලැජ්ජයි රටවල් 26ක් පිටිපස්සේ උදව්වට තියාගෙන නිවට වැඩ කරන්නේ..ඒ අතින් LTTE උන් යුක්රේන් උන්ට වඩා ඉස්සරහින් ඉන්නවා.. :rofl:

     
    • Love
    Reactions: S.GUNE

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    යුද්දේ නම් කෙලින් වරෙන්කො..උබට අනුව ලංකාවේ කටුනායකට ගහපු එකත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමෙයි නේ.. :lol: මොනාද යකෝ ඔය හොරෙන් කරන පීචන් වැඩ..එහෙන් කෝච්චි පාරවල් වලට බෝම්බ තියනවා රට ඇතුලට ඇවිත්.. :rofl:
    මොනාද බන් මේ කියන්නෙ? කොටි කියන්න ත්‍රස්ත කන්ඩායමක්, පෙන්ටගනේට ගැහුවෙ අල් කයිඩ ත්‍රස්ත කන්ඩායමක්. ඒවා රියල් ත්‍රස්ත වැඩ. යුක්‍රේනය කියන්නේ එ.ජා පිලිගත් රටක්. මේ රට යුද්දෙක ඉන්නෙ, යුක්‍රේනයට බෝම්බ දාපු, දාන මිලිටරි ආම්පන්න වලට තමා ගැහුවේ. රුසියාව ගහන්නෙ එක්කො ශොපින් මෝල් එකකට, එක්කො කෝච්චි ස්ටේශමකට, එක්කො ඉස්කෝලෙකට. රුසියාවත් මේ වගෙම හැන්ගිලා තමයි කර්ස්ක් වලට ගැහුවෙ ගෑස් බටේ දිගේ ගිහින්. එහෙම තමයි බන් යුද්ද. එක පැත්තකින් යුදබිමේ සටන් යනකොට අනිත් පැත්තෙන් සැබටාජ් වැඩ යනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    මොනාද බන් මේ කියන්නෙ? කොටි කියන්න ත්‍රස්ත කන්ඩායමක්, පෙන්ටගනේට ගැහුවෙ අල් කයිඩ ත්‍රස්ත කන්ඩායමක්. ඒවා රියල් ත්‍රස්ත වැඩ. යුක්‍රේනය කියන්නේ එ.ජා පිලිගත් රටක්. මේ රට යුද්දෙක ඉන්නෙ, යුක්‍රේනයට බෝම්බ දාපු, දාන මිලිටරි ආම්පන්න වලට තමා ගැහුවේ. රුසියාව ගහන්නෙ එක්කො ශොපින් මෝල් එකකට, එක්කො කෝච්චි ස්ටේශමකට, එක්කො ඉස්කෝලෙකට. රුසියාවත් මේ වගෙම හැන්ගිලා තමයි කර්ස්ක් වලට ගැහුවෙ ගෑස් බටේ දිගේ ගිහින්. එහෙම තමයි බන් යුද්ද. එක පැත්තකින් යුදබිමේ සටන් යනකොට අනිත් පැත්තෙන් සැබටාජ් වැඩ යනවා.

    යකෝ යුද්දේ කියන්නේ රටක් අැතුලට හොරෙන් ගිහින් කෝච්චි පාරවල් වලට බෝම්බ තියන්නයි warplanes වලට ඩ්‍රෝන් වලින් ගහන ඵකයි නෙමෙයි..ඒවා මහ දෙකේ පංතියේ උන්ගේ නිවට වැඩ..අැයි මහ ලොකු NATO උන් ඉන්න ඵකේ face to face යුද්ද කරන්න බැරි..ඵහේ පරදිනකොට ඔය වගේ නිවට වැඩ කරනව උඹලා වගේ උන්ව චූන් කරන්න..🤣🤣..

    අල්කයිඩා ත්‍රස්තවාදී වුනේ අැමරිකාවට ගැහුවට පස්සේ කියලා උඹ දන්නවද?🤣🤣
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    යකෝ යුද්දේ කියන්නේ රටක් අැතඅලට හොරෙන් ගිහින් කෝච්චි පාරවල් වලට බෝම්බ තියන්නයි warplanes වලට ඩ්‍රෝන් වලින් ගහන ඵකයි නෙමෙයි..ඒවා මහ දෙකේ පංතියේ උන්ගේ නිවට වැඩ..අැයි මහ ලොකු NATO උන් ඉන්න ඵකේ face to face යුද්ද කරන්න බැරි..ඵහේ පරදිනකොට ඔය වගේ නිවට වැඩ කරනව උඹලා වගේ උන්ව චූන් කරන්න..🤣🤣
    ඉස්සෙල්ලම තේරුම් ගනින් මට යුක්‍රේනයෙනවත් රුසියාවෙන්වත් සල්ලි ලැබෙන්නෙ නෑ. :rofl:
    උබ යුද්දය ගැන තව ටිකක් හොයල බලපන්, හින්දි ෆිල්ම් වල වගේ "එනව නම් මූනට මූන වරෙන් " කියලා යුද්ද කරන්නෙ නෑ. රුසියාව එක රැයකට ඩ්‍රෝන 200ක් යවනවා යුක්‍රේනෙට. යුක්‍රේනෙ මාස ගානක් දගලල ඩ්‍රෝන 117යි යැව්වෙ. දෙයක් කියනකොට මධ්‍ය්ස්තව බලල කියපන්. ඔය ෆිල්ම් වල පොත් වල එහෙමත් නැත්නම් හීනෙන් දකින විදියට ලෝකෙ යුද්ද කරන්නෙ නෑ. :D


