ශ්‍රී ලංකාවේ නාමය මුලු ලොව පුරාම ප්‍රචලිත කිරිමට අපේ රටේ බාල, තරුණ, මහලු සියලුම දෙනා සමත්වි සිටිම අපට ඉමහත් ආඩම්බරයකි. විශේෂයෙන්ම අප ආඩම්බර විය යුත්තේ ඔවුන් තුළ ඇති ඉවසිලිමත් බවත්, විනයගරුක බව සහ අධ්ස්ඨානශිලි බවත් පිළිබඳවය. එමෙන්ම කැපවීමෙන් යුතුව තමා වෙත පැවරෙන කුමක් වුවත් වගකීමෙන් යුතුව නොපිරිහෙලා ඉටුකිරීමට තිබෙන හැකියාව අපට ආඩම්බරයකි.