    අල්කයිඩා ත්‍රස්තවාදී වුනේ අැමරිකාවට ගැහුවට පස්සේ කියලා උඹ දන්නවද?🤣🤣
    The U.S. Secretary of State officially designated Al-Qaeda as a Foreign Terrorist Organization (FTO) on October 8, 1999.
    ------ Post added on Jun 5, 2025 at 11:22 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    ඉස්සෙල්ලම තේරුම් ගනින් මට යුක්‍රේනයෙනවත් රුසියාවෙන්වත් සල්ලි ලැබෙන්නෙ නෑ. :rofl:
    උබ යුද්දය ගැන තව ටිකක් හොයල බලපන්, හින්දි ෆිල්ම් වල වගේ "එනව නම් මූනට මූන වරෙන් " කියලා යුද්ද කරන්නෙ නෑ. රුසියාව එක රැයකට ඩ්‍රෝන 200ක් යවනවා යුක්‍රේනෙට. යුක්‍රේනෙ මාස ගානක් දගලල ඩ්‍රෝන 117යි යැව්වෙ. දෙයක් කියනකොට මධ්‍ය්ස්තව බලල කියපන්. ඔය ෆිල්ම් වල පොත් වල එහෙමත් නැත්නම් හීනෙන් දකින විදියට ලෝකෙ යුද්ද කරන්නෙ නෑ. :D

    ඉතිං ඒක තමා කියන්නේ යුක්‍රේන් උන් දන්නවා උන්ගේ නොහැකියාව ගැන..ඒකනේ ඔය වගේ දෙයක් කරේ ඒකත් අවුරුදු ඵකහමාරක් ප්ලෑන් කරලා රටවල් 26න්ම උදව් අරන්🤣ඉතිං උඹ කොහොමද කියන්නේ රුසියාව දුර්වලයි කියලා???🤣🤣
     
    • Love
    Reactions: S.GUNE

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    ඉතිං ඒක තමා කියන්නේ යුක්‍රේන් උන් දන්නවා උන්ගේ නොහැකියාව ගැන..ඒකනේ ඔය වගේ දෙයක් කරේ ඒකත් අවුරුදු ඵකහමාරක් ප්ලෑන් කරලා රටවල් 26න්ම උදව් අරන්🤣ඉතිං උඹ කොහොමද කියන්නේ රුසියාව දුර්වලයි කියලා???🤣🤣
    කොහෙද බන් මම කිව්වේ රුසියාව දුර් වලයි කියලා? මම කිව්වේ බුද්දි අන්ශෙ දුර් වලයි කියලා. අනික ඔය යුක්‍රේනෙ කියන විදියට ප්ලේන් 40 කෙල වෙලා නෑ. ස්වාදීන මාද්‍ය කියන්නෙ උපරිම 10-12 විනාශ වෙලා, තව 10ක් වගේ ඩැමේජ් වෙලා කියලා. අනික ඔය ඇටෑක් එකෙන් රුසියාවෙ යුද ශක්තිය අඩු වෙන්නෙ නෑ. ඒකත් කියන්නෙ බටහිර මාද්‍යමයි. නමුත් පිලිගන්න ඕන රුසියාවේ ආරක්ශක හැකියාව අඩුයි. ඒ නිසයි යුක්‍රේනෙට පුලුවන් උනේ ගහන්න. නේටෝ රටවල් 36ක් එක්ක සටන් කරන්න ලේසි නෑ, නමුත් ඒ වගේ දස ගුනයක් රුසියාව පරිසම් වෙන්න ඕන ඒත් එහෙම වෙන්නෙ නෑ, ගහල යනකම් දන්නෙ නෑ. ලෝකෙ දෙවෙනියට හොදම බුද්දි අන්ශෙ උන FSB මෙතනදි හොදටම ෆේල්.

    ආයෙත් මම කියන්නෙ මේක ත්‍රස්ත ඇටෑක් එකක් නෙමේ, සාමාන්‍ය යුද ටැක්ටික් එකක්, ඒකෙන් මේ සිදුවීමේදි රුසියාව පරාද උනා, ලොකු අවනම්බුවක් එක්ක. ඒ වගේම තමා ඔයිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් දෙන්න රුසියාවට බෑ. අපි මේ දේ තව දවස් 4-5කින් බලමු රුසියාවේ රෙස්පොන්ස් එක බලල